2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත

විකිපීඩියා වෙතින්
2024 අංක 8 දරන පනත හි මුල් පිටුව

2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමෙන්තුව විසින් සම්මත කර 2024 පෙබරවාරි මස 02 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක්‌ වශයෙන්‌ පළ කරන ලද පනතකි.

මෙය අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාළ නීතිය ඒකාකාර ලෙස අදාළ වීම සම්බන්ධයෙන්‌ විධිවිධාන සැලැස්වීම සඳහා දෑ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන්‌ දඬුවම්‌ ලබා දීමේ කාර්ය පටිපාටිය පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහා දෑ සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

අරමුණු[සංස්කරණය]

අධිකරණයක, විනිශ්චය අධිකාරයක සහ ආයතනයක ගෞරවය සහ අධිකාරී බලය ආරක්ෂා කිරීම; යථා පරිදි යුක්තිය පසිඳලීම ආරක්ෂා කිරීම; අධිකරණ විධානවලට අනුකූලච ක්‍රියා කිරීම සහතික කිරීම; අධිකරණයක, විනිශ්චය අධිකාරයක සහ ආයතනයක එලදායකත්චය සහ අපක්ෂපාතීත්වය සුරක්ෂිත කිරීම සහ පවත්වාගෙන යාම; අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය, සාධාරණ විවේචනය සහ අධිකරණ විධාන සමඟ අනුකූලව ක්‍රියා කිරීම අතර තුලනයක්‌ ඇති කිරීම; අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට සහ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ විෂය පථය නිශ්චිතව දැක්වීම; සහ නීතියේ නිසි ක්‍රියාවලිය අනුගමනය කිරීම සහ එයට ගරු කිරීම සහතික කිරීම.