6 වන ආවර්තයේ මූලද්‍රව්‍යය

විකිපීඩියා වෙතින්

6 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි සයවන පේළියෙහි (හෝ ආවර්තයෙහි) පිහිටන, ලැන්තනයිඩද අඩංගු රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. සයවන ආවර්තයෙහි මූලද්‍රව්‍යයන් 32 ක් අඩංගු වන අතර, වැඩිම මූලද්‍රව්‍යයන් අඩංගු ආවර්තය පිළිබඳ තරගයෙහි 7 වන ආවර්තය හා සමගින් සමසමව සිටිමින්, සීසියම් වෙතින් ඇරඹී රේඩෝන් වෙතින් කෙළවර වෙයි. වර්තමානයේ අවසන් මූලද්‍රව්‍යය ඊයම් වෙයි; ඉක්බිතිව පැමිණෙන සියළු මූලද්‍රව්‍ය විකිරණශීලී වෙතත්, වසර 1019 ට වැඩි ප්‍රමාණයක් වන බිස්මත්හී අර්ධ-ආයු කාලය, විශ්වයේ වර්තමාන ආයු කාලයට වඩා 1,000 ගුණයක් වැඩි වෙයි. නීතියක් වශයෙන්, 6 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන් විසින් ඒවායේ 6s කවච පළමුවෙන්ද, ඒවායේ 4f, 5d, සහ 6p කවච ඉක්බිතිව එම පිළිවෙලට පුරවතත්, සේරියම් වැන්නන් විෂයෙහි ව්‍යතිරේකයන් පවතියි.

ගුණාංග[සංස්කරණය]

මෙම ආවර්තය සතුව, ලැන්තනයිඩද පවතින අතර, විරල පාංශුන් ලෙසින්ද ඒවා හැඳින්වෙති. නියෝඩිමියම් වැනි බොහෝ ලැන්තනයිඩ, ඒවායේ චුම්බක ගුණාංග නිසා ප්‍රකට වෙති. රත්රන් වැනි, 6 වන ආවර්තයේ බොහෝ අන්තරික ලෝහ ඉතා වටිනා වුවද, තැල්ලියම් වැනි, 6 වන ආවර්තයේ බොහෝ අනෙකුත් ලෝහ අතිශයින් විෂ සහිත වෙති. අවසන් ස්ථායි මූලද්‍රව්‍යය වන ඊයම්, 6 වන ආවර්තයෙහි පවතියි.


සටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]