ෆ්‍රැන්සිස්කෝ ගෝයා

විකිපීඩියා වෙතින්
ෆ්‍රැන්සිස්කෝ ගෝයා
ස්ව-ආලේඛ්‍යය, 1795–1797, brush and gray wash on laid paper, 15.3 x 9.1 සෙමී , මෙට්‍රොපොලිටන් මියුසියම් ඔෆ් ආර්ට්, නිව් යෝර්ක් නගරය, එ. ජ.
උපතේදී නමෆ්‍රැන්සිස්කෝ ජොසෙ ඩි ගෝයා වයි ලුසියෙන්තේ
උපත30 මාර්තු 1746(1746-03-30)
ෆුයෙන්ඩෙටෝඩෝ
ජාතිකත්වයස්පාඤ්ඤ ජාතික
ක්ෂේත්‍රයසිත්තම් කිරීම, මුද්‍රණකරණය
කෘතීන්ද පැරසෝල්, 1777 පමණ.
ලා මාජා ඩෙස්නුඩා, 1800 පමණ.
ලා මාජා වෙස්ටිඩා, 1803 පමණ.

ද සෙකන්ඩ් ඔෆ් මේ 1808, 1814
ද තර්ඩ් ඔෆ් මේ 1808, 1814

ද ෆැමිලි ඔෆ් චාල්ස් IV ඔෆ් ස්පේන්, 1800

ෆ්‍රැන්සිස්කෝ ජොසෙ ඩි ගෝයා වයි ලුසියෙන්තේ (30 මාර්තු 1746 – 16 අප්‍රේල් 1828) යනු, පැරැණි ප්‍රසිද්ධ චිත්‍රශිල්පීන් අතුරින් අවසානයා හා නූතනයන් අතුරින් පළමුවැන්නා ලෙසින් සැලකෙන, ස්පාඤ්ඤ ජාතික සිත්තරෙකු සහ මුද්‍රණ ශිල්පියෙකු වේ. ගෝයා, ස්පාඤ්ඤ කිරීටයට සේවය කල රාජසභා-සිත්තරෙකු සහ ඉතිහාස වාර්තාකරුවකු විය. ඔහු‍ගේ සිත්තම් වල දක්නට ලැබුණු පෙරළිකාරි සහ පුද්ගල නිහ්ශ්‍රිත වස්තුමාත්‍රය ‍මෙන්ම, සායම් භාවිතයෙහිදී පෙන්වූ එඩිතර බව, පසුකාලීන පරම්පරාවලට සිත්තරුන්ට, වෙසෙසින් මැනට් සහ පිකාසෝ යන්නන්ට, කෘති ආදෘශ්‍යයක් ‍‍ලෙසින් ක්‍රියා කිරීමට සමත් විය .[1]

චරිතාපදානය[සංස්කරණය]

තරුණ කාලය[සංස්කරණය]

1746 දී, ජොසෙ බෙනිටෝ ඩි ගෝයා වයි ෆැන්කේ සහ ග්‍රාසියා ඩි ලුසියෙන්තේ වයි සැල්වඩෝර් හට දාව, ගෝයා උපත ලැබුවේ ස්පාඤ්ඤයේ, ඇරගෝන්හි, ෆුයෙන්ඩෙටෝඩෝහිදීය. ඔහුගේ මවගේ පවුල් ලාංඡනය දැරූ, ෆුයෙන්ඩෙටෝඩෝ හි පිහිටි නිවසක තම පවුලේ සියළු දෙන සමග ‍හේ කුඩා අවදිය ගත කලේය. ඔහුගේ පියා ජීවනෝපාය ලෙස සිදු කලේ ස්වර්ණාලේප කිරීමයි. 1749 දී පමණ, පවුල විසින් සැරගෝසා නගරයෙහි නිවසක් මිලදී ගෙන, වසර කිහිපයකට පසුව එහි පදිංචියට ගියහ. එස්කියුලාස් පියාස් හි පාසැලකට ඇතුළු වූ ගෝයා, එහිදී මාටින් සැපටර් සමග කිට්ටු මිත්‍රත්වයකට එළඹුණු අතර, වසර ගණනක් තිස්සේ සිදුවූ ඔවුන්ගේ ලිපි හුවමාරුවන්, ගෝයාගේ චරිතාපදානයන් සඳහා වටනා විෂය කරුණු සැපයීය. 14 වියෙහිදී, හේ, සිත්තර ජෝසේ ලුසාන් ගේ ආධුනිකයෙකු බවට පත් විය.

හේ පසුව මැඩ්රිඩ් නගරයෙහි පදිංචියට ගොස්, එහිදි, ස්පාඤ්ඥ රජ පවුල තුල ප්‍රිය බවට පත්ව සිටි සිත්තරකු වූ, ඇන්ටන් රෆායෙල් මෙන්ග්ස් හා එක්ව අධ්‍යයනය කලේය. ඔහුගේ ගුරුවරයා සමග හේ ගැටුම් ඇති කර ගත් අතර, ඔහුගේ පරික්ෂණ විභාගයන් හිදී අසාර්ථක විය. ගෝයා විසින්, සෞන්දර්යය කලා පිළිබඳ රාජකීය ඇකඩමිය වෙත 1763 සහ 1766 දී, අයැදුම්පත් යැවු මුත් ඇතුළත් කර නොගැණිනි.

ඉක්බිතිව රෝමය බලා ගමන් කල හේ, එහිදී, 1771 වසරෙහිදී පාර්මා පුරය විසින් සංවිධානය කෙරුණු සිත්තම් තරගයකින්, දෙවන ත්‍යාගය දිනීමට සමත් විය. එම වසරෙහිම පසු භාගයෙහිදී, සැරගෝසා වට නැවත පැමිණි ඔහු, ස්තම්භයෙහි ආසන දෙව් මැදුර හි අර්ධගෝල ශිර්ෂිකාවෙහි කොටසක්, අවුලා ඩෙයි හි ඔරටරි ඔෆ් ද ක්ලොයිස්ටර්ස් හි බිතු සිතුවම්, හා සොබ්රාඩියල් මාලිගයෙහි බිතුසිතුවම් යනාදිය සිත්තම් කලේය. ෆ්‍රැන්සිස්කෝ බේයූ වයි සුබියාස් හා සමග එක්ව අධ්‍යයනයන් සිදු කල ඔහුගේ, ජනප්‍රිය බවට හේතු කාරක වූ, සිත්තම් හි සියුම් තානීයතාවයන් පෙන්නුම් කිරීමට පටන් ගත්තේය.

ද තර්ඩ් ඔෆ් මේ 1808, 1814. කැන්වස් හි තෙල් සායම්, 266 х 345 සෙමී. මියුසියෝ ඩෙල් ප්‍රාඩෝ, මැඩ්රිඩ්.

පරිණතභාවය සහ සාර්ථකත්වය[සංස්කරණය]

බේයුගේ සොහායුරිය ජොසෙෆා හා සමග, 1773, ජූලි 25 දිනදී ගෝයා විවාපත් විය. ජොසෙෆා වෙත ඔහුගේ විවාහය (ඔහු විසින් ඇයට පටබැඳි නම වූයේ "පෙපා" යන්නයි) සහ, ෆ්‍රැන්සිස්කෝ බේයුගේ සෞන්දර්යය කලා පිළිබඳ රාජකීය ඇකඩමියෙහි (1765 වසරෙහි සිට) සාමාජිකත්වය හේතු කොට ගෙන, රාජකීය හැඩ-වැඩ වැඩපොළෙහි කාර්යයන් ලබා ගැනුමට හේ සමත් විය. එහිදී, වසර පහක් පුරා කාලය තුලදී, රටාවන් 42 ක් සැලසුම් කිරීමට හේ සමත් වූ අතර, එල් එස්කෝරියල් හා, ස්පාඤ්ඥ රාජකීයයන් සඳහා තැනවුනු නව නිවහන් වූ පැලෂියෝ රියාල් ඩෙල් පාඩෝ හි, අනලංකෘත ගල් බිත්ති සැරසීමට (හා පරිවාරණය කෙරුමට) මෙයින් බොහෝමයක් භාවිතා කෙරුණි. ඔහුගේ කලාත්මක කෞෂල්‍යයන් පිළිබඳව ස්පාඤ්ඤ රාජකීයයන්ගේ අවධානය යොමු කරවීමටමෙය සමත් වූ අතර, ඔවුන් විසින් පසු කලෙක ඔහු හට රාජ සභා‍ව වෙත සම්ප්‍රවේශය සඳහා අවකාශ සලසන ලදි. සන් ෆ්‍රැන්සිස්කෝ එල් ග්‍රැන්ඩේ දේවස්ථානයෙහි අල්තාරයෙහි භාවිතය සඳහා කැන්වස් ආවරණයක් ඔහු විසින් සිත්තම් කරන ලදුව, එම නිසාම ඔහු සෞන්දර්යය කලා පිළිබඳ රාජකීය ඇකඩමියෙහි සාමාජිකත්වය දිනීමට සමත් විය.

1783 දී , IIIවන චාර්ල්ස් රජුගේ ප්‍රියතමයෙකුවූ, ‍ෆ්ලොරිඩබ්ලන්කා හි සිටුතුමා විසින්, තම ආල්ඛ්‍යයක් සිත්තම් කිරීමෙහි කර්තව්‍යය ඔහු‍ වෙත පවරන ලදි. ඔටුන්න හිමි දොන් ලුයිස් කුමරු හා මිතුරු වීමටද ඔහුට අවස්ථාව සැලසුනු අතර, ඔහුගේ ගෘහයෙහි වාසය කිරීමටද වරම් ලදි. ඔහු විසින් සිත්තම් කරන ලද, ඔසුනා හි ආදිපාදවරයා හා එම ආදිපාදවරියද, රජතුමා හා රාජධානියෙහි අනෙකුත් වැදගතුන්ද ඇතුළත් වන පරිදි ඔහුගේ අනුග්‍රාහක පිරිස වර්ධනය විය.

1788 දී IIIවන චාර්ල්ස් ගේ මරණය හා 1789 දී ප්‍රංශයේ සිදුවූ විප්ලවයෙන් අනතුරුව, IVවන චාර්ල්ස් ගේ රාජ්‍යත්වය අතරතුරදී, රාජකීයන් අතර ඔහුගේ ජනප්‍රියතාවයෙහි හිණිපෙත්තට නැගීමට හේ සමත් විය.[2]

ස්පාඤ්ඤයෙහි IVවන චාර්ල්ස් හා ඔහුගේ පවුල, 1800. තියෝ‍ෆිලේ ගෝටියර් විස්තර කලේ රූපයන් දිස්වන්නේ "ලොතරැයියක් දිනුමෙන් පසුව බේකරි හිමියා හා ඔහුගේ බිරිය " ලෙසට බවකි.[3]

රාජකීයයන්ගේ සිත්තරා[සංස්කරණය]

1786දී, IIIවන චාල්ස් ගේ සිත්තරා ලෙසින් ගෝයා පත් කෙරුණු අතර, 1789දී IVවන චාල්ස් ගේ රාජ සභා සිත්තරා ලෙස පදවි ලැබීය. 1799දී හේ, අග්‍ර රාජ-සභා සිත්තරා ලෙසින් පදවි ලැබ රියලෙස් 50,000 ක වේතනයකට සහ ඩුකැට්ස් 500 ක අස් රිය දීමනාවකට හිමි කම් ලැබීය. හේ, සැන් අන්ටෝනියෝ ඩි ලා ෆ්ලොරිඩා තාපසාරාමයෙහි අර්ධගෝල ශීර්ෂිකාවෙහි කෘත්‍යයන් සිදුකලේය; ඔහු විසින්, රජ හා රැජින, රජ පවුලේ රූප, සාමයේ කුමරුන්ගේ හා තවත් බොහෝ රදළයන්ගේ ආලේඛ්‍ය ද සිත්තම් කෙරිණි. ඔහුගේ අලේඛ්‍යයන්හි කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ බොරු ආ වැඩීම් විරහික බව වන අතර, ස්පාඤ්ඤයේ IVවන චාර්ල්ස් හා ඔහුගේ පවුල හි, දෘශ්‍ය උපාය ප්‍රයෝග විරහිත බව විශිෂ්ට ලෙසින් පෙණිනි.[4]

ස්පාඤ්ඤ රදළ පෙළ අතර වූ ඔහුගේ බොහෝ මිතුරන්ගෙන් ඇණවුම් ගෝයා වෙත ලැබිණි. පෙඩ්රෝ ටෙලෙස්-ගිරොන්, ඔසුමා හි 9වන ආදිපාදවරයා හා ඔහුගේ භාර්යාව මාරියා ජොසෙෆා පිමෙන්ටෙල්, බෙනවෙන්ටේ හි 12වන සිටුතුමිය-ආදිපාදවරිය, මාරියා ඩෙල් පිලාර් ඩි සිල්වා, අල්බා හි 13වන ආදිපාදවරිය ("අල්බා හි ආදිපාදවරිය" ලෙසින් පුළුල් ලෙස හැඳින්වෙන), සහ ඇයගේ ස්වාමිපුරුෂ ජොසේ මාරියා අල්වාරෙස් ඩි ටොලෙඩො, මෙඩිනා සිඩෝනියා හි 15වන ආදිපාද, සහ මාරියා ඇනා ඩි පොන්ටෙජොස් වයි සැන්ඩොවාල්, පොන්ටෙජොස් හි වංශාධිපකිනිය ආදි බොහෝ එවැන්නන්ගෙන් ආලේඛ්‍ය කාර්යසාධන උපයාගැනුමට ඔහු සමත් විය.



සටහන්[සංස්කරණය]

  1. ගෝයා ඇන්ඩ් මොඩර්නිසම්, බයිනල් ඉන්ටර්නැෂනල් ඩි සාඕ පෝලෝ සංරක්ෂණය කළ පිටපත 2008-01-17 at the Wayback Machine Retrieved 27 ජුලි 2007.
  2. ගැලෙරියා ඩි ආර්ටෙ ට්‍රාන්ස්ප‍රෙන්සියාස් ඇන්‍‍කොරා අ ටොඩො කලර් 1961 මියුසියෝ ඩෙල් ප්‍රාඩෝ වෙතින් ගෝයා චරිතාපදානය. eeweems.com හි උද්ධරණය කොට ඇති පරිදි
  3. චොකානො, කරිනා. "ගෝයාස් ගෝස්ට්ස්". ලොස් ඇන්ජලීස් ටයිම්ස්, 20 ජූලි 2007. 18 ජනවාරි 2008 සම්ප්‍රවේශණය කෙරිනි.
  4. ලිච්ට්, ෆ්‍රෙඩ්: ගෝයා: දි ඔරිජින්ස් ඔෆ් ද මොඩර්න් ටෙම්පර් ඉන් ආර්ට්, පිටුව 68. යුනිවර්ස් බුක්ස්, 1979. "සපාඤ්ඤ ආල්ඛ්‍යය චිත්‍ර කලාව බොහෝ විට උත්කේන්ද්‍රියතාවය ඇති සැටියෙන්ම ඉස්මතු කිරීමට රුචිකත්වයක් දැරීම යමෙකු විසින් සැලැකිල්ලට ගත් කලෙක වුවද, ගෝයාගේ ආලේඛ්‍යයන් අනන්‍ය වන්නේ, මානව සිස් බව දැඩි ලෙසින් සටහන් කිරීම නිසාය".


http://en.wikipedia.org/wiki/Francisco_Goya

"https://si.wikipedia.org/w/index.php?title=ෆ්‍රැන්සිස්කෝ_ගෝයා&oldid=593994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි