ෆිලිප් හියුස්

විකිපීඩියා වෙතින්
ෆිලිප් හියුස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමෆිලිප් ජොයෙල් හියුස්
උපත30 නොවැම්බර් 1988(1988-11-30)
මැක්ස්විල්, නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව
මරණය27 November 2014(2014-11-27) (වයස 25)
සිඩ්නි, නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව
අපනාමයහියුසි
උස170 සෙමී[1]
පිතිකරන විලාසයවමතින්-පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් පිට බිඳුම්
භූමිකාවඉහළ පෙළ පිතිකරු, ආදේශක කඩුළුරකින්නා
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2007–2012නිව් සවුත් වේල්ස්
2009මිඩ්ල්සෙක්ස්
2010හැම්බ්ෂයර්
2011–2012සිඩ්නි තන්ඩර්
2012 වොරෙස්ටර්ෂයර්
2013–2014දකුණු ඕස්ට්‍රේලියාව
2012–2014ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස්
2013–2014මුම්බායි ඉන්ඩියන්ස්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා පපෙ ලැඒ
තරග 26 25 114 91
රැස් කල ලකුණු 1,535 826 9,023 3,639
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 32.65 35.91 46.51 47.25
100ඒවා/50ඒවා 3/7 2/4 26/46 8/23
වැඩිම ලකුණු 160 138* 243* 202*
යැවුනු පන්දු 24
කඩුළු 0
පන්දු යැවීමේ සාමාන්‍යය
ඉනිමකදී කඩුළු පහක්
තරගයකදී කඩුළු 10 ක් අ/නැ අ/නැ
හොඳම පන්දු යැවීම
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 15/– 5/– 72/– 30/–
මූලාශ්‍රය: ක්‍රිකට්ආකයිව්, 2014 25 නොවැම්බර්

ෆිලිප් ජොයෙල් හියුස් (30 නොවැම්බර් 1988 – 27 නොවැම්බර් 2014) යනු, දකුණු ඕස්ට්‍රේලියාව සහ වෙරෙස්ටර්ෂයර් වෙනුවෙන් දේශීය ක්‍රිකට් ක්‍රීඩා කල, ඕස්ට්‍රේලියානු ටෙස්ට් සහ එක්-දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. ඔහු වමතින් පිත්ත හැසිරවූ ඉනිම ආරම්භ කල පිතිකරුවකු වූ අතර, වයස අවුරුදු 20 ක් වත්ම, 2009 වසරෙහිදී සිය ටෙස්ට් මංගලාවතරණය සිදු කිරීමට පෙර, තරග වාර දෙකක් තුලදී නිව් සවුත් වේල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලේය.[2]

එංගලන්තයේ පැවති 2009 අළු බඳුන තරගාවලිය තුලදී, ඔහු කණ්ඩායමෙන් ඉවත් කර තිබුණේ, කෙටි පන්දු වලට එරෙහිව ඔහු තුල ඇති බවට ප්‍රත්‍යක්ෂ කර ගෙන තුබූ දුර්වලතා නිසා වන අතර, ඔහු වෙනුවට ෂේන් වෙටේසන් ක්‍රීඩාවෙහි යෙදවිණි.[3] පකිස්තානයට එරෙහිව 2010 ජනවාරි මසදී ඔහු යළිත් තරග කිරීමට තෝරා ගත් අතර, 2010 මාර්තු මාසයේදී නවසීලන්තයට එරෙහිව ඔහු යළිත් තෝරා ගත් අවස්ථාවෙහිදී, දෙවන-ඉනිමෙහි ලකුණු හඹායෑමේදී නොදැවී ලකුණු 86 ක් රැස් කර ගත්තේය.[4]

2010/11 අළු බඳුන තරගාවලියේදී, 17-පුද්ගල ටෙස්ට් සමූහයෙන් හියුස් මුලදී අත්හැර තිබුනද, සයිමන් කැටිච් වෙත තුවාල සිදුවීම නිසා, පර්ත්හී තෙවන ටෙස්ට් තරගයට තෝරා ගන්නා ලදි .[5][6] තරගාවලිය තුල හියුස්ගේ ක්‍රීඩාකිරීමේ කෞශල්‍යය සාපේක්ෂ වශයෙන් දුර්වල මට්ටමක පැවතියද, 2010/11 තරග වාරයේ අවසන් කාලයේදී නිව් සවුත් වේල්ස් කණ්ඩායම සඳහා හොඳ ක්‍රීඩා කිරීම් මට්ටමක සිටි බැවින්, අගෝස්තු/සැප්තැම්බර් 2011 ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සංචාරය සඳහා කණ්ඩායමෙහි රඳවා ගන්නා ලදි.[7] ශ්‍රී ලංකාවට එරෙහි තරග මාලාවේ තෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙහිදී හියුස් ලකුණු 126 ක් රැස් කල අතර ඊළඟට පැවැති දකුණු අප්‍රිකාවේ ඕස්ට්‍රේලියානු සංචාරයෙහිදී ලකුණු 88 ක් රැස් කර ගති.[4]කෙසේවෙතත්, 2011–12 වසරෙහිදී නවසීලන්තය විසින් ඕස්ට්‍රේලියාවේ කල සංචාරය තුලදී, මාටින්ගේ පන්දු වෙත පහර එල්ලකල විට ගප්ටිල් විසින් උඩ පන්දුව රැකීම නිසා පිට පිට සතර වතාවක් හියුස් දැවී යෑම නිසා, ඔහු කණ්ඩායමෙන් ඉවත් කොට, එඩ් කවන් ඒ වෙනුවට කණ්ඩායමට එක් කෙරිණි.[8]

ඔහු කණ්ඩායමෙන් කපා හැරීමෙන් පසුව, බිග් බෑෂ් ලීගයේ ක්‍රිඩා කිරීම හියුස් විසින් මදකට නතර කලේ ඔහුගේ ක්‍රීඩා විලාසය සරි කර ගැනීම සඳහාය. වොරෙස්ටර්ෂයර් කණ්ඩායම සමගින් කොන්ත්‍රාත්තුවක් අත්සන් කල හියුස්, ප්‍රධාන වශයෙන් අංක 3 ස්ථානයෙහි ක්‍රීඩා කරමින් ඵලබර ක්‍රීඩා වාරයක් භුක්ති වින්දේ පළමු පෙල ක්‍රිකට් මාදිළියෙහි ලකුණු 35 ක සාමාන්‍යයක්ද, වි20 ක්‍රිකට් මාදිළියෙහි ලකුණු 100 ක සාමාන්‍යයක්ද, එදිජා ක්‍රිකට් මාදිළියෙහි ලකුණු 83 ක සාමාන්‍යයක්ද රඳවා ගනිමිනි.[9] වෙරෙස්ටර්ෂයර් සඳහා ඔහුගේ ප්‍රබල ක්‍රීඩා වාරය හියුස් විසින් තවත් ඔප නංවා ගත්තේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත ක්‍රීඩාකිරීම වෙනුවට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත ක්‍රීඩාකිරීම තෝරාගෙන එය මනා කෞෂල්‍යයක් සමගින් ඉටු කිරීමෙනි. ක්‍රිකට් ඕස්ට්‍රේලියා හී එකල ජාතික තේරීම් කමිටුවෙහි සභාපති, ජෝන් ඉන්ටරෑරිටි විසින් සටහන් කර ගත්තේ, ඕස්ට්‍රේලියාවේ අනාගත කණ්ඩායමෙහි හියුස් වැදගත් භූමිකාවක් ඉටු කල යුතු බවයි.[10]

ඔහුගේ හොඳ ක්‍රීඩා ස්වරූපය වෙනුවෙන් හියුස් වෙත 2012 වසරෙහිදී ප්‍රතිලාභ ලැබුනේ, පළමුව 2012–13 වසරෙහිදී ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාවේ කල සංචාරය සඳහා ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් තෝරා ගැනීමෙන්ද , ඉන්පසුව එම තරග සංචාරයෙහිම පළමු එදිජා දෙක සඳහා ඕස්ට්‍රේලියානු එදිජා සමූහය සඳහා තෝරා ගැනුමෙනි. 2013 ජනවාරි 11 දිනදී, එදිජා ක්‍රිකට් ඉතිහාසය තුල සිය මංගලාවතරණයෙහිදී ශතකයක් රැස් කල පළමු ඕස්ට්‍රේලියානු පිතිකරුවා වීමට හියුස් සමත්වූ අතර, මෙම ප්‍රයාණය ඔහු සාක්ෂාත් කරගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව මෙල්බර්න්හී පැවැති තරගයෙහිදීය. මෙතුවක් කල්, ටෙස්ට් තරගයකදී පිට පිට ශතක රැස් කල ලාබාලම ක්‍රීඩකයා වීමටද හියුස් සමත්වූ අතර, මෙම ප්‍රයාණය ඩර්බන් හිදී ඔහු සාක්ෂාත් කර ගත්තේ, 2009 වසරෙහිදී දකුණු අප්‍රිකාවට එරෙහිවය.

2014 නොවැම්බර් 25 දිනදී, සිඩ්නි ක්‍රිකට් පිටියෙහිදී (SCG) පැවති ෂෙෆීල්ඩ් පළිහ තරගයකදී, බවුන්සර පන්දුවක් වැදීම නිසා, කශේරු ධමනි විච්ඡේදනය සිදුවීමෙන් මොළයේ රුධිර වහනයක් ඇති කර ලීම නිසා, පිටිය තුල සිහිසුන්ව හියුස් ඇද වැටුනේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම් වෛද්‍යවර පීටර් බ්‍රක්නර් සටහන් කර ගත්තේ, මෙවැනි සිදුවීම් 100 ක් පමණක් මෙතුවක් වාර්තාවී ඇති බවත්, ඒ අතුරින් "ක්‍රිකට් පන්දුවක් නිසා සිදුවී ඇතැයි වාර්තා වී ඇත්තේ එක් අවස්ථාවක් පමණක්" බවත්ය.[11] සෙන්ට් වින්සන්ට්ස් රෝහල වෙත ඔහු ගෙන ගිය අතර, එහිදී ශල්‍යකර්මයන්ට භාජනය කරනු ලැබ, ප්‍රේරිත අධිමූර්ඡා තත්ත්වයක හා දැඩි සත්කාර යටතේ අවදානම් තත්ත්වයක පසුවිය.[12] 2014 නොවැම්බර් 27 දිනදී ඔහු මියගියේ, යළි සිහිය නොලබාමය.[13]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ෆිලිප් හියුස්". cricket.com.au. ක්‍රිකට් ඕස්ට්‍රේලියා. සම්ප්‍රවේශය 15 ජනවාරි 2014.
  2. "බූෆා ගෝස් ෆ්‍රොම් බුෂී ටු බ්ලූ". ෆොක්ස් ස්පෝට්ස් නිවුස්. 22 නොවැම්බර් 2007. http://www.foxsports.com.au/story/0,8659,22800278-23212,00.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 දෙසැම්බර් 2007. 
  3. "හියුස් ඩ්‍රොප්ඩ් ටු මේක් වේ ෆෝ වොට්සන් | ක්‍රිකට් නිවුස් | ඉංග්ලන්ඩ් වර්සස් ඕස්ට්‍රේලියා 2009". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
  4. 4.0 4.1 "බැටිං රෙකෝඩ්ස් | ටෙස්ට් මැචර්ස් | ක්‍රික්ඉන්ෆෝ ස්ටැට්ස්ගුරු | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ". Stats.espncricinfo.com. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
  5. "දි ඈෂර්ස් 2010–11: සේවියර් ඩොහර්ටි ඇන්ඩ් කැලම් ෆර්ගසන් ඉන් 17-මෑන් ඈෂර්ස් ස්කොඩ් | ක්‍රිකට් නිවුස් | ඕස්ට්‍රේලියා වර්සස් ඉංග්ලන්ඩ්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
  6. "ඕස්ට්‍රේලියා වර්සස් ඉංග්ලන්ඩ්, තර්ඩ් ටෙස්ට්: ෆිලිප් හියුස් කන්ෆිඩන්ට් හී වෝන්ට් ෂෝට් අවුට් | ක්‍රිකට් නිවුස් | ඕස්ට්‍රේලියා වර්සස් ඉංග්ලන්ඩ්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
  7. කවර්ඩේල්, බ්‍රයිඩන් (18 මාර්තු 2011). "ෆිලිප් හියුස් අර්න්ස් ඇන්ඩෲ හිල්ඩිච් ප්‍රේස්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/story/506916.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 මාර්තු 2011. 
  8. "ඉන්ඩියා ඉන් ඕස්ට්‍රේලියා 2011–12: එඩ් කවන්, ෂෝන් මාෂ්, බෙන් හිල්ෆන්හවුස් නේම්ඩ් ෆො බොක්සිං ඩේ | ක්‍රිකට් නිවුස් | ඕස්ට්‍රේලියා වර්සස් ඉන්ඩියා". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
  9. "හියුස් සෙට් ෆො වොරෙස්ටර්ෂයර් ටෝක්ස් – වොරෙස්ටර්ෂයර්– කවුන්ටීස් – ඩොමස්ටික් – නිවුස් ආර්කයිව්". ECB. 16 නොවැම්බර් 2012. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
  10. "ඕස්ට්‍රේලියා ක්‍රිකට් නිවුස්: හියුස්, ක්වාජා හෑව් අ ලොට් ටු ලර්න් ෆ්‍රොම් පොන්ටිං – ඉන්වරෑරිටි". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
  11. "ෆිලිප් හියුස්: ඩොක්ටර්ස් රිවීල් කන්ඩිෂන් 'ඉන්ක්‍රෙඩිබ්ලි රෙයාර්' විත් ඔන්ලි වන් අදර් කේස් රිසල්ටිං ෆ්‍රොම් ක්‍රිකට් බෝල් එවර් රිපෝටඩ්". ඒබීසී නිවුස්.
  12. "සවුත් ඕස්ට්‍රේලියන් බැට්ස්මන් ෆිල් හියුස් ඉන් ක්‍රිටිකල් කන්ඩිෂන් ආෆ්ටර් බීං හිට් බයි බවුන්සර් ඉන් ෂීල්ඩ් ගේම් ඇට් දි එස්සීජී". ඕස්ට්‍රේලියානු විද්‍යුත් විකාශ සංස්ථාව. 25 නොවැම්බර් 2014. http://www.abc.net.au/news/2014-11-25/test-aspirant-phil-hughes-knocked-out-in-shield-match/5916844. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2014. 
  13. "ෆිලිප් හියුස් ඩෙඩ්: ඕස්ට්‍රේලියන් ක්‍රිකටර් ඩයිස් ආෆ්ටර් බවුන්සර් ඇට් එස්සීජී". ද සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්.
"https://si.wikipedia.org/w/index.php?title=ෆිලිප්_හියුස්&oldid=395969" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි