7/7 ප්‍රහාරයෙන් අනතුරට ලක්වුවන්

විකිපීඩියා වෙතින්

7/7 ප්‍රහාරයෙන් අනතුරට ලක් වුවන්ගෙන් හදුනාගත් 52 පිළිබදව විස්තර පහත වේ.

(1). ජේමිස් ඇඩම්ස් (32) අවමංගල්‍ය තැරැව්කරුවෙක් පීටර්ස්බර්ග් හි පිහිටි තම නිවසේ සිට ලංඩනය දක්වා කිංග්ස් ක්‍රොස් හරහා ගමන් කළේය. එහිදි ඔහු තම මව අමතන ලදී.

(2). සමන්තා බැඩ්හැම් (36) තම සහකරු වන ලී හැරිස් විසින් දුම්රිය මාර්ගයට ඇරලවන ලදී. මේ යුවළ සාමාන්‍යයෙන් රැකියාව සදහා පිටත්ව ගියත් එදින ඔවුන්ගේ 14වන විවාහා සංවත්සරය සැමරිමට සැළසුම් කර තිබුණි.

(3). ලී හැරිස් (30) රාජකීය ලන්ඩන් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුව මිය ගියේය. වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ඔහුගේ සහකාරිය සමන්තා බැඩ්හැම් ද ප්‍රහාරයෙන්මිය ගියාය.

(4). පිල් බියර්,(22) කොණ්ඩා සැකසුම්කරැවෙක් ඔහුගේ මිතුරා වන පැට්‍රික් බාර්න්ස් සමග නයිටිස්බ්‍රිජ් හි පිහිටි තම රෑපලාවණ්‍යාගාරය වෙත යමින් සිටියදී අනතුරට පත් විය. ඔහුගේ මිතුරා තුවාල ලැබීය.

(5). ඇනා බ්‍රැන්ට් (42) වූඩ් ග්‍රින් හී වාසය කළ පෝලන්ත ජාතික පිරිසිදු කරන්නියකි.

(6). සියරන් කැඩ්ඩි (22) උතුරු ලංඩනයේ ඉහළ නොලෝවේ හි ජිවත් විය. ‍

(7). එලිසබෙත් ඩැප්ලින් (26) ලන්ඩන් හිදි යුනිවර්සිටි කොලේජ් රෝහලේ පරිපාලක නිළධාරිනියකි. නයිගේට් හි පිහිට තම නිවසෙන් තම සහකරු වන රොබ් ට්‍රේනන් සමග පිකඩ්ලි දුම්රිය බලාපොරොත්තුවෙන් පිට විය.

(8). ආර්තර් එඩ්ලින් ෆෙඩරික් 60: උතුරු ලංඩනයේ ˝සෙවන් සිස්ටර්හි˝ (Seven Sisters) හිදි පදිංචිව සිටියේය.

(9). කැරොලිනා ග්ලක් (29) - පොලන්ත ජාතික කාන්තාවකි. තම පෙම්වතා වන රිචර්ඩ් ඩියර්ට සමු දීම සදහා උදෑසන 8.30ට පමණ පැමිණ සිටියාය. ෆින්ස්බරි පාර්ක් සිට රසල් චතුරස්‍රය වෙත ගමන් කරමින් සිටි තොරතුරු තාක්ෂණ උපදේශිකාවකි.



(10). ගම්සේ ගුනොරල් (24) තුර්කි ජාතික ශිෂ්‍යාවකි. හැමස්මිත් වලපිහිටි භාෂා පාසල වෙත යාම සදහා තම නැන්දනියගේ නිවස පිහිටි උතුරු ලංඩනයෙන් පිටත් විය.

(11). ඔජාරා ඉකියවු (55) ලුටන්හි දරැ තිදෙනෙකුගේ මවකි. සමාජ සේවිකාවක් වන ඈ හන්ස්ලෝ වෙත යමින් සිටියාය.

(12). එමලි ජෙන්කින් (24) රිච්මවුන් වලින්ය.

(13). ඇඩ්‍රින් ජොන්සන් (37) දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. දක්ෂ ගෝල්ෆ් හා හොකී ක්‍රීඩකයෙකි. හේමාකටි හී පිහිටි බර්බෙරි විලාසිතාගාරය වෙත යමින් සිටියේය. ඔහු නිෂ්පාදන තාක්ෂනික කළමණාකරු ලෙස සේවය කරන ලදී.

(14). හෙලන් ජෝන්ස් (28) ස්කොට්ලන්ත ගණකාධිකාරිණියකි. 1988 ලෝකර්බිහිදි අනතුරට පත් Pan Am Flight 103 ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගත්තෙකි. ඇයගේ පවුලේ ජිවත් වන ඇනන්, ඩම්ප්‍රි හා ගැලොවේ වන අතර ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ ˝ හෙලන් ඔබ පවුලේ උදවියගේ හා බොහෝ, බොහෝ මිතුරන්ගේ හදවත් තුල සදා ජිවත් වේවි.˝

(15). සුසාන් ලෙවි (53) හර්ට්ෆොඩ්ෂයර් හි ක‍ෆ්ලිවල ජිවත් විය. ඩැනියෙල් (25) හා ජේමිස් (23) මවයි. ඇය තමාගේ බාල පුතුට සමු දුන්නා පමණි.

(16). ෂෙලි මැතර් (26), නවසීලන්තය

(17). මයිකල් මත්සුෂිටා (37) තම 28 හැවිරිදි සහකාරිය විසු ඉස්ලිංග්ටන් මහල් නිවාසයෙන් පිටත සංචාරක මග පෙන්වන්නෙකු ලෙස දෙ‍වැනි දවසේ රැකියාවට යාමට පිටත්විය.

(18). ජේමිස් මේස් (28) සෞඛ්‍ය කොමිසමේ විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන ලදී. ප්‍රාග් (Prague) වල සිට නිවාඩුවකින් පසුව නැවත පැමිණියා පමණි. බාර්ස්බරි හි තම නිවස සිට ˝ නිදහස් දවසක් ˝ සදහා ලින්කන් නිකේතනය වෙත යමින්සිටි අතර කින්ග්ස් ක්‍රෝස් හරහා ගමන් කිරිමට තීරණය කර තිබුණි.

(19). බෙනස් මොසක්කා (47) ජීව වෛද්‍ය වාර්තා නිළධාරිනියකි. ග්‍රේට් ඕමන්ඩ් මාවතේ ළමා රෝහලේ සේවය කරන ලදි.

(20). මයිකලා ඔටේ (46) මිචෙල් ලෙස හැදින්විය. උතුරු ලංඩනයේ මිල් හිල් හි දන්ත කාර්මිකයෙක් ලෙස සේවය කරන ලදී. කිංග්ස් ක්‍රොස් හි දි ජිවිතක්ෂයට පත්විය.


(21). ඇටික් ෂරිෂි (24) ඇෆ්ගනිස්තානු ජාතිකයෙකි. ම්ඩ්ල්සෙක්ස් හි ජිවත් විය.

(22). ඉහාබ් සිලේමාන් (24) වියැති අවන්හල් සේවකයෙකි. පැරිසියේ උපන්නෙකි. පිකඩිලි වට රවුම අසළ අවන්හලක සේවය කරන ලදී.

(23). ක්‍රිස්ටියන් ˝ජෝයා ස්මෝල්˝ (28) නැගෙනහිර ලංඩනයේ වෝල්දම්ස්ටෝ දැන්වීම් විකුණුමකරුවෙකි.

(24). මොනිකා සුචොකා (23) උතුරැ පෝලන්තයෙනි. බටහිර කිංස්ටන් හි පුහුණු ගණකාධිකාරිවරියක ලෙස සේවය කිරිමට මාස 02කට පෙර ලංඩනය ට ‍පැමිණ ඇත.

(25). මාලා ත්‍රිවේ දි (51) වෙම්බිල්වල සිට ග්‍රේට් ඕමන්ඩි මාවතේ ළමා රෝහලේ x – ray දෙ‍පාර්තමේන්තුවේ කළමනාකරුවෙකි.

(26). රැෂල් චුන්ග් ෂෝ යුයෙන් (27) උතුරු ලංඩනයේ මිල් හිල් හි ගණකාධිකාරයෙකි. මොරිෂස් වල උපන්නෙකි.