2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත

විකිපීඩියා වෙතින්

2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමෙන්තුව විසින් සම්මත කර 2024 පෙබරවාරි මස 02 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක්‌ වශයෙන්‌ පළ කරන ලද පනතකි.

අරමුණ[සංස්කරණය]

1974 මුහුදේ දී ජීවිත ආරක්ෂා කිරිම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ යම්‌ නිශ්චිත බැඳියාවන්‌ බලාත්මක කිරිම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ජාතික ජලශාස්ත්‍රීය කාර්යාලය පිහිටුවීම; ජලශාස්ත්‍රීය මිනින්දෝරුවරුන්‌ සහ නාවික සිතියම්‌ නිර්මාණ ශිල්පීන්‌ ලියාපදිංචි කිරිම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංශික කාරණා සම්බන්ධයෙන්‌ විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

මේ පනත යටතේ "සම්මුතිය" යනුවෙන්‌ සඳහන්‌ කරනු ලබන 1974 මුහුදේ දී ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක්‌ 1974 වර්ෂයේ නොවැම්බර්‌ මස 1 වන දින මුහුදේ දී ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී පිළිගනු ලැබ, 1980 වර්ෂයේ මැසි මස 25 චන ඳින බලාත්මකභාවයට පත්ව ඇති හෙයින්‌ ද: වර්ෂ 1983 අගෝස්තු මස 30 වන දින 1974 මුහුදේ දී ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති හෙයින්‌ ද: 2019 අංක 17 දරන පනතින්‌ සංශෝධිත 1971 අංක 52 දරන වෙළඳ නැව්‌ පනතින්‌ 1974 මුහුදේ දී ජීවිත ආරක්ෂාව සඳහා වන සම්මුතියට දැනටමත්‌ බලාත්මකභාවයක්‌ ලබා දී තිබුණ ද, ඉහත සඳහන්‌ සම්මුතියේ V වන පරිච්ඡේදයේ 4 වන සහ 9 වන නියෝග සම්බන්ධයෙන්‌ ශ්‍රී ලංකාවේ බැඳීම්වලට බලාත්මකභාවයක්‌ ලබා දීම සඳහා නිශ්චිත නීතිමය විධිවිධාන පැනවීමට අවශ්‍යව ඇති හෙයින්‌ ද: එම නිසා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින්‌ මෙම පනත පනවා ඇත.