හෙන්රි ෆොන්ඩා

විකිපීඩියා වෙතින්
Henry Fonda
Fonda in the 1937 film Slim.
උපත
Henry Jaynes Fonda

මැයි 16, 1905(1905-05-16)
මියගිය දිනයAugust 12, 1982(1982-08-12) (වයස 77)
රැකියාවActor
සක්‍රීය වසර1935–1982
කලත්‍රයා(යන්)Margaret Sullavan (1931-1932)
Frances Ford Seymour (1936-1950)
Susan Blanchard (1950-1956)
Afdera Franchetti (1957-1961)
Shirlee Mae Adams (1965-1982)

ඇමරිකානු චිත්‍රපට හා නාට්‍ය නළුවෙකු වූ හෙන්රි ෆොන්ඩා, ඔහුගේ සිනමාපටවල එන අව්‍යාජ විඥානවාදියාගේ චරිතයට ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔහු 1983 දී ජෝන් ටොම්ප්කින්ස් සමඟ නිව්යෝර්ක් වයිට්ප්ලේන්ස් හිදී රඟ දැක්වූ නාට්‍ය කිහිපයකටම පෙනී සිටියේය. ෆොන්ඩා වසර 1935 දී තම හොලිවුඩ් දිවිය ආරම්භ කළේය. 1940 දී තිරගත වූ "ගේප්ස් ඔෆ් ව්‍රැත් " (Grapes of Wrath) චිත්‍රපටයේ " ටොම් ජෝන්ගේ චරිතය ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශනය වීමෙන් ඔහුගේ සිනමා දිවිය නව මාවතකට යොමු විය. "ද ඔක්ස් බෝ ඉන්සිඩන්ට්" (The Ox-Bow Incident), "මිස්ටර් රොබර්ට්ස්" (Mister Roberts) සහ "12 ඇන්ග්‍රි මෙන්" (12 Angry Men) යන සම්භාවනීය චිත්‍රපටවල කළ අති විශිෂ්ඨ රංඟන හේතුවෙන් ඔහු තිරය තුල සිත් ඇදගන්නා චරිතයක් බවට පත්විය. පසුව මොහු සර්ගී ලියොන් ගේ "වන්ස් අපොන් අ ටයිම් ඉන් වෙස්ට්" (Once Upon a Time in the West) හි අභියොගී දුෂ්ඨ චරිතයක්ද, "යුවර්ස්, මයින් ඇන්ඩ් අවර්ස්" (Yours, Mine and Ours) හි සැහැල්ලු චරිතයක්ද නිරූපනය කරමින් ඔහුගේ රංඟන කුසලතාව පෙන්නුම් කළේය. ප්‍රසිද්ධ නළුවන් රැසක් බිහිකළ පවුලක පියා වූ ෆොන්ඩා,දියණිය ජේන් ෆොන්ඩා වන අතර පුත්‍රයා පීටර් ෆොන්ඩා වේ. ඔහුගේ මිණිබිරිය බ්‍රිජට් ෆොන්ඩා වන අතර මුණුබුරා ට්‍රෝයි ගැරිටි වේ. ඔහු "හෑන්ක්" යන සුරතල් නාමයෙන් මිතුරන් අතර ප්‍රසිද්ධ විය. ඇමෙරිකානු සිනමා ආයතනය විසින් 1999 වසරේදී, එතෙක් බිහිවූ හොඳම තරුව ලෙස හෙන්රි ෆොන්ඩාව නම් කළහ.

මූලික අවධිය[සංස්කරණය]

මුද්‍රණ ශිල්පී විලියම් ෆොන්ඩාට හා එල්මා ජේන්ස්ට දාව නෙබ්‍රස්කාවේ ග්‍රේට් අයිලන්ඩ් හිදී ෆොන්ඩා උපත ලැබූවේය. ක්‍රිස්තියානු ආගමිකයෙකු ලෙස වැඩුනු ෆොන්ඩා වරක් " මගේ පවුල කදිම පවුලකි" යනුවෙන් ප්‍රකාශ කළේය. එනම් ඔහුගේ පවුලේ සියළු දෙනා එකිනෙකාට සමීප හා සහයෝගීමත් පවුලක් විය. ෆොන්ඩා කුඩා කල මිටි, ගැහැනු ළමයින් ඇසුර ප්‍රිය නොකළ ලැජ්ජාශීලී දරුවෙක් විය. දක්ෂ හිම මත ලිස්සන්නෙකු හා පිහිනුම් ක්‍රීඩකයෙකු වූ ඔහු චිත්‍ර ඇඳීමටද ආශා කළේය. ඔහු උසස් පාසලේදී, අඩි හයකටත් වඩා ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කළේය. ලේඛන කලාව මූලික කරගෙන මිනසෝටා විශ්ව විද්‍යාලයට ඇතුලත් වුවද අතරමගදී එය නතර කළ ඔහු පසුව සිල්ලර ණය දෙන සමාගමක සේවයට එක්විය. ෆොන්ඩා, තම මවගේ මිතුරියක හා මාලන් බ්‍රැන්ඩන් ගේ මව වන ඩොඩී බ්‍රැන්ඩන් ගේ නිර්දේශය මත වයස අවුරුදු විස්සෙදී "ඔමාහා" නෘත්‍ය ශාලාවෙන් රංඟන දිවිය ආරම්භ කළේය. "යූ ඇන්ඩ් අයි" (You and I) නම් නාට්‍යයේ "රිකී" ඔහුගේ පළමු චරිතයයි. ඔහු නාට්‍යකරණයට වශීකෘත වූ නමුත් ඔහුගේ රංඟන කුසලතාව පිළිබඳව යම් අපහසුතාවයකට මුහුණ දුන්නේය. "මර්ටන් ඔෆ් ද මූවීස්" (Merton of the Movies) හි ප්‍රධාන චරිතය ලැබීමත් සමඟම, වෘත්තියක් ලෙස රංඟන දිවිය ආරම්භ කිරිමේ ආශාවක් ඔහු තුළ පහළ විය. වසර 1928 දී රැකියාවට සමුදුන් ඔහු, තමාගේ වාසනාව උරගා බැලීමට නැගෙනහිර ප්‍රදේශය දෙසට සංක්‍රමණය විය. ඔහු කේප් කොඩ් හි නෘත්‍ය ශාලාවක රැඟුම් අවසන් කළ මොහොතක ඔහුගේ මිතුරෙකු විසින් ඔහුව ෆෝල්මවුත්හි ග්‍රීෂ්ම රංගායතනයක් වන "යුනිවර්සිට්ය් ප්ලේයර්ස්" වෙත ගෙන යන ලදී. තම අනාගත භාර්යාවක වූ මාගරට් සුලවන් ද, ඔහුගේ යාවජීව මිතුරෙකු වූ ජේම්ස් ස්ටුවර්ට් ද ඔහුට පළමුවරට හමුවුයේ මෙහිදීය. යුනිවර්සිටි ප්ලේයර්ස් නිෂ්පාදනයක් වූ "ද ජෙස්ට්" (The jest) ඔහුගේ පළමු වෘත්තීමය භූමිකාව විය. බ්‍රෙටේන් වින්ඩස්ට්, කෙන්ට් ස්මිත් සහ එලීනොර් පෙල්ප්ස් ඔහු සමඟ "ද ජෙස්ට්" හි පෙනී සිටි අනෙකුත් ශිල්පීන් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=හෙන්රි_ෆොන්ඩා&oldid=284835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි