හෝලි උත්සවය

විකිපීඩියා වෙතින්
tiny globe
ජනයා එකිනෙකාට වර්ණවත් කුඩුවලින් කි‍්‍රඩාශීලීව දමා ගසමින් ගතකරති

ඉන්දියාව සහ නේපාලය වැනි රටවල හින්දු ජනයා විසින් පවත්වනු ලබන වසන්ත උත්සවය හෝලි යනුවෙන් හදුන්වනු ලැබේ. මෙය වර්ණෝත්සවය වශයෙන් ද හදුන්වනු ලැබේ.

උත්සවය ආරම්භ වනුයේ එලිමහනෙහි තනනු ලබන විශාල ගිනිමැලයක් මධ්‍යයේ හෝලිකා යනුවෙන් හැදින්වෙන යක්ෂණියක් පුලුස්සා දැමීමේ චාරිත‍්‍රයෙනි. මෙය ආන්ද්‍රා ප‍්‍රදේශයේ හදුන්වනු ලබනුයේ ‘කාම දහනම්’ යනුවෙනි.

ධූල්හෙන්ඩි යනුවෙන් හදුන්වනු ලබන දෙවන දිනයේදී ජනයා එකිනෙකාට වර්ණවත් කුඩුවලින් කි‍්‍රඩාශීලීව දමා ගසමින් ගතකරති. කාලගුණය වෙනස් වෙමින් පවතින වසන්ත සමයේදී වයිරස් උණ වැනි රෝග පැතිරීමට ඉඩකඩ ඇති බැවින් ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඖෂධීය ශාකවලින් සාදාගනු ලබන එකී වර්ණවත් කුඩුවල රෝග වැලැක්වීමේ වැදගත් ගුණයක් ඇති බව ද පිළිගැනේ.

පසළොස්වක දින සිට පස්වන දිනයේදී වර්ණ පිළිබද මෙම උත්සවය නිමා කරමින් රංග පඤ්චමී නම් දිනය උදාවෙයි.

වර්ෂයේ පෙබරවාරි හෝ මාර්තු මාසවල අවසන් භාගයේදී දින දෙකක් තුළ හෝලි උත්සවය පැවැත්වෙන්නේ ය.

සටහන්[සංස්කරණය]

හෝලිකා ආර්යන්ට විරුද්ව යුධ වැදුනු දේව මැවුම්වාදයට හා කුල වාදයට විරුද්ධවූ යක්ෂනියක් ලෙසද කියවේ. ඇය හිරණ්නම් යක්ෂයාගේ හා මානසගේ නැගනියයි. ඇය බමුණන් නොතකා හැරි බවත්, සුදුවස්ත්‍ර පමනක් ඇදීමට නියෝග කර පීඩාකාරි ලෙස ලෝකය පාලනය කල බවත් විශවාස කෙරේ. ඇගෙන් මිදීම හෝලි උත්සවයට පාදකවී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=හෝලි_උත්සවය&oldid=472124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි