Jump to content

1920 ගණන්වල ජර්මණියේ උද්ධමනය

විකිපීඩියා වෙතින්
1923 අභි උද්ධමනයේ දී මාර්ක් 1000ක බැංකු නෝට්ටුවක් මත රතු පැහයෙන් මාර්ක් 1,000,000,000 (බිලියනයක්) ලකුණු කොට නිකුත් කරනු ලැබීය.

මෙයිමර් ජනරජයේ 1920 ගණන්වල ඇති වූ අති උද්ධමනය එම වකවානුවේ යූරෝපයේ ඇති වූ මුල්ම හෝ එකම අති උද්ධමනය නොවීය. කෙසේ වුවත් ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස ඉස්මතුවීමට බලපෑ ප්‍රධානම සංසිද්ධිය ලෙස පෙර ඇතිවූ අති උද්ධමයන්ට වඩා මෙම අවස්ථාව කෙරෙහි අවධානයක් යොමු විය. අද යුගයේ අතිඋද්ධමනයට වඩා මෙම අවස්ථාව කෙරෙහි අවධානයක් යොමු විය.අද යුගයේ අතිඋද්ධමනයට හා සබැඳි හා යොමු කාරක සහ අසාමාන්ය, බොහෝ ආර්ථික හැසිරීම් ප්රථමයෙන්ම ක්රමානුකූලව ජර්මනියේ දී ලේඛණගත කරනු ලැබුවේය. පොලී අනුපාතයන්ගේ හා මිළ වැඩිවීම්වල පිළිවෙළ, ව්යාපාර මුදලේ නැවත ඇගයීම, මුදල්වල සිට දෘඩ වත්කම් දක්වා පාරිභෝගික පියසැරිය, මෙම වත්කම් නිපදවන්නා වූ කර්මාන්තයන්ගේ වේගවත් ප්රසාරණය ආදිය වෙන් වෙයි. “සාමගේ ආර්ථික ප්රතිඵලය” නම් පොතේ ජෝන් මේහාර්ඩ් කෙයින්ස් මෙසේ විස්තර කරයි. යුරෝපයගේ මූල්ය පද්ධතීන්ගේ උද්ධමනකාරීත්වය අසාමාන්ය දුරකට විහිඳී ඇත. තමන්ට අවශ්ය සම්පත් ණය බරින් හා බදු බරින් ආරක්ෂා කර ගැනීමට අපොහොසත්, එසේ රැක ගැනීමට තරම් දුර දැක්මක් නැති, නිවට යුදකාමී නොයෙක් ආණ්ඩු අතිරික්තය සඳහා නෝට්ටු මුද්රණය කොට ඇත.

වර්සේල්ස් ගිවිසුමට අනුව යුද වන්දි ගෙවීම සඳහා ජර්මනියට සිය මූල්ය තත්වය් පිට්ඹීමට සිදුවී ඇතැයි තර්ක කරනු ලැබේ. නමුත් මෙය නොමඟ යෑමකි. 1921 වසරේ මුල් භාගයේ දී ඇමරිකානු ඩොලරයට මාර්ක් 60 ක් වැනි ස්ථායීතාවයක සාපේක්ෂ වශයෙන් ජර්මන් මුදල පැවතිනි. නමුත් “1921 මැයි මස ලන්ඩන් අවසාන නිවේදනය” මඟින් රන් මාර්ක් 2,000,000,000 ක වාර්ෂික වාරිකවලින් ගෙවන අයුරින් යුද වන්දි රන්වලින් ලබා දෙන්නැයි ජර්මනියෙන් ඉල්ලා සිටියේය. මෙය ජර්මනියේ නිර්නායකවලින් 26% ට වඩා වැඩි අගයකි. 1921 අගෝස්තුවලට නියමිතව තිබූ මුල් වාරිකය ගෙවන ලදී. 1921 නොවැම්බර් වන විට මාර්ක් එකතු අගය ශතයකින් 1/3 කටත් අඩු අගයක් දක්වා පහත වැටෙන තරම් තියුණු ඉඩ ප්රමාණ පීඩකට බඳුන්වීමේ ආරම්භය මෙය විය. (දළ වශයෙන් ඇ.ඩො. 1 = මාර්ක් 330) ජර්මනියේ මුළු රන් ප්රමානයට නැතිනම් විදේශ විනිමයට වඩා බෙහෙවින් විශාල අගයක් වූ රන් මාර්ක් 132,000,000,000 ක් ඉල්ලා සිටි මුළු වන්දි මුදල විය. විදේශ විනිමය මිළදී ගැනීමේ උත්සාහයක ජර්මනිය නිරත විය. නමුත් භාණ්ඩාගාර බිල්පත්වලින් සහ වානිජ ණය කරවලින් එය ගෙවනු ලැබුවේය. එයින් සිදුවූයේ ද්රව ප්රමාණ වේගය වැඩි වීම පමණි.

1922 මුල් භාගය වන විට මාර්ක් එකක වටිනාකම ඩොලරයට මාර්ක් 320 තරමු වූ අගයක විය. අනතුරුව 1922 ජුනි මස ජාත්යන්තර යුද වන්දි සමුළුව පැමිනියේය. එක්සත් ජනපද බැංකුකරුවකු වන ජේ.පී. බෝර්ගන් විසින් එය සංවිධානය කොට තිබුණි. මෙම රැස්වීම් වලින් ප්රායෝගික විසඳුම් නොලැබෙන විට, 1922 දෙසැම්බර් වන විට ඇමරිකානු ඩොලරයට ඩොයිෂ් මාර්ක් 8000ක් තරම් වූ අතිඋද්ධමනයක් බවට උද්ධමනය පෙරලුනි. 1922 ජුනි මස 41 ක් වූ ජීවන වියදම් අංකය ඊට වඩා 16 ගුණයකින් වැඩි වෙමින් දෙසැම්බර් වන විට 685 ක් විය.

1923 ජනවාරි වන විට මාර්ක් එකක අගය වැදගත් නැති හෙයින් රූර් සහ අනෙකුත් ජර්මානු කාර්මික ප්රදේශවිලන් ලැබෙන භාණ්ඩවලින් යුද වන්දි ගෙවීම තහවුරු කිරිමේ අරමුණින් ප්රංශ සහ බෙල්ජියම් හමුදා රූර් නිම්නය අරක් ගෙන තිබුණි. 1920 සිට 1923 දක්වා යුද වන්දි ප්රමාණය ජර්මන් අයවැය හිඟයෙන් 1/3ක් තරම් වූ නමුත් ආණ්ඩුව එම වන්දිය ගෙවීම පහසු දොලපිදේනියක් ලෙස සැලකුවේය. බැංකුකරුවන් හා ආයෝජකයන් (විශේෂයෙන්ම විදේශීය) වැනි අනෙකුත් පිසාචයෝ දෙගොල්ලම ඔවුන්ගේ සුපුරුදු ලාභ සෙවීම ඔස්සේ අතිඋද්ධමනය තවත් තියුණු කළහ. 1923 වන විට උද්ධමනය එහි උච්චතම අවස්ථාවට ළඟා විය. නමුත් නව මුදල් වර්ගයක් (රෙන්ටන් මාර්ක්) හඳුන්වාදීමත් සමඟ එය අවසන් විය. මෙම නව මුදල් වර්ගයෙහි ස්ථාවර අගයක් ඇතැයි රජය ප්රකාශ කළ අතර එය පිළි ගැනුනි.

අතිඋද්ධමනය ජර්මනියේ නාසි පාලනය සෘජු ලෙසම ඇති නොකළේය. නව මුදල් වර්ගය හඳුන්වා දීමත් සමඟ උද්ධමනය නැවතුන අතර “වෙයිමර් ජනරජය” එයින් පසුව ද දශකයක් පමණ පැවතියේය. කෙසේ වුවත් උද්ධමනය, නිදහස් ආයතනයන් හි හැකියාව පිළිබඳව සැක මතු කළේය. විශේෂයෙන්ම මුදල් ඉතිරි කිරීම් හා බැඳුම්කර හිමියන් වූ මධ්යම පාන්තිකයන් තුළ මෙම සැකය වඩාත් වැඩියෙන් පැවතුණි. ජර්මනියේ බැංකුකරුවන් හා ආයෝජකයන් කෙරෙහි විරෝධාකල්පයක් ඇතිවීමට ද මෙම තත්වය හේතු විය. ඔවුන් බොහෝ දෙනෙකු යුදෙව්වන් වූහ. රජය හා මුද්රිත මාධ්ය උද්ධමනය පිළිබඳ දෝෂාරෝපණය එල්ල කළේ මොවුන් වෙතය.


1920 මුල් කාලයේ අති උද්ධමනයේ දී ඩෙයිමර් ජර්මනියේ තැපැල් මුද්දර.





http://en.wikipedia.org/wiki/Hyperinflation#The_1920s_German_inflation