‍ෆ්‍රෙඩ්රික් ඩග්ලස්

විකිපීඩියා වෙතින්

ෆ්‍රෙඩ්රික් ඩග්ලස්

ෆ්‍රෙඩ්රික් ඩග්ලස් (1818-1895) ප්‍රථමවරට මහජන අවධානයට ලක් වුයේ කථිකයෙකු සහ ඔහුගේම ස්වචරිතෝපදානය ලියු කතුවරයා වශයෙනි. ඔහු එම සමයේ බොහෝ කතාබහට ලක් වු අප්‍රිකානු ඇමරිකානු ජාතිකයා බවට පත්විය. එමෙන්ම වඩාත්ම පිළිගැනීමට ලක් වු දේශකයකු හා කතුවරයකු වශයෙන්ද ඔහු ඇමරිකානු ඉතිහාසයට එක්විය.


ඔහුගේ ජන්මය වහල්භාවයට නතු වුයේ මේරිලන්ඩ් හිදීය. ඔහු වහල්භාවයෙන් මිදී වහල්භාවයෙන් තොර වෙනත් රැකියාවල නිරත විය. එමෙන්ම ඔහු පුවත්පත් ගණනාවක කතුවරයා ද විය. ඔහුගේ ප්‍රසිද්ධම කෘතිය වනුයේ ස්වචරිතෝපදානයක් වන "Narrative of the life of frederick Douglas an American Slave" (ෆ්‍රෙඩ්රික් ඩග්ලස්ගේ වහලකු ලෙස ගෙවු දිවියේ කතන්දරය) යයි. එය 1845 දී මුද්‍රණය විය. මෙම කාලයේදීම සමහර විචාරකයෝ මෙම කෘතිය දෝෂදර්ශනයට ලක් කළහ. ඒ කළු ජාතික‍යකු හට මෙවැනි කෘතියක් ලිවිමේ හැකියාවක් නැතිබව පවසමිනි. එහෙත් එම විචාර නොතකා මෙම කෘතිය වැඩි වශයෙන්ම අලෙවි වු කෘතියක් බවට පත්විය.


ඩග්ලස් පසුව මෙම කෘතිය නවීකරණය කර "my bondage and My Freedom(1855) ලෙස ප්‍රකාශ කළේය. සිය ජීවිත කාලය තුළ දී නොයෙක් දේශපාලනමය තනතුරු හෙබ වු ඩග්ලස්, නොයෙකුත් බලපෑම් ඇති කළ හැකි ලිපි හා රචනා, නිර්මාණය කළේය.


සටහන්[සංස්කරණය]

African American literature Frederick Douglass
"https://si.wikipedia.org/w/index.php?title=‍ෆ්‍රෙඩ්රික්_ඩග්ලස්&oldid=472107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි