Bandula Jayawardane

විකිපීඩියා වෙතින්

බන්ධුල ජයවර්ධන

1926 ජුනි 15 වන දින රත්නපුර මොරගහටය ග්‍රාමයේ දී කහන්දවල ආරච්චිගේ දොන් පීටර් ජයවරධන සහ මර්සියානා විජේසිංහ දම්පතීන්ට දාව කහන්දවල ආරච්චිගේ දොන් බන්ධුල ප්‍රේම ජයවෙර්ධන නමින් උපත ලැබීය.

·        පාසල් අධ්‍යාපනය රත්නපුර ජේසු බිළින්දුගේ කන්‍යාරාමය,පර්ගසන් උසස් විද්‍යාලය,සීවලී විද්‍යාලය සහ කොල්ලුපිටියේ ශාන්ත පීතර විද්‍යාලය

·        පේරාදෙනිය විශ්ව විද්‍යාලය - දර්ශනය පිළිබද විශේෂ උපාධිය - ඉංග්‍රිසි මාධ්‍ය (1954)

·        ගුරු වෘතිය - රත්මලාන ධර්මාලෝක විද්‍යාලය සහ රත්නපුර ශාන්ත ඇලොෂියස් විද්‍යාලය

·        බෙ!ද්ධ විශ්ව කෝෂයේ කතෘ මණ්ඩල සාමාජික,සහකාර කතෘ,ප්‍රධාන කතෘ

·        විශ්ව විද්‍යාල බාහිර කතිකාචාර්ය

·        සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම්

·        සංස්කෘතික දෙපාර්තමේනතුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ

·        ඔහු 1968 සිට සිංහල නාට්‍ය අනු මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ ඔහු 1976 දී සිංහල නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති ධුරයට පත්විය.

ඉන් පසු 1984,1985,1986 වසරවලදී නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති ධුරය දැරීය.

·        රාජ්‍ය නාට්‍ය උළෙල ඇතුළු ජාතික මට්ටමේ නාට්‍ය තරග විනිශ්චය මන්ඩල හිටපු සාමාජික

·        මුල් යුගයේ නාට්‍ය නිර්මාණ කටයුතු පේරාදෙනිය ව්ශ්ව විද්‍යාලයේ සිසුන්,කාර්ය මන්ඩල සාමාජිකයන් යොදාගෙන මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මග පෙන්වීම හා

උනන්දු කරවීම් සමග නිර්මාණය වූ ඒවාය.( පේරාදෙනියේ දී මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග එකම කුටියේ වෙසෙමින්  ගත කළ කාලය මෙහුගේ නිර්මාණ ජීවිතය

පෝෂණය වීමට මහත් පිටු බලයක් සැප යීය)

·        බෙ!ද්ධ විශ්ව කෝෂයේ සහ සිංහල විශ්ව කෝෂයේ කටයුතු කරන අවදියේ දී මහාචාර්ය ගුණපාල මළලසේකරයන්ගේ වියත් ඇසුර ලැබීය

·        ශ්‍රී ලංකාවේ පාසල් තුළ නාට්‍ය අධ්‍යාපනය ගුණාත්මකව ප්‍රචලිත කිරීමට ශාස්ත්‍රීය දැනුම නොමදව ලබා දී ඇත.

·        විශ්ව විද්‍යාලවල මෙන්ම ටවර් හෝල් රගහල පදනම වැනි  නාට්‍ය සදහාම කැපවුණු ආයතනයන් හී විධිමත් නාට්‍ය පාඨමාලා ආරම්භ කිරීමට විෂය මාලා සැකසීමට හා

උපාධි වැඩසටහන් ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය.

නිර්මාණ

·        ඝෝෂක වස්තුව (1958)

·        බෙරහඩ (1961)

·        ස්වරණ හංස (1965)

·        දියසේන නොපැමිණීම (1965)

·        බිහිවනු බෝසතාණනි (1966)

·        ස්වරණමාලි (1999)

. සකලජන (1986)

. මොනර පිල් (1992)

මුද්‍රිත පොතපත සහ ශාස්ත්‍රීය සංග්‍රහ

·        රූපණ 1 සඟරාව

·        හැම්ලට් නාට්‍ය කලාව  හා ප්‍රේක්‍ෂක ඔබ(චන්ද්‍ර සෝම විතාන සමග)

·        සකලජන  – Everyman නාට්‍යෙය් අනුවර්තන රචනයකි. ධම්ම ජාගොඩ විසින් නිෂ්පාදිතයි.

·        සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය කලාව (1994)(විජේරත්න පතිරාජ සමග)

·        නාට්‍ය ප්‍රභේද (ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන්)

·        Barefoot to Immortality (අමරණීයත්වයට පියමං කිරීම)

·        මොනරපිල් (1992)

·        කඹය (රෝම ප්‍රහසන නාට්‍යකරවකු වන ප්ලෝටස් ගේ රැඩෙන්ස් නාට්‍යෙය් සිංහල පරිවර්තනය)

·        ස්වර්ණමාලී නාට්‍ය පෙළ අධ්‍යයනය

·        A Brush Stroke Sketch of the Contemporary Sinahala Theatre 1950 – 1980 (1996)

·        විවාහය 1970

·        බිරිද - පෙමාලි ජයවර්ධන

·        දියණිය - රනිති ජයවර්ධන

·        අභාවය - 2003 නොවැම්බර් 21

"https://si.wikipedia.org/w/index.php?title=Bandula_Jayawardane&oldid=461949" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි