ෆ්ලෑෂ් නිර්මාණ

විකිපීඩියා වෙතින්

ෆ්ලෑෂ් නිර්මාණ

ෆ්ලෑෂ් නිර්මාණයක් හෝ ෆ්ලෑෂ් කාටුනයක් යනු ඇඩෝබ් ෆ්ලෑෂ් නිර්මාණ මෘදුකාංගය මඟින් නිර්මාණය කරන ල ද swf යන ආකෘතිය ඇති චිත්‍රපටයකි. ෆ්ලෑෂ් යන වචනය ආකෘතිය විස්තර කිරීමට පමණක් නොව එක්තරා ආකාරයකට දෘශ්‍යය චලනය හා රටාව ද නිරූපනය කරයි. මෙවන් ෆ්ලෑෂ් නිර්මාණ සම්මාන ලබමින්ද බොහෝ රූපවාහිනී වැඩසටහන් පෙලවලට සම්බන්ධ වෙමින්ද පුනරුදයකට ලක්වී තිබේ.

1990 අගභාගයේදී අන්තර්ජාල කලාප පලල 56 කිලෝබයිට් / තප්පරයට සීමාවූ නිසා බොහෝ ෆ්ලෑෂ් නිර්මාණ නිෂ්පාදනය සීමා සහිත වී තිබිණ. උදාහරණයක් ලෙස 1999 දී 628 කිලෝබයිට් ප්‍රමාණයකට ප්‍රවාචනය කල "ද ගෝඩ්මන් ජෝර්ජ් ලිකර් වැඩසටහන" සැලකිය හැක.

මෙවන් සමහර ෆ්ලෑෂ් නිර්මාණ ඉතා දුර්වල චලනයන්ගෙන් හා වේගවත් වෙනස්කම්වලින් යුක්ත වේ. බොහෝ ෆ්ලෑෂ් චිත්‍රපට දෛශික පදනම්වූ රූප වලින් යුක්ත අතර බොහෝවිට පැහැදිලි ග්‍රැපික් පෙනුමක් ගනි.

ෆ්ලෑෂ් නිර්මාණ අන්තර්ජාලය හරහා බෙදාහරින අතර ඒවා බොහෝවිට අන්තර්ජාල කාටුන, ඔන්ලයින් කාටුන හෝ වෙබ්ටුන ලෙස හැඳින්වේ. වෙබ් ෆ්ලෑෂ් නිර්මාණ අන්තර් ක්‍රියාකාරීත්වයෙන් වැඩි අතර බොහෝ විට නිර්මාණ පෙළක් ලෙස දියුණුකරයි.

වර්තමානයේ දී ෆ්ලෑෂ් නිර්මාණ ෆ්ලෑෂ් ජෙනරේටර හා එබ්බවු වීඩියෝ ආශ්‍රිතව අන්තර්ජාලය හරහා බහුලව භාවිතා වේ. බොහෝ ප්‍රසිද්ධ නැවත සෑදු වැඩසටහන් නැවත නැවතත් සාර්ථකත්වයට පැමිණ තිබේ. මෙම ෆ්ලෑෂ් ජෙනරේටරවල භාවිත යූටියුබ්, ගූගල් වීඩියෝ හා මගිස‍්පේස් වීඩියෝ වැනි දේවලට ද ඈඳී තිබේ. බොහෝ ෆ්ලෑෂ් ජෙනරේටර වෙබ් නිර්මාණවල ලේඛන ලැයිස්තු නිර්මාණයට යොදාගන්නා අතර වේගවත් ‍ෆ්ලෑෂ් ගුණාංග හා මුද්‍රණ තවමත් ප්‍රමුඛස්ථානය ගනි.

"https://si.wikipedia.org/w/index.php?title=ෆ්ලෑෂ්_නිර්මාණ&oldid=471630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි