DNA නැනෝ තාක්ෂණය
මෙම ලිපිය |
නැනෝ තාක්ෂණය |
---|
පිළිබද ලිපි මාලාවක කොටසකි |
බලපෑම් සහ භාවිතය |
නැනෝ උපකරණ |
අණුක ස්වයං ක්‍රියාකාරිත්වය |
නැනෝ ඉලෙක්ට්‍රෝනික විද්‍යාව |
නැනෝ මානවේදය |
අණුක නැනෝ තාක්ෂනය |
DNA නැනෝ තාක්ෂණය යනු නැනෝ තාක්ෂණයේ උප අංශයකි. එහි දී DNA හා අනෙකුත් න්‍යෂ්ටික අම්ලවල ආවේණික අණු හඳුනාගැනීමේ ගුණ යොදා ගෙන DNA මඟින් පාලනය කළ හැකි නව ව්‍යුහ නිර්මාණය කරයි. එමනිසා DNA ජෛව නැනෝ තාක්ෂණයට උදාහරණයක් බවට පත් කරමින් ජෛව තොරතුරු වාහකයක් ලෙස නොව ව්‍යුහාත්මක ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරයි. මෙයට අණු ස්ව එකලස් වීමේ හා DNA පරිගණනයේ යෙදීම් ඇත.
DNA අණුවේ සිව්බාහු සන්ධිය
[සංස්කරණය]වම - ක්‍රමානුරූප දකුණ - වඩාත් ප්‍රායෝගික ආකෘතියක් එකිනෙකට වෙන් වූ තනි DNA පොට හතර එකිනෙකට වෙනස් වර්ණවලින් දක්වා ඇත.
ද්විත්ව හරස්මාරු (DX) අණුවක්. මෙම අණුව තනි DNA පොට පහකින් යුක්ත වන අතර එමඟින් සමාන්තර නොවන ද්විත්ව හෙලික්සීය වසම් දෙකක් ඇති කරයි. ඒවා රූපයෙහි වමේ හා දකුණේ දැක්වේ. එහි හරස් මාරු ලක්ෂ්‍ය දෙකක් පවතින අතර ඒවායේ දී පොටවල් එක් වසමක සිට අනෙක් වසමට මාරු වේ. 2004 මාඕ ගෙන් ගත් රූපයක්.
DNA නැනෝ තාක්ෂණය ප්‍රයෝජනවත් ගුණවලින් යුක්තව DNA සංකීර්ණ සෑදීම සඳහා අතු බෙදුනු DNA ව්‍යුහ භාවිතා කරයි. සාමාන්‍යයෙන් DNA රේඛීය අණුවකි. එහි අක්ෂය අතු නොබෙදී පවතී. කෙසේ නමුත් සන්ධි සහිත වන පරිදි DNA අණු ද නිපදවිය හැකිය. උදාහරණ ලෙස එකිනෙකට අභිලම්භ නිවැරදි රටාවේ ඇති තනි DNA පටවල් 4කින් සිව් බාහු සන්ධියක් තැනිය හැකිය. වොට්සන් ක්‍රීක් පාදම් යුගලනය නිසා ඩියුප්ලෙක්ස් DNA තැනීම සඳහා පොටෙහි එකිනෙකට අභිලම්භ කොටස් පමණක් එකිනෙකට සම්බන්ධ වේ. මෙම සිව් බාහු සන්ධිය හොලිඩේ සන්ධියක ස්ථිර ආකාරයකි.
වඩා සංකීර්ණ අණුවල දී ද සන්ධි භාවිතා කළ හැකිය. මෙයින් වඩාත් වැදගත් වන්නේ ද්විත්ව හරස් මාරු හෝ DX මාතිකාවයි. මෙහි දී සාමාන්තර නොවන DNA දාම 2ක් එකිනෙකට ආසන්නයෙන් පවතින අතර පටක් එක් දාමයක සිට අනෙකකට මාරු වන සන්ධි ලක්ෂ්‍ය දෙකක් හුවමාරුවේ තබා ගනී. මෙම අණුවේ දී හරස් බාහු සන්ධියක දී මෙන්ම සුනම්‍ය වන ආකාරයකට සන්ධි ස්ථාන හැඩ ගැසීම වාසියක් වේ. මෙමඟින් වඩා විශාල DNA සංකීර්ණ සඳහා සුදුසු ව්‍යුහාත්මක තැනුම් ඒකකයක් බවට DX මාතිකය පත් වේ.