Jump to content

පිළි වෛරස මෘදුකාංග හා අනෙකුත් වැළැක්වීමේ ක්‍රම

විකිපීඩියා වෙතින්
(Anti-virus software and other preventive measures වෙතින් යළි-යොමු කරන ලදි)

බොහෝමයක් පරිශීලකයන්, පරිගණකය මඟින් බාගත කිරීමෙන් පසුව හෝ ක්‍රියා කරනවන්න (executable) ධාවනය කිරීමෙන් පසුව දන්නා වෛරස අනාවරණය කර නිශේදනය කරන පිළි වෛරස මෘදුකාංග ස්ථාපනය කරයි. පිළි වෛරස මෘදුකාංග යෙදුම් වෛරස අනාවරණය කර ගැනීමට බහුලව ක්‍රම 2ක් භාවිතා කරයි. පළමු වැන්න, බොහෝ දුරට බහුලවම භාවිතා වන ක්‍රමය, වන්නේ වෛරස අත්සන් අර්ථ දැක්වීම් ලැයිස්තුවක් යොදා ගෙන සිදු කරන ක්‍රමයයි. මෙය ක්‍රියාත්මක වන‍්නේ පරිගණක මතකය (එහි RAM හා බූට් සෙක්ටර්ස්) හා ස්ථාවර හෝ ජංගම ධාවකවල (දෘඩ ධාවන හා ෆ්ලොපි ධාවක) ගබඩා කර ඇති ගොනු පරික්ෂා කර එම ගොනු දන්නා වෛරස “අත්සන්” වල දත්ත සමූදායක් සමඟ සැසඳීමෙනි. මෙම අනාවරණ ක්‍රමයේ අවාසිය වනනේ පරිශීලකයන් ආරක්ෂා වන්නේ ඔවුන්ගේ අවසාන වෛරස අර්ථ දැක්වීම් යාවත්කාලීනයට (virus definition update) පෙර වූ වෛරස වලින් පමණි. දෙවැනි ක්‍රමය, සාමාන්‍ය හැසිරීම් මත පදනම් වූ වෛරස සෙවීමට ස්වයං ග්වේෂණ ක්‍රමයක් යොදා ගනී. මෙමෙ ක්‍රමයේ දී “අත්සන්” නිර්මාණය කර නැති වෛරස පවා අනාවරණය කර ගැනීමේ හැකියාව ඇත. සමහරක් පිළි වෛරස මෘදුකාංගවලට යමින් හා එමින් පවතින ඊ තැපැල්වලට අමතරව විවෘත ගොනු සමාන ආකාරයටම පරීක්ෂා කළ හැක. මෙම ක්‍රමය “ඔන් ඇක්සස් ස්කෑනින්” ලෙස හඳුන්වයි. පිළි වෛරස මෘදුකාංගයක්, සත්කාරක මෘදුකාංගයට වෛරස සම්ප්‍රේක්ෂණය කිරීමේ සැඟවූ හැකියාව වෙනස් නොකරයි. පරිශීලකයන් ඔවුනගේ ආරක්ෂක හිඩැස් පුරවා ගැනීමට ඔවුන්ගේ මෘදුකාංග නිතර යාවත් කාලීන කළ යුතුය. නවතම තර්ජනවලින් ආරක්ෂා වීමට ද පිළි වෛරස මෘදුකාංග නිතර යාවත් කාලීන කළ යුතුය. තවත් අයෙක් වෙනත් මාධ්‍ය මත දත්ත ( හා මෙහෙයුම් පද්ධති) වල රක්ෂිත (backup) ඇති කර වෛරස මඟින් ඇතිවන හානිය වළක්වා ගනී. මෙම වෙනත් මාධ්‍ය , පද්ධතියට සම්බන්ධ නොකර හෝ ‍(බොහෝ විට) කියවීමට පමණක් (read only) හෝ වෙනත් ‍ගොනු පද්ධතියක් භාවිතා කිරීම වැනි වෙනත් කාරණයක් නිසා ප්‍රවේශ විය නොහැකි ලෙස තබා ඇත. මෙම ක්‍රමයේදී වෛරසයක් මඟින් දත්ත නැති වුවහෝත රක්ෂිතය (අලුත් එකක් විය යුතුය) මඟින් නැවත ආරම්භ කළ හැක. රක්ෂිතය CD හෝ DVD වැනි ප්‍රකාශ මාධ්‍යයක තිබේ නම් හා එය සංවෘත නම් එය කියවීමට පමණක් වන අතර තවදුරටත් වෛරස මඟින් ආසාදනය විය නොහැකිය. ඒ ලෙසට ස්ථාපිත කර ඇති මෙහෙයුම් පද්ධතිය භාවිතා කළ නොහැකි තත්වයට පත් වුව හෝත බූටබල් (bootable) එකක් මත වූ මෙහෙයුම් පද්ධතියකින් පරිගණකය ආරම්භ කළ හැක. තවත් ක්‍රමයක් වන්නේ වෙනස් ගොනු පද්ධතියක් , වෙනස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමයි. වෛරසයක් එවිට දෙකම ආසාදනය නොකරයි. දත්ත රක්ෂිත ද වෙනත් ගොනු පද්ධතිවල ගබඩා කර තැබිය හැකිය. උදාහරණ ලෙස NTFS ගොනු පද්ධතියක් මත ලිවීමට ලිනක්ස් හට විශේෂිත මෘදුකාංග අවශ්‍යය. එමනිසා අයෙක් එවැනි මෘදුකාංග ස්ථාපනය නොකර NTFS කොටසක් මත රක්ෂිත ඇති කිරීමට වෙනම MS වින්ඩෝස් ස්ථාපනයක් භාවිතා කරයි නම්, රක්ෂිතය ලිනක්ස් වෛරස වලින් ආරක්ෂා විය යුතුය. එලෙසම MS වින්ඩෝස් හට ext3 වැනි ගොනු පද්ධති කියවිය නොහැක. එමනිසා අයෙක් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ MS වින්ඩෝස් නම්, රක්ෂිතය ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් ext3 කොටසක් මත ස්ථාපනය කළ හැක.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Computer_virus#Anti-virus_software_and_other_preventive_measures