හේතුවාදී චිත්ත වේගී චර්යා ප්‍රතිකාරයේ වර්ධනය

විකිපීඩියා වෙතින්


එම කාලයේ බොහෝ මනෝ චිකිත්සකයින් මෙන්ම එලිස් ඔහුගේ උසස් උපාධි කටයුතු අවසන් වීමෙන් පසු මනෝ විශ්ලේෂණයේ වැඩිදුර පුහුණුවක් ලැබීය. ඔහු සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ න්‍යායන් කෙරේ කැමැත්ක් දැක්විය. ඔහුගේ Ph.D උපාධිය ලබා ගැනීමත් සමඟම රිචර්ජ්ඩ් හල්බෙක්ගේ අධීක්ෂණය යටතේ (මොහු විශ්ලේෂණ පුහුණුවේ පුරෝගාමියකු සහ Richard Hulbeck පර්යේෂණයේ ආරම්භකයා වන Hermann Rorschach ගේ ‍ගෝලයෙකි.) පුද්ගල විශ්ලේෂණය සඳහා වැඩමුළුවක් ආරම්භ කෙරිණි. ඇල්ප්‍රඩ් ඇඩ්ලර්, එරිච් ප්‍රෝම් සහ හැරී ස්ටැක් සුල්වියන් වැන්නන්ගේ නිබන්ධයන් Ellis ගේ මනෝ විද්‍යාත්මක ආකෘති හැඩ ගැස්වීම සඳහා බලපෑම් කළ නමුදු මොහුගේ චින්තනය සඳහා වඩාත්ම බලපෑමක් කලේ කරන් හොනී විසිනි. Ellis “ඇල්ෆ්‍රඩ් කෝරිස්ක්” සහ ඔහුගේ ග්‍රන්ථය “විද්‍යාව සහ ප්‍රකෘති සිහිය” සහ සහේතුක චිත්තවේගී ප්‍රති කර්මය සඳහා දර්ශනවාදය බිහි කිරීම සඳහා ද සම්මාන ලබා ඇත.

1953 ජනවාරිහි දී ම‍නෝ විශ්ලේෂණයේ පථයේ ඔහු ලැබූ විවේකය අවසන් වීමත් සමඟ තමා සහේතුක චිකිත්සකයෙක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. 1955 දී ඔහු තම සහේතුක ප්‍රතිකර්මයේ නව ප්‍රවේශණය ආරම්භ කරන ලදී. එම ප්‍රතිකාරයේ දී චිකිත්සකයා විසින් තම රෝගියාගේ චිත්ත වේගී විඩාවන් සඳහා හේතු වන ඔහු තුළම ඇති විශ්වාසයන් හඳුනා ගැනීමට උදව් සපයයි. එමඟින් ඔහු තුළ ඇති අනර්ථකාරී විශ්වාසයන් සහ හැසිරීම් ඒවායේ දෘඪ බව සහ අහේතුක බව පෙන්වා දීම මඟින් වෙනස් කිරීමට උත්සාහ කරයි. ඔහු විසින් සියල්ලටම හේතු වනුයේ “තමා සියලු අනිත් අංග සම්පූර්ණ වීම” තමා සියල්ලන්ගෙන් ආදරය ලැබීම” වැනි ප්‍රධාන අහේතුක චින්තනයන් නිසා බව විශ්වාස කරන ලදී. තවද සහේතුක විශලේෂණය මඟින් පුද්ගලයින්ට තමා තුළ ඇති අහේතුක චින්තනයන් හඳුනාගෙන වඩා සහේතුක (තර්කානුකූල) අවස්ථාවකට පත්වි හැකි බව විශ්වාස කරන ලදී. 1954 දී ඔහු තමාගේ උපක්‍රම අන් චිකිත්සකයින්ට ඉගැන්වීමට පටන් ගනී. 1957 දී එලිස් විසින් චිකිත්සකයින් රෝගීන්ගේ චින්තනය සහ චර්යාවන් වෙනස් කිරීම මඟින් ස්නායු ව්‍යාධීන්ට ප්‍රතිකාර කරන බවට ප්‍රකාශ කිරීම මඟින් ඥාණාත්මක චර්යා ප්‍රතිකර්මයේ මූලික අඩිතාලම දැමීය. එයට වසර දෙකකට පසු ඔහුගේ නව ක්‍රමයන් එලි දක්වමින් “ස්නායු ව්‍යාධිකයකු සමඟ ජීවත් වන ආකාරය” ග්‍රන්ථය එලි දැක්වීය. ඔහු මෙම නව ප්‍රවේශණයේ පිළිබඳ විස්තර ඇමරිකානු මනෝ විද්‍යා සංගමයේ සමුළුවක දී ගෙන හැර දක්වන ලදී. එකල්හි එයට වැඩි අවධානයක් යොමු නොවුව ද කිහිප දෙනෙක් විසින් අනාගතයේ එය කාලීන චින්තනයක් වන බව හඳුනා ගන්නා ලදී. එම කාලයේ දී ව්‍යාප්ත වී තිබුණ පර්යේෂණාත්මක චර්යා වාදය සහ ශායනික මනෝ විද්‍යාවේ ප්‍රොයිඩ් , ජුන්ග්, ඇල්ඩර් සහ පර්ලිගේ මනෝ විශ්ලේෂණාත්මක න්‍යායන් සඳහාය.එලිස්ගේ ප්‍රවේශණය ඥාණාත්මක, චිත්ත වේග, චර්යාව යන ක්‍රම ගැන අවධානය යොමු කළ ද ඥාණාත්මක විෂයේ ඔහුගේ ඇති බලවත් ආකර්ෂණය නිසා ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් හැර අනෙකුත් මනෝ විද්‍යාඥයින්ගේ බලවත් නොකැමැත්තට හේතු විය. එමනිසා ඔහුට ප්‍රකාශනයන්හි දී සහ සමුළුවන්හි දී විවිධ එදිරිවාදිකම්වලට මුහුණ දීමට සිදු විය.

ඔහුගේ ප්‍රවේශණයට සෙමින් හැඩ ගැස්වීමට වුව ද ඔහු තමාගේම ආයතනයක් ඇරඹීමට සමත් විය. ඔහුගේ සහේතුක ජීවිතයක් සඳහා වන ආයතනයට 1959 දී ලාභ සඳහා නොවන සංවිධානයක් මඟින් ආධාර ලබා දුණි. 1968 දී නිව් යෝර්ක් ජනපද රාජ්‍යාධිකාරී කමිටුව මඟින් පුහුණු ආයතනයක් සහ මනෝ විද්‍යාත්මක සායනයක් ලෙස නම් කරන ලදී. ඔවුන්ගේ මානසික ස්වස්ථායී පණත අනුව මනෝ චිකිත්සකයා හදිසි අවස්ථාවක දී ප්‍රතිකාර කිරීම සඳහා ද මෙමගින් ඉඩ ලැබුණි. එම නිසා එලිස් විසින් මූලිකව මනෝ විද්‍යාත්මක පාලකයන් සහ මූලධර්ම මත පදනම් වූ ආයතනයක් බිහි කිරීම සඳහා පුරෝගාමී වීමෙන් සම්මතයන් බිඳ දැමීය.

1965 දී එලිස් විසින් සමලිංගිකත්වය හේතු සහ ප්‍රතිකාර යන්නෙන් ග්‍රන්ථයක් එලි දැක්විය. ඔහුට අනුව සමලිංගිකත්වය රෝගයක් ලෙස ට ද එය සුව කළ හැකි රෝගයක් බවට ද ප්‍රකාශ කළේය. ඔහු මෙය ප්‍රකාශයට පත් කළේ සමලිංගිකත්වය ගැහැනු සහ පිරිමි දෙවර්ගයම පොදු ලෙස හඳුනාගෙන් පළ කළ කින්සේ (Kinsey) ප්‍රකාශනවලට දස වසරකට පසුවය. 1973 ඇමරිකානු මනෝ චිකිත්සක සංගමය සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බව ද එය ප්‍රතිකාර අවශ්‍ය නොවන තත්වයක් බව ද ප්‍රකාශ කළෝය. එමනිසා 1976 දී එලිස් ඔහුගේ “ලිංගිකත්වය සහ නිදහස් මිනිසා ග්‍රන්ථයේ” සමලිංගිකත්වය බොහෝ විට සුව කළ හැකි වුව ද එය ස්වභාවයෙන්ම හොඳ හෝ ඉතා නරක තත්වයක් (ආගමික මතයන්ට හැර) නොවන නිසා බොහෝ විට ප්‍රතිකාර සඳහා බඳුන් නොකළ යුතු ලෙසට ඔහුගේ මුල් මතය වෙනස් කළේය. නමුත් පාලනය කළ නොහැකි සමලිංගිකත්වය ප්‍රතිකාර කළ යුතු තත්වයක් බවට විවාද කලේය.

2003 දී සහේතුක චිත්වේගී චර්යා ප්‍රතිකාර පිළිබඳ සංගමය විසින් එම ක්‍රමය බිහි කිරීම සහ වර්ධනය සඳහා එලිස් වෙත සම්මානයක් පිරි නැමීය. බිල් ක්ලින්ටන් සහ දලයි ලාමාගේ මූලික සහභාගීත්වයේන සැමරුණු මෙම අවස්ථාවේ දී ඔහු 90 වැනි උපන්දිනය ද සැමරීය. ඔහු මෙම සංගමයේ ගරු කටයුතු සාමාජිකයෙකු ද වෙති.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Albert_Ellis#Development_of_Rational_Emotive_Behavior_Therapy_.28REBT.29