ළමයින් සමාජගත කිරීම

විකිපීඩියා වෙතින්

කාලයක් ළමුන් පාලනය කරනු ලැ‍බුවේ වැඩිහිටියන් විසින් සාක්ෂරතාවයේ ආකාර හරහාය. පොත්වල සාක්ෂරතා මට්ටම බොහෝ විට ළමයින්ට උචිත මාතෘකා සමඟ අනුරූප වේ. ළමයින්ට නුසුදුසු මාතෘකා සාක්ෂරතාවයේ ඉහල මට්ටම් සඳහා ලියනු ලබන අතර බොහෝමයක් ළමයින් මෙම පොත් කියවීමට යත්න දරන විට ඒවා ඔවුන්ගේ සාක්ෂරතා හැකියාවලින් ඔබ්බෙහි වනු ඇත.

රූපවාහිනියත් සමඟ වටහා ගැනීමට අවශ්‍ය සාක්ෂරතා මට්ටම වඩාත් පහල වන අතර ළමයින් උපකරණය භාවිතා කරන ආකාරය පරීක්ෂා කිරීම ද අපහසු වේ. තවද ඒ හරහා ගෙන එන අන්තර්ගතය එය ප්‍රදර්ශනය වීමට කලින් උපකල්පනය කළ නොහැක. කෙසේ නමුත් පාලනය නැවත ලබා ගැනීමට, ළමයින්ගේ රූපවාහිනී භාවිතය සීමා කිරීමට හා නිරීක්ෂණය කිරීමට පර්යේෂණ හා දියුණු කිරීම් රාශියක් සේවයෙහි යෙදී ඇත.

බොහෝ විට රූපවාහිනී මඟින් ළමයින්ට වැඩිහිටියන් විසින් ඔවුන් දැන නොගත යුතුයි සිතන දෑ පෙන්විය හැක. මේ සඳහා ප්‍රමුඛතම උදාහරණයක් වන්නේ ෆාදර් ‍නෝව්ස් බෙස්ට් (Father Knows best) රූපවාහිනී වැඩසටහනයි. එහිදී සමහරක් විට ළමයින්ට වැඩිහිටියන් විසින් ඔවුන්ගෙන් රහසක්ව තබා ගන්නා ලොකුම රහස පවා දැන ගැනීමට ඉඩ සලස්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=ළමයින්_සමාජගත_කිරීම&oldid=472007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි