CIA ගැන අභ්‍යන්තර සමාලෝචනය

විකිපීඩියා වෙතින්

CIA ගැන අභ්‍යන්තර සමාලෝචනය

CIA ප්‍රධාන පරික්ෂක 9/11 පහරදීමට පෙර CIA හි ක්‍රියාකාරීත්වය පිළිබඳව අභ්‍යන්තර සමාලෝචනයක් පැවැත්වූ අතර වැඩිමල් CIA නිලධාරින් ත්‍රස්තවාදයට මුහුණදීමට අවශ්‍යය සියලු දෑ නොකලබවට තදින් විවේචනය කලේය. මෙම විවේචනයට 9/11 ගුවන් කොල්ලකරුවන් වන නවාෆ් අල් හස්මි හා කලීද් අල් මිද්හාර් ඇමරිකාවට පැමිණිම වැලැක්වීම ඔවුන් පිළිබඳ දත්ත FBI ට සැපයීම අපොහොසත් වීම යන කරුණු ඇතුලත්ය.

2007 මැයි මාසයේදී, ප්‍රජාතාන්ත්‍රික පක්ෂයේ හා ජනරජ පක්ෂයේ සෙනෙට් සභිකයන් අභ්‍යන්තර CIA පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමටනීතිපතක් කෙටුම්පත් කලේය. මෙයට අනුබල දෙන්නෙකු ර්‍ව සෙනෙට් සභික රොන් වයිඩන් සඳහන් කලේ "ඇමරිකානු ජනතාව 9/11 ප්‍රහාරයට පෙර CIA විසින් කල කාර්යභභාරය පිළිබඳව දැන සිටිය යුතු බව හා මෙම වාර්තාව පිට වනතුරු එඑයට බලපෑම් ඇති කරන බවය". මෙම වාර්තාව CIA පුද්ගලයන්ගේ 9/11 ප්‍රහාරයට පෙර හා පසු වගකීම් පරික්ෂණයට ලක් කරයි. වාර්තාව 2005 දි සම්පූර්ණ කල අතර එහි විස්තර ජනතාවට කිසි දිනක එළි නොකරන ලදී.

දිගු කාලීන බලපෑම්

ආර්ථිකමය විපාක

ඇමරිකානු ලෝක වෙළඳපලට මෙම ‍පහර සැලකිය යුතු බලපෑමක් එල්ල කලේය. නිව්යෝක් තොග හුවමාරුව, ඇමරිකානු තොග හුවමාරුව හා NASDAQ සැප්තැම්බර් 11 සිට සැප්තැම්බර් 17 වන තුරු වසා තිබිණි. නැවත තොග වෙළඳ පල විවෘත කිරීමේදී "ඩෝව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය" දිනක සිදුවු වැඩිම කොටස් වැටීම වාර්තා කරමින්, තොග වෙළඳපල දර්ශකාංකය කොටස් 684 කින් හෝ 7.1% කොටස් 8921 දක්වා වැටිණ. එම සතිය අවසාන වන විට, සතියක වැඩිම කොටස් වැටීම වාර්තා කරමින්, ඩෝම් ‍ජෝන්ස් කාර්මික සාමාන්‍යය කොටස් 1369.7 (14.3%) පහත වැටිණ. නිව්යෝක් නගරයේ ප්‍රහාරයෙන් මාස 3ක් තුලදී ආසන්න ව‍ශයෙන් 430,000 ප්‍රමාණයකට රැකියා අහිමි වු අතර ඩොලර් බිලියන 2.8 පමණ රැකියා පඩි අහිමිවිය. ආර්ථිකමය ප්‍රතිවිපාක මූලික ලෙස නගරයේ අපනයන ආර්ථික අංශයට බලපෑවේය. 2001 වසරේ අවසාන මාස 3 හා 2002 වසර පුරාවටම නිව්යෝක් නගරයේ GDP ය ඩොලර් බිලියන 27.3 කින් වැටිණි. 2001 සැප්තැම්බර් මසදී කඩිනම් සහයක් ලෙස ඩොලර් මිලියන 11.2 ක්ද 2002 වසරේ මුල් භාගයේදී ආර්ථික හා යටිතල පහසුකම් දියුණු කිරීමට ඩොලර් බිලියන 10.5 ක්ද ලෙස ආධාර පෙඩරල් ආණ්ඩුව විසින් නිව්යෝක් නගරයේ ආණ්ඩුවට ලබා දෙන ලදී.

ලෝක වෙ‍ළඳ මධ්‍යස්ථානය ළඟ පිහිටා තිබු මෑන් හැටන් හි කුඩා ව්‍යාපාරවලට මෙම පහරවලින් විශාල බලපෑමක් ඇතිවිය. ආසන්න වශයෙන් 18,000 පමණ කුඩා ව්‍යාපාර විනාශ වීම හෝ ස්ථාන මාරුවීමකට ලක්විය. කුඩා ව්‍යාපාර පරිපාලනය මඟින්ද, සමහර සංවර්ධන දීමනා මඟින්ද හා ආර්ථික අලාභානි විනාශ ණය මඟින්ද පෙඩරල් රජය ණය ආධාර සපයන ලදී. වර්ග අඩි මිලියන 31.9 වන මෑන් හැටන් කාර්යාල ඉඩ විනාශ වීම හෝ නාස්ති වීම සිදුවිය. මෙම විනාශ වූ රැකියා ද විනාශ වූ බදු පදනම ද යලි ස්ථාපිත කල හැකි දැයි බෙහෝ අය ප්‍රශ්න කලේය. මෙම ප්‍රහාරයේ ආර්ථිකම හැදැරීම් තහවුරු කරන්නේ කලින් බලාපොරොත්තු වූවාට වඩා එම පහරේ බලපෑම සීමිත බවයි.

උතුරු ඇමරිකාවේ ගුවන් අවකාශය දින ගණනකට වසා දැමු අතර නැවත විවෘත කිරීමෙන් පසුව ගුවන් ගමන් සැලකිය යුතු ලෙස අඩුවිය. මෙම පහරදීම් ගුවන් ගමන් ධාරිතාවෙන් 20% ක් පමණ අඩුකල අතර ඇමරිකානු ගුවන්ගමන් කර්මාන්තයේ ආර්ථික ප්‍රශ්න දරුණු ලෙස වැඩකිරීමට හේතුවිය.