Jump to content

ෆාලුන් ඩාෆා

විකිපීඩියා වෙතින්

ෆාලුන් ඩාෆා පිළිබඳ ව කෙටි හැදින්වීම


ෆාලුන් ගොංග්, ලෙසත් හදුන්වන ෆාලුන් ඩාෆා, ලොව වටා මිනිසුන් මිලියන ගණනක් ඔවුන්ගේ ජීවිතවල කොටසක් බවට පත් කරගෙන ඇති අධ්‍යාත්මික සංවර්ධන පුහුණුවකි. බෞද්ධ සම්ප්‍රදාය තුළ මුල් බැසගත් එයට ප්‍රධාන කොටස් දෙකක් ඇතුළත් වෙනවා.


1.ඉගැන්වීම් අධ්‍යයනය තුළින් ස්වයං-වැඩි දියුණුව

2. මෘදු ව්‍යායාමයන්, සහ භාවනාව.


විනය ගරුක පුහුණුවක් තුළින් අධ්‍යාත්මික වර්ධනයේ හැකියාව පිරිනැමීම ෆාලුන් ඩාෆා විශ්වාස කරන ක්‍රමයයි. ඔවුන්ගේ ජීවිතවලට විශ්වයේ මූලික ගුණාංගයන්: සත්‍ය, කරුණාව සහ ඉවසීම එකතු කර ගැනීමට ඔවුන් උත්සාහ දරණ නිසා එහි ඉගැන්වීම් අහිතකර බැඳීම් ඉවත් කිරීම ඉගෙන ගැනීමට දිරිමත් කරනවා.


ෆාලුන් ඩාෆා පුහුණු වන මිනිසුන් එයින් ඔවුන්ගේ ජීවිත නිතරම වෙනස් වන බව දැන ගන්නවා. අලුතින් ශක්තිය ලැබීම, මානසික නිරවුල් බව සහ ආතතිය සමනය වීම මෙන්ම බොහෝ චමත්කාරජනක ‌සෞඛ්‍ය ප්‍රතිලාභයන් අත්දැකීමෙන් දැන ගන්නවා. ඉතාම වැදගත් වන්නේ, බොහෝ දෙනෙකුට ෆාලුන් ඩාෆා තුළින් අගනා ප්‍රතිඵල ලබා දෙන ගැඹුරුම අධ්‍යාත්මික මාර්ගයක් ඔවුන්ට ලැබී තිබෙන බව දැනීමයි.


පසුබිම සහ ඉගෙන ගන්නේ කෙසේද


මෙම පුහුණුවේ ගුරුතුමා (ආසියානු සම්ප්‍රදාය තුළ "මාස්ටර්"), ලී හොන්ග්ෂි මහතා විසින් ෆාලුන් ඩාෆා මුලින්ම චීනයේ දී උගන්වනු ලැබුවා. එය මේ වන විට රටවල් 80 කට වඩා වැඩි ප්‍රමාණයක පුහුණුවන අතර ලී හොන්ග්ෂි මහතාගේ ඉගැන්වීම් භාෂා 40 කට වඩා පරිවර්තනයවී තිබෙනවා.


ෆාලුන් ඩාෆා හි ප්‍රධාන ඉගැන්වීම් ෂුආන් ෆාලුන් පොත තුළ අන්තර්ගත කොට තිබෙනවා. එය මාර්ගගත කියවීම සදහා නොමිලේ මෙම වෙබ් අඩවිය තුළ සපයා තිබෙන අතර තව ද පොත් සාප්පුවලින් ද ලබාගත හැක. ව්‍යායාමයන් සහ භාවනාව, දේශීය සම්බන්ධතා (පහත) යටතේ පහත සම්බන්ධක අනුගමනය කිරීම මගින් හෝ මෙම වෙබ් අඩවියේ ඇති සම්පත් යොදා ගනිමින් ඉගෙන ගැනීමට පුළුවන්.


ෆාලුන් ඩාෆා නොමිලේ උගන්වනු ලබන අතර එය සියලු දෙනා සදහා විවෘතයි

https://lk.falundafa.org/index.html?v=bks04

"https://si.wikipedia.org/w/index.php?title=ෆාලුන්_ඩාෆා&oldid=556819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි