2018 අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය

විකිපීඩියා වෙතින්

2018 අයිසීසී 19-පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා නවසීලන්තයෙහිදී තරග වැදෙනුයේ කණ්ඩායම් දහසයක් අතර වන අතර, එයින් එකොලොසක් ස්වයංක්‍රීයව සුදුසුකම් ලබති. අනෙකුත් ස්ථාන පහ තෝරා ගනු ලබන්නේ සුදුසුකම් ලැබීම සඳහා වන ප්‍රාදේශීය තරග මාලාවක් තුලින් වන අතර, එක් එක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයිසීසී) ප්‍රවර්ධන පෙදෙස් (අප්‍රිකාව, ඇමරිකාවන්, ආසියාව, නැගෙනහිර ආසියානු-ශාන්තිකර, සහ යුරෝපය) සඳහා එත් ස්ථානය බැගින් ප්‍රදානය කෙරෙයි.