1950 සිට වර්තමානයට
පශ්චාත් යුධ සමයේ ගත වූ වසර කිහිපය තුල නව ලේඛකයෝ නව ස්වරූපයන් විදහා දැක් වූහ. ඇලෙක්සැන්ඩර් ට්‍රොචි (1950 දීද) කෙනෙත් වයිට් (1960 දීද) ස්කොට්ලන්තය අතහැර වාසය පිණිස සහ තමන්ගේ වැඩ කටයුතු කිරීමට ප්‍රංශය බලා ගියහ. යුරෝපීය භාෂාවන් බොහෝ ගණනකින් කරන ලද කෘතීන් පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියට පත් විය.
එඩ්වින් මෝර්ගන් ‘ජාතික කවියා’ විරුදාවලිය ලත් නිල වශයෙන් පත් වීම් ලැබු කවියා විය. ඔහු ලෝක සාහිත්‍ය කෘතින් පරිවර්තනය කළේය. ඔහුගේ කවි වලට වර්තමාන සිදු වීම් මෙන්ම දේශපාලනික ප්‍රශ්නද විෂය විය.
ඇලස්ඩෙයාර් ග්‍රේ විසින් මන:කල්පිත ප්‍රබන්ධ සම්ප්‍රදාය නොකඩවා පවත්වා ගෙන ගිය අතර ඔහුගේ ලනාර්ක් ‘Lanark’ කෘතිය 1981 දි ප්‍රසිද්ධ කළ දා සිට උසස් කෘතියක් ලෙස පිළිගැනුනේය. 1980 දශකයේදි අර්ධ නාගරික අත්දැකීම් සහ කථා කිරීමේ රටාවන් ග්‍රහණය කර ගත් ලේඛකයින් කෙරේ අවධානය යොමු විය. මෙයින් ජේම්ස් කෙල්මන් සහ ජෙෆ් ටොරින්ටන් කැපී පෙනුනේය.
අර්වින් වෙල්ෂ්ගේ කෘතින් විශිෂ්ඨ ස්කොට්ලන්ත ඉංග්‍රිසියෙන් ලියැවුණු අතර සමකාලීන ස්කොට්ලන්ත සංස්කෘතිය පිළිබිඹු කළේය. (Trainspotting) ට්‍රේන්ස්පොටින් ඔහුගේ වඩා ප්‍රසිද්ධියට පත් කෘතියක් විය. වාණිජ පරමාර්ථ සහිත ලේඛකයන් වූ ඉයන් බෑන්ක්ස් සහ ඉයන් රැන්කින් දෙදෙනාද ඔවුන්ගේ කෘතින් සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් ලැබූහ. එමෙන්ම ඔවුන්ගේ කෘතින් චිත්‍රපට සහ රූපවාහිනිය සඳහා පාදක කර ගනු ලැබිනි.
ඇලෙක්සැන්ඩර් මැකෝල්, ඇලන්වොර්නර් සහ ග්ලාස්ගෝහි සිටිමින් නවකථා රචනය කළ සුහායිල් සාදි යනාදිහු 21 වෙනි ශත වර්ෂයේ කැපි පෙනෙන ශාස්ත්‍රීය සේවාවන් වලට දායක වූහ.
නව ලේඛකයින් සහ කවියන් ධෛර්යමත් කළ An Leabhar Mòr සහ Ùr Sgeal කාණ්ඩ ප්‍රකාශයට පත් කිරීමත් සමග ස්කොට්ලන්ත ගේලික් සාහිත්‍ය ග්‍රන්ථ පල කිරීමේ පුනර්ජීවයක් දැනට දක්නට ඇත.
ස්කොට්ලන්ත සාහිත්‍ය සම්ප්‍රදාය ගැහැණු කර්තෘවරුන්ගේ අදහස් වලටද දොරටු විවෘත කළේය. මෙහි පරමාර්ථය වුයේ අතීතයේ සිට මේ දක්වා කෙරනු ගැහැණුන්ගේ කෘතින් නැවත සළකා බැලීම ධෛර්යමත් කිරීමයි.
පසු ගිය අවුරුදු කිහිපය තුළ සිට ‘කැනන්ගේට් හවුස්’ ප්‍රකාශන ආයතනය ක්‍රම ක්‍රමයෙන් දියුණු තත්වයට පත් වෙමින් තිබේ. එය සෑම යුගයකටම අයත් ස්කොට්ලන්ත සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත් කරමින් නව සාහිත්‍යකරුවන් උනන්දු කරමින් සිටි.