Jump to content

ෆාහ්‍රිඩ් මුරේ ඒබ්‍රහම්

විකිපීඩියා වෙතින්
ෆාහ්‍රිඩ් මුරේ ඒබ්‍රහම්
උපත ඔක්තෝම්බර් 24, 1939 (වයස 70)
පීට්‍රස්බර්ග්, පෙනිසිල්වේනියා , ඇමෙරිකා එක්සත් ජනපදය
අනෙක් නම් ෆ්‍රෑන්ක් මුරේ ඒබ්‍රහම්
රැකියාව නළුවෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1971– වර්තමානය දක්වා
භාර්යාව කේට් හැනන් (1962– වර්තමානය දක්වා)

ෆාහ්‍රිඩ් මුරේ ඒබ්‍රහම් (උපත ඔක්තෝම්බ්‍ර 24, 1939) ඇමෙරිකානු ජාතික ඇසිරියන් පාරම්පරිකයෙකි. ඔහුව ලෝකයා වඩාත් හඳුනා ගත්තේ “Amadeu” හි ඇන්ටොනියො සැලිරි ලෙස රඟපෑමෙන් පසු හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මාන දිනා ගැනීමෙන් පසුවය. ඔහු විවිධ ප්‍රධාන සහ සහාය චරිත වලට පණ පොවා ඇත. ඒබ්‍රහම්, කාර්මිකයකු වූ ඔහුගේ පියා ෆාරීඩ් ඒබ්‍රහම්ට සහ මව ජොසපීන්ට දාව උපත ලැබීය. ඔහුගේ පියා 1920 දී සිරියාවෙන් සංක්‍රමණය වු ඇසිරියන් ක්‍රිස්තියානි ජාතිකයකු විය. ඔහුගේ මව ඉතාලියානු ඇමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවක් විය. ඒබ්‍රහම් හැදී වැඩුනේ මෙක්සිකානු දේශසීමාව අසල පිහිටි එල්පාසූ වලය.එහිදී ඔහු කලක් කල්ලියක සාමාජිකයකු වී සිටියේය. ඔහු Texas Western College හි ඉගෙනුම ලැබීය. එහිදී ඔහු හොඳම නළුවා ලෙස නම් කරන ලදී. පසුව ඔහු Uta Hagen හිදී ද ඉගෙනුම ලැබීය. ඔහු වේදිකාවෙන් තම රංඟන ජීවිතය පටන් ගත්තේය.