ෆියුජිටිව්ස් (කවියන්)

විකිපීඩියා වෙතින්

ෆියුජිටිව්ස් ලෙසින් හැඳින්වූයේ 1920දී පමණ එක්සත් ජනපදයෙහි, නෑෂ්විල්, ටෙනසිහී, වැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයෙහි ඒකරාශි වූ කවියන් හා සාහිත්‍ය ප්‍රාඥයන් කණ්ඩායමකි. ඔවුන් විසින් 1922-1925 අතරතුර කාලය තුලදී තම කෘතීන්හි විශේෂත්වයන් පිළිඹිබු කල ද ෆියුජිටිව් නමැති කුඩා සාහිත්‍යමය සඟරාව ප්‍රකාශයට පත් කලහ. ද ෆියුජිටිව් ප්‍රකාශයට පත් කෙරුණු කාල පරිච්ඡේදය ඉතා කෙටි එකක් වුවද එය ඇමරිකානු සාහිත්‍ය ඉතිහාසයෙහි මහත් වැදගත් ප්‍රකාශන අතුරින් එකක් ලෙස ගැනේ. ද ෆියුජිටිව් නිසා, විසිවන සියවසෙහි පළමු අඩෙහි පාඨානුගත විශ්ලේෂණයෙහි ඉංග්‍රීසියෙන් ප්‍රමුඛ විධිය වූ නව විචාරයෙහි මූල ප්‍රභවයක් බවට වැන්ඩබිල්ට් පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ෆියුජිටිව්ස්_(කවියන්)&oldid=220208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි