Archeological Remains

විකිපීඩියා වෙතින්

පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන[සංස්කරණය]

බෙරෙන්දි කෝවිල photo[සංස්කරණය]

සබරගමුව පළා‍ෙත් පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන පිළිබඳව කතා බහ කිරීමේදී බෙරෙන්දි කෝවිල අමතක කළ නොහැක. මෙය පළවන රාජසිංහ රජතුමා විසින් 16 වන සියවසේ මැද භාගය තුල ඉදි කර ඇති අතර අවිස්සාවේල්ල නගරයට සැතපුම් කාලක පමණ දුරක පිහිටා තිබේ. බෙරෙන්දි කෝවිලට ප්‍රතිවිරැද්ධ දිශාවේ මායාදුන්නේ රජතුමාගේ සහ ඔහුගේ පුත් රාජසිංහ රජතුමාගේ රජ මාළිගයේ නෂ්ටාවශේෂ ‍ෙසායාගෙන ඇත.


රාජසිංහ රජතුමා විසින් භික්ෂූන් වහන්සේලා 120 නමක් බෙරෙන්දි කෝවිල අසල පිහිටි ගංගාවේ ගිල්වා මරා දමා ඇතැයි කියනු ලැබේ. පුන් පොහෝ දින වල රාත්‍රී කාල වලදී මිනිස් දෑතට ස්පර්ශ කල නොහැකි රන්වන් පැහැගත් යාත්‍රාවක් මෙම ගංගාවේ පාවෙනු දක්නට ලැබේ යැයි මෙම ප්‍රදේශයේ ජනතාව පවසයි.


බෙරෙන්දි කෝවිලට ආසන්නයේම මානියන්ගම රාජකීය විහාරස්ථානය පිහිට් ඇත. මෙම විහාරයේ පිහිටි ගල්ලෙන් වල බිත්ති රමණීය බිතු සිතුවම් වලින් අලංකාර කර තිබේ.



සංකපාල විහාරය photo[සංස්කරණය]

සංකපාල විහාරයේ ඇති ගල්ලෙන් තුනෙහි තිබෙන ශිලා ‍ෙල්ඛන බුද්ධ වර්ෂ දෙවන සියවස තරම් ඈත අතීයේදී තනන ලද ඒවා යැයි සැලකේ. පැරණි වංශකතා වල සඳහන් වන පරිදි මේවා තනා ඇත්තේ බුද්ධ වර්ෂ 161 සිට 137 කාලය තුල ලංකාව පාලනය කළ දුටු ගැමුණු රජතුමාගේ යුද හමුදාවේ ප්‍රධාන අණ දෙන්නන් දස දෙනාගෙන් එක් අයකු වන ඵුස්ස දේව විසින්ය. එකල පැවති මහා යුද්ධය අවසානයේදී භික්ෂූන් වහන්සේ නමක් බවට පත් වූ ඵුස්ස දේව භාවනා කටයුතු කර ඇත්තේ සංකපාල විහාරයේ ඇති ගල් ලෙනකය.



දෙල්ගමුව රජමහා විහාරය[සංස්කරණය]

කුරුවිට දෙල්ගමුව රජමහා විහාරය අතීතයේදී වසර 44ක් පුරාවට බුදුරජාණන් වහන්සේගේ අති පූජනීය දන්ත ධාතූන් වහන්සේ සඟවා තබා ගැනීමට භාවිතා කල ස්ථානයක් ලෙස ප්‍රසිද්ධය. කෝට්ටේ පන්සල් සහ සිද්ධස්ථාන බාරව කටයුතු කළ පුද්ගලයා දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත් නොවූයෙන්, දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ මැණික් මංජුසාව ඔහුගේ ඇඳුම් අතරෙහි සඟවාගෙන දියවන්නා ඔය හරහා සීතාවක රාජධානියට ගොස් එම මැණික් මංජුසාව විශාල ඇඹරුම් ගලක ඇතුලේ සඟවා තබා ඇත.


මෙම ඇඹරුම් ගල ඉන් පසුව රහසේ දෙල්ගමුව රජමහා විහාරයට ගෙනවිත් තිබේ. පසු කාලීනව පළවන විමලධර්මසූරිය රජතුමා‍ෙග් කාලයේදී සොර සතුරු උවදුරු අඩු වූ පසුව දන්ත ධාතූන් වහන්සේ දෙල්ගමුව රජමහා විහාර‍ෙය් සිට නැවත නුවර දළදා මාළිගාවට ගෙනවිත් තිබේ.



අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලය[සංස්කරණය]

අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලය හා සම්බන්ධ අතීතය ක්‍රිස්තු වර්ෂ 1153 සිට 1186 දක්වා රජ කල පළවන පරාක්‍රමබාහු රජතුමා‍ෙග් කාලය දක්වා ගමන් කරයි. දපුළුසේන රජතුමාගේ කාල‍ෙය්දී තනවන ලද මෙම දේවාලය ශ්‍රර්‍ ලංකාවේ දැඩිමුන්ඩ දෙවියන් සඳහා තනවන ලද ප්‍රධානම පූජනීය ස්ථානය ලෙස හැඳින්විය හැකිය.


ආදිමය යුගයේදී තනන ලද විෂ්ණු දේවාලය තවමත් ඒ ආකාරයෙන්ම මෙහි දැකිය හැකි වන අතරම, කැටයම් කරන ලද ගල් පුවරු දෙකක්ද පැරණි ගල් කණු සහ කැටයම් නොකරන ලද ඍජුකෝණාස්‍රාකාර ගල් පේළි ‍ෙදකක්ද දැක ගත හැකි වේ.


වාර්ෂිකව ගිනි කෙළි සංදර්ශන සහ දිය කැපීමේ උත්සවයකින් සමන්විත වන පෙරහැරක් ජූලි සහ අගෝස්තු මාස අතර කාලයේදී මෙම දේවාලය මගින් පවත්වනු ලබයි.
"https://si.wikipedia.org/w/index.php?title=Archeological_Remains&oldid=461943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි