B-2 Spirit (B-2 නිරීක්ෂ්‍ය නොවන බෝම්බ හෙලන ගුවන් යානය)

විකිපීඩියා වෙතින්

Northrop Grumman ආයතනය විසින් නිමවා ඇති අධිබල ඇමරිකානු ගුවන්යානය අඩුවෙන් නීරීක්ෂ්‍ය වන හෙවත් Stealth Technology භාවිතයෙන් නිමවා ඇත්තේ ගුවන් යානා නාශක රේඩාර් පද්ධති වලට නිරීක්ෂනය නොවී සතුරු ඉලක්ක වෙත සාමාන්‍ය සහ න්‍යෂ්ටික ප්‍රහාර දියත් කිරීමටය. යානය නිපදවීමට දරණ පිරිවැය සහ ක්‍රියාන්විත පිරිවැය නිසා මෙම ව්‍යාපෘතිය පෙන්ටගනය තුල මතභේදයට ලක් වූවකි.එම නිසා 1990 මුල් කාලයෙදී පෙන්ටගනය මගින් මිලදී ගැනීමට යොජනා කර තිබූ යානා ගනන 132 සිට 21 දක්වා පහත වැටුනි.

1997 වසර වන විට B-2 යානයක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 737 වූ අතර මිලදිගැනීමේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 929 විය.මේ සදහා අමතර කොටස්,මෘදුකාංග සහය ආදිය ඇතුලත් විය. ඇමරිකානු ගුවන් හමුදාව සතුව B-2 ගුවන් යානා 21 ක් විය.බොහොමයක් 1980 කාලයේදී පැවති සීතල යුද්ධ සමයේ භාවිතයට ගන්නා ලද අතර 1990 අග භාගයෙදි සර්බියාව හා කොසොවෝ අතර ගැටුමෙදිද සර්බියවට බෝම්බ හෙලීමට භාවිත කරන ලදි.මෑත කාලයෙදි ඉරාකය සහ ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් කටයුතු සදහාද භාවිත කල අතර එහිදි 2008 වසරෙදි සිදුවූ අනතුරකින් එක් යානයක් විනාශයට පත් විය.

මෙම යානය නියමුවන් දෙදෙනෙකුගෙන් සමන්විත වන අතර කිලො ග්‍රෑම් 230 පන්තියේ ගෝලීය තැන් සෙවුම් පද්ධති මගින් හැසිරවිය හැකි බෝම්බ හෝ කිලො ග්‍රෑම් 1100 න්‍යශ්ටික බෝම්බ එක් වර රැගෙන යා හැකිය.

නිෂ්පාදනය[සංස්කරණය]

ATB ව්‍යපෘතිය[සංස්කරණය]

B-2 ගුවන් යානය 1979 ඇරඹි උසස් තාක්ෂණ බෝම්බ හෙලන ගුවන්යානා ව්‍යපෘතියෙන්(ATB black project) සම්භුත වූවකි.1980 අගෝස්තු 22 දින මෙම ගුවන්යානය නිපදවන බව අනාවරනය කරන ලදි.මැතකදි හෙලිදරව් කල කරුණු අනුව Massachusetts Institute of Technology හි විද්‍යඥයින් මෙහි දියුනුව සදහා දායක වී ඇත.විවිධ ආයතන මගින් එවා තිබූ යොජනා අතරින් සහ අවසානයේ තොරා ගන්නා ලද අතර ඒ අතරින් සැලසුම් නිර්මානය තොරාගන්නා ලදි. විවිධ ආයතන මගින් එවා තිබූ යොජනා අතරින් විවිධ ආයතන මගින් එවා තිබූ යොජනා අතරින් Northrop/Boeing සහ Lockheed/Rockwell අවසානයේ තොරා ගන්නා ලද අතර ඒ අතරින් Northrop/Boeing සැලසුම් නිර්මානය තොරාගන්නා ලදි. සහ අවසානයේ තොරා ගන්නා ලද අතර ඒ අතරින් සැලසුම් නිර්මානය තොරාගන්නා ලදි. Northrop සැලසුම් නිර්මාණයට B-2 spirit යන නම ලබා දෙන ලදි.


1980 මැද කාලයේදී මෙම නිර්මාණයේ සුලු වෙනස් කමක් ඇති කරන ලදි.මෙම වෙනස්කම B-2 ගුවන්යානයේ මුල් පියාසැරුම වසර 2 පමා කල අතර ඇමරිකානු ඩොලර් බිලියනයක් මුලු පිරිවැයට අලුතින් එක් විය. ඇස්තමෙන්තු කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන විසි තුන නිර්මාණය සහ පර්යේෂණය සදහා රහසිගත් ලෙස වියදම් කරනු ලැබූ අතර,1989 වන විට කැලිෆොනියවේ නිෂ්පාදනාගාරය සදහා 13,000 පිරිස යොදා ගන්නා ලදි.

ප්‍රතිසම්පාදනය[සංස්කරණය]

1980 මැද භාගයේදී ගුවන්යානා 132ක් සදහා ප්‍රතිසම්පාදනය වූ නමුත් පසුව එය 75 දක්වා අඩු කෙරිණ.1990 මුල් කාලයෙදී සෝවියට් සමූහාන්ඩුව සීතල යුද්ධය අත හැර දැමිමෙන් පසුව අයවැය පිළිබද ගැටලු හා විරුද්ධ පක්ෂයේ බලපැම් මත B-2 ගුවන් යානා නිපදවීම 20 දක්වා අඩු කෙරුණි.මේ සදහා වියදම් වූ අති විශාල මුදල් සම්භාරය පරිඝනක මුල් කොට ගත් නිර්මාණය සහ විවිධ දේශපලනමය මූල්‍ය තීරණ සදහා වැය විය

ඔත්තු බැලීම[සංස්කරණය]

Northrop ආයතනයේ සෙවකයෙකු 1984 දී ගුවන් යානාව පිලිබද තොරතුරු ආයතනයෙන් සොරකම් කොට සෝවියට් රුසියාවට අලෙවි කිරිමට යාමේදී අසු විය.තවත් සෙවකයෙකු 2005 වසරෙදී තොරතුරු පිට කිරීම සම්බන්ධව හසු විය.

ව්‍යපෘති වියදම[සංස්කරණය]

ඇමරිකානු සාමන්‍ය ගනකාධිකරණ ආයතනය මගින් මෙම ගුවන් යානය වැඩිම වියදමක් යන බෝම්බ හෙලන ගුවන් යානය බව 1996 වසරෙදී නිවේදනය කරන ලදි.මෙම වියදම B-1 ගුවන්යානයක් මෙන් තුන් ගුණයක්ද,B-52H ගුවන්යානයක් මෙන් හතර ගුණයක්ද විය.මෙම ගුවන්යානයේ සෑම පැයක ගුවන් ගමනකටම තවත් පැය 119 ක නඩත්තු කාලයක් අවශ්‍ය වේ.මෙම කාලය B-1,B-52H සදහා පිලිවෙලින් පැය 53 හා 60 වේ.නඩත්තු කටයුතු සදහා විශාල අහස්යාත්‍රන්ගන අවශ්‍ය වීම මෙම වැඩි වියදම් ගෙන දීමට හෙතු විය.

විරුද්ධතාවය[සංස්කරණය]

ගුවන්යානය නිපදවිම සහ නඩත්තු කටයුතු සදහා වියදම් වන අධික මුදල නිසා 1989-1990 අතර තුර මෙම යානය නිපදවිම් සෑම දෙනාගෙම දොෂ දර්ශනයට ලක්විය.මෙ අතර ගුවන් යානය ගෙන යන අධික බර සහිත අවි සහ බොම්බ රෙඩාර් පද්ධති මගින් නිරික්ෂණය විමද ගැටලුවක් විය.

නවීකරණය[සංස්කරණය]

වසර 2008 දී ගුවන්යානයේ අවි පද්ධතිය චලනය වන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල හැකි වන පරිදි නවීකරණය කරන ලදී.මේ අතර ගුවන් යානය සතු රෙඩාර් පද්ධතියද නවීකරණය කරන ලද අතර එය අත්හදාබැලීමද සාර්ථක විය.

මෙහෙයුම් ඉතිහාසය[සංස්කරණය]

පළමු ක්‍රියාකාරී AV-8 Spirit of Missouri ගුවන්යානය Whiteman ගුවන් හමුදා කදවුර වෙත 1993 දෙසැම්බර් 17 ලබා දෙන ලදී.

ප්‍රහාර[සංස්කරණය]

යානය සංග්‍රාම තුනකදී මෙ වන විට ප්‍රයෝජනයට ගෙන ඇත.

1.කොසෝවො යුද්ධය

2.ඇෆ්ගනිස්ථනය

3.ඉරාකය

භාවිතය[සංස්කරණය]

යානය භාවිත කරනු ලබන්නේ ඇමරිකානු ගුවන් හමුදාව මගින් පමණි.

   * 509th Bomb Wing, Whiteman Air Force Base (currently has 19 B-2s)
         o 13th Bomb Squadron
         o 393d Bomb Squadron
         o 394th Combat Training Squadron
   * 131st Bomb Wing, Whiteman Air Force Base (Missouri Air National Guard)[49]
         o 110th Bomb Squadron
   * 412th Test Wing, Edwards Air Force Base (currently has 1 B-2)
         o 419th Flight Test Squadron
   * 53d Wing, Eglin Air Force Base (former)
         o 72d Test and Evaluation Squadron, Whiteman Air Force Base
   * 57th Wing, Nellis Air Force Base (former)
         o 325th Weapons Squadron, Whiteman Air Force Base
         o 715th Weapons Squadron (inactivated)

අනතුරු[සංස්කරණය]

Spirit of Kansas ලෙසින් නම් කරන ලද B-2 යානය2008 පෙබරවාරි 23 දින ගුවන් ගත වී මොහොතකින් Andersen Air Force Base ගුවන්පථය මතට කඩා වැටීමෙන් අනතුරට පත් විය.මෙය පළමු B-2 යානා අනතුර වූ අතර ගුවන්යානය ගුවන් පැය 5176 ක් පියාසර කර තිබුණි.අනතුරට ලක් වූ අවස්ථවේ එහි සිටි නියමුවන් ගුවන් යානයෙන් පිටතට පැන(ejected) අනතුරෙන් බෙරී ඇත.ගුවන් යානා අනතුර නිසා විනාශ වූ ගුවන් පථය නැවතත් යථාතත්වයට පත් කිරීම සදහා දින 53ක් වැය විය.

ගුවන්යානා ප්‍රදර්ශනය[සංස්කරණය]

ගුවන් යානාවක් සදහා දරන ලද වියදම නිසා මෙතෙක් ස්ථිර ප්‍රදර්ශනය සදහා යානාවක් තබා නොමැති අතර,විවිධ ගුවන් යානා සංදර්ශන සදහා පමණක් යොදා ගනී. 2004 දී නිශ්චල පරීක්ෂාව සදහා එන්ජිම සහ විශේෂ උපාංග රහිතව නිපදවන ලද යානාවක් National Museum of the United States Air Force හි ප්‍රදර්ශනය සදහා තබා ඇත. 1989 සිට 2004 වසර දක්වා හොන්ඩා ආයතනය විසින් වෙළද දැන්වීමකට නිපදවන ලද යානය South Dakota Air and Space Museum හි ප්‍රදර්ශනය සදහා තැබූ අතර 2005 වසරෙදී South Dakota Air and Space Museum වෙත ලැබුනු b-1 lancer යානය නිසා පලමු යානය විනාශ කරන ලදී

පිරිවිතර[සංස්කරණය]

සාමාන්‍ය ලක්ෂණ

  නාවුක පිරිස: 2
  දිග: 69 ft (21.0 m)
  පියාපත් විහිදුම් දිග: 172 ft (52.4 m)
  උස: 17 ft (5.18 m)
  පියාපත් ක්ෂෙත්‍රඵලය: 5,140 ft² (478 >m²)
  හිස් බර : 158,000 lb (71,700 kg)
  සම්පූර්ණ බර: 336,500 lb (152,200 kg)
  උපරිම පියාසර ආරම්භ (takeoff)  බර: 376,000 lb (170,600 kg)
  බල සම්පාදනය: 4× General Electric F118-GE-100
  non-afterburning turbofans, 17,300 lbf (77 kN) each

ක්‍රියාකාරිත්වය

   උපරිම වේගය: Mach 0.95 (525 knots, 604 mph, 972 km/h)
   යාත්‍රා  වේගය: Mach 0.85[36] (470 knots, 541 mph, 870 km/h)
   පියාසර දුර: 6,000 nmi (11,100 km (6,900 mi))
   පියාසර උස: 50,000 ft (15,200 m)
   සම්පුර්ණ බර: 67.3 lb/ft² (329 kg/m²)
   උඩුකුරු තෙරපුම/බර: 0.205

යුධෝපකරණ

   * 2 internal bays for 50,000 lb (23,000 kg) of ordnance.[36]
    * 80× 500 lb class bombs (Mk-82) mounted on Bomb Rack Assembly (BRA)
   * 36× 750 lb CBU class bombs on BRA
   * 16× 2000 lb class weapons (Mk-84, JDAM-84, JDAM-102) mounted on Rotary Launcher Assembly (RLA)
   * 16× B61 or B83 nuclear weapons on RLA

B-2 යානා ලැයිස්තුව[සංස්කරණය]

ගුවන්යානා අංකය කොටස් අංකය USAF s/n විධිගත නම තත්වය
AV-1 Test/30 82-1066 Spirit of America 14 July 2000 — Active
AV-2 Test/30 82-1067 Spirit of Arizona 4 December 1997 — Active
AV-3 Test/30 82-1068 Spirit of New York 10 October 1997 — Active, Flight Test
AV-4 Test/30 82-1069 Spirit of Indiana 22 May 1999 — Active
AV-5 Test/20 82-1070 Spirit of Ohio 18 July 1997 — Active
AV-6 Test/30 82-1071 Spirit of Mississippi 23 May 1997 — Active
AV-7 10 88-0328 Spirit of Texas 21 August 1994 — Active
AV-8 10 88-0329 Spirit of Missouri 31 March 1994 — Active
AV-9 10 88-0330 Spirit of California 17 August 1994 — Active
AV-10 10 88-0331 Spirit of South Carolina 30 December 1994 — Active
AV-11 10 88-0332 Spirit of Washington 29 October 1994 — Active
AV-12 10 89-0127 Spirit of Kansas 17 February 1995 — 23 February 2008, Crashed
AV-13 10 89-0128 Spirit of Nebraska 28 June 1995 — Active
AV-14 10 89-0129 Spirit of Georgia 14 November 1995 — Active
AV-15 10 90-0040 Spirit of Alaska 24 January 1996 — Active
AV-16 10 90-0041 Spirit of Hawaii 10 January 1996 — Active
AV-17 20 92-0700 Spirit of Florida 3 July 1996 — Active
AV-18 20 93-1085 Spirit of Oklahoma 15 May 1996 — Active
AV-19 20 93-1086 Spirit of Kitty Hawk 30 August 1996 — Active
AV-20 30 93-1087 Spirit of Pennsylvania 5 August 1997 — Active
AV-21 30 93-1088 Spirit of Louisiana 10 November 1997 — Active
AV-22/AV-165 canceled