“ සංස්ථා” පසුබිම

විකිපීඩියා වෙතින්

ඓතිහාසිකව සංස්ථා, රජයේ විශේෂ පනතක් මගින් ආරම්භ කරන ලදි. අද වන විට සංස්ථා සාමාන්‍යයයෙන් රජයේ, පළාතේ හෝ ජාතික ආණ්ඩුවේ ලියාපදිංචි වනු ලැබේ. මෙම ලියාපදිංචිවීමෙන් අනතුරුව ඒවා රජය මගින් පනවන ලද නීති මගින් විධිමත් ලෙසට පාලනය වන ආයතනයක් බවට පත්වේ. වගකීම් සීමිත ව්‍යාපාරයක් ලෙසට සංස්ථාව උපකල්පනය කිරීමට, ලියාපදිංචිය ප්‍රධාන පූර්ව අවශ්‍යතාවයක් වේ. මෙම ලියාපදිංචි කිරීමේ කාර්යයේදී සංස්ථාවේ සහ ලියාපදිංචි නියෝජිතවරයෙකුගේ (ක්‍රියාවලිය තුළ නෛතිකමය සේවාවක් ලබාගැනීමට හැකියාවක් ඇති බවට නම් කරන ලද සමාගමක් හෝ පුද්ගලයෙක්) ප්‍රධාන ලිපිනය නම් කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේම මෙම ලියාපදිංචි කිරීමේ කාර්යයේදී, සමහර විට නියෝජිතවරයෙක් හෝ ගොනු කරන ලද නීතිමය හෝ බලඅධිකාරයක් මත පදනම්වන සංස්ථාවේ වෙනත් නෛතික නියෝජිතවරයෙක් නම්කිරීම අත්‍යාවශ්‍ය වේ.
සාමාන්‍යයයෙන් සංස්ථාවක් ආණ්ඩුවත් සමගින් සංස්ථාවේ පවතින සාමාන්‍ය ස්වභාවය, නිකුත් කිරීමට බලයලත් කොටස් ප්‍රමාණය සහ අධ්‍යක්ෂකවරුන්ගේ නම් සහ ලිපිනයන් ඇතුළත් ව්‍යවස්ථාවලියක් ගොනු කරනු ලැබේ. එම ව්‍යවස්ථාවලිය අනුමත වන විට, සංස්ථාවේ අධ්‍යයක්ෂකවරු රැස්වී රැස්වීම් ක්‍රියාපටිපාටිය, නිලධාරී තනතුරු වැනි සංස්ථාවේ අභ්‍යයන්තර කටයුතු පාලනය කරන අතුරු නීති නිර්මාණය කරනු ලබයි. සංස්ථාවක් මෙහෙයවන නෛතික වූ බලඅධිකාරිමය නීතිය මගින් එහි අභ්‍යයන්තර කටයුතු වැඩි ප්‍රමාණයක් මෙන්ම එහි මූල්‍යයද විධිමත් ලෙසට පාලනය වෙයි. තමන්ගේ මව් රාඡ්‍යයයෙන් පිටත යම් සංස්ථාවක් මෙහෙයවන්නේ නම් එය අදාළ රාඡ්‍යයයේ ”විදේශ සංස්ථාවක්” ලෙසට ලියාපදිංචි විය යුතු අතර මීට මුළුමනින්ම සහ නිතරම සත්කාරක රටේ රැකියා, අපරාධ, කොන්ත්‍රාත්, සිවිල් ක්‍රියාකාරකම් වැනි අංශවලට අදාළ වන නීතිරීතිවලට යටත්ව ක්‍රියාකළ යුතුය.


සංස්ථා නම් කිරීම[සංස්කරණය]

පොදුවේ සලකන විට සංස්ථාවලට නිශ්චිත නමක් තිබේ. ඓතිහාසික තොරතුරු දෙස බලද්දී, සමහර සංස්ථා නම් කර තිබෙන්නේ ඒවායේ සාමාජිකත්වය ලබාගත් පසුවයි. නිදසුනක් ලෙසට ”ද ප්‍රසිඩන්ට් ඇන්ඞ් ෆෙලෝස් ඔෆ් හාවඞ් කොලේජ්” නම් සංස්ථාව පෙන්වා දිය හැකිය. අද වන විට වඩාත් නෛතිකමය තත්වයක් තුලින් ලබාගත් නිශ්චිත නමක් සංස්ථාවලට තිබේ. නමුත් එය, ඔවුන්ගේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා යොමු කරවීමක් අවශ්‍යය නොවේ. විශේෂයෙන් කැනඩාව තුළ මේ හැකියාව දක්නට ලැබේ. එහි බොහෝ ප්‍රමාණයක් කුඩා කැනේඩියානු සමාගම්වලට නමක් ඇත්තේ ම නැත. ඔවුන් ඒ වෙනුවට භාවිතා කරන්නේ ”පලාත් අලෙවි බදු ගෙවීමේදී” එක් එක් සංස්ථාවලට ලබාදෙන ලියාපදිංචි අංකයයි. හුදෙක්ම එකිනෙක සංස්ථා වෙන් වෙන්ව හඳුනාගැනීමට ඔවුන් භාවිත කරන්නේ ඒ එකිනෙකට අදාල ඉහතින් සඳහන් කළ අංකය වේ. (නිදසුනක් ලෙසට- ”12345678 ඔන්ටාරියෝ ලිමිටඞ්”) බොහෝ රටවල සංස්ථාපිත නම් තුළ ”සංස්ථාව” නම් පදය ඇතුළත්ව තිබේ. නොඑසේනම් සංස්ථාපිත තත්ත්වයෙන් යුත් ආයතන හැඳින්වීම සඳහා භාවිත කරන කෙටි යෙදුමක් ඒ නම්වල අඩංගු වේ. නෛතිකමය හෝ වෙනත් බලඅධිකාරිමය සාධක සහ භාෂාවට අනුව මෙම යෙදුම් වෙනස් වේ. සමහර නීතිමය හෝ වෙනත් බලඅධිකාරීන් තුළ ඒවා අනිවාර්ය වේ. නමුත් සමහර ඒවා තුළදී එය අනිවාර්ය නොවේ (භාවිත කරන නම් හෝ කෙටියෙදුම්). ඒවායේ භාවිතයන් නිර්මාණාත්මක දැක්මක් හරහා වගකීම් සීමිත ආයතන සමග ගණුදෙනු කිරීමට සිදුවන සියලූම අයට දැනුම් දෙනු ලැබේ. එය සිදුවන්නේ එම ආයතන පිහිටුවන ලද පුද්ගලයන් වෙත එය නැවත ළඟා නොවන බවට දැනුවත්භාවය තුලය. සමහර නෛතික හෝ වෙනත් බලඅධිකාරීන් සංස්ථාපිත තත්ත්වය හැඟවීම සඳහා ”සමාගම්” යන වචනය පමණක් භාවිත කිරීමට ඉඩ නොදේ. එයට හේතුව වන්නේ සමහර විට ”සමාගම” යන වචනය තුළ හවුල් ව්‍යාපාරයක් හෝ කේවල ස්වාමි ව්‍යාපාරයක් සඳහන් කිරීමටද හැකි බැවිනි. එලෙසම පෞරාණිකව සලකද්දී අනවශ්‍ය ලෙස එකතුවුණු පුද්ගල කණ්ඩායමක් හැඳින්වීමටද එම වචනය භාවිත කළ හැකිය. (නිදසුනක් ලෙසට, තානායමක රැඳී සිටින අය)

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Corporation#Formation

"https://si.wikipedia.org/w/index.php?title=“_සංස්ථා”_පසුබිම&oldid=466428" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි