1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත

විකිපීඩියා වෙතින්

1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත යනු රැකියාවෙහි නියුතුව එම රැකියාවෙහි යෙදී සිටියදී සිදුවන අනතුරු වල ප්‍රතිපලයක් වශයෙන් තුවාල ලබන හෝ මරණයට පත්වන කම්කරුවන් සදහා වන්දි ගෙවීමට නීතිමය ප්‍රතිපාදන සැලසීම සදහා ඇති කළ පනතකි.

මෙම පනත යටතේ රැකියාවෙහි නියුතුව සිටියදී රැකියාවෙන් උද්ගත වන අනතුරකට භාජනය වී තුවාල ලබන කම්කරුවන් හට, නැතහොත් කිසියම් වෘත්තීය රෝග්යකින් හෝ රැකියාවේ ස්භාවය හේතුකොටගෙන ඇති වූයැයි සාධාරණ සාධාරණ ලෙස සැලකිය හැකි වූ කිසියම් රෝගයකින් පෙලෙනු ලබන කිසියම් කම්කරුවෙකු හට වන්දි ගෙවීම සදහා ප්‍රතිපාදන සැලසීම සහ එවැනි අනතුරකින් හෝ වෘත්තීය රෝගයකින් හෝ මිය යන කම්කරුවන්ගේ යැපෙන්නන්ට වන්දි ගෙවීම මෙම පනතේ පරමාර්ථයයි.

සේවා යෝජකයා වන්දි ගෙවීමට යටත් වන අවස්ථා[සංස්කරණය]

කිසියම් සේවකයෙකු,

සේවයේ එනම් රැකියාවේ යෙදී සිටියදී එම රැකියාව නිසා උද්ගතවන හදිසි අනතුරක් නිසා ආබාධිත හෝ මරණයට පත්වීම සිදුවන විටක

සේවා යෝජකයා වන්දි ගෙවීමට යටත් නොවන අවස්ථා[සංස්කරණය]

  • දින තුනක් ඉක්මවනතුරු සම්පූර්ණ හෝ අර්ධ දුබලතාවයක් ඇති නොකර වන තුවාලක් සදහා
  • මරණය ප්‍රතිපලයක් නොවන පහත සදහන් කරුණක් හේතු කොටගෙන ඇති වන අනතුරකින් සිදුවන තුවලයක් සදහා
    1. අනතුර සිදුවන අවස්ථාවේ දී කම්කරුවා මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වල බලපෑමෙන් යුක්තව සිටීම.
    2. කම්කරුවාගේ ආරක්ෂාව සැලසීම ප්‍රකාශිත වහයෙන් දෙන ලද නියෝගයකට නැතහොත් ප්‍රකාශිත ලෙස කරනලද නියමයකට කම්කරුවා විසින් හිතාමතාම අවනත නොවීම.
    3. කම්කරුවාගේ ආරක්ෂාව සැලසීමේ අදහසින් සපයනු ලබන ලැදැයි තමන් විසින් දැන සිටි ආරක්ෂිත රැකවරණයක් හෝ වෙනත් උපක්‍රමයක් කම්කරුවා විසින් හිතා මතාම ඉවත් කිරීම හෝ නොසලකා හැරීම.