හිරඤ්ඤමළය

විකිපීඩියා වෙතින්
(හිරණ්‍යමලය වෙතින් යළි-යොමු කරන ලදි)

හිරණ්‍ය කස්සප නම් පැරණි යක්ෂ ගෝත්‍රික රජුගේ නාමයෙන් ඔයුගේ ජන්ම භූමිය වූ පෙදෙස හිරණ්‍ය මළය හෙවත් හිරඤ්ඤමලය වි ඇත. මෙම ඓතිහාසික නාමය පරිනාමය වි වත්මන් හොරණ නගරය නාමය නිර්මානය වී ඇත. මහා විජයබාහු රජුගේ සටන් විස්තරය දක්වන මහා වංශයේ 55-57 හිරඤ්ඤමළයේ රෙමුණ බලකොටුව ගැන සදහනක් කරයි.

රයිගම් කෝරළය

රයිගම් කෝරළයට අයත් භූමිය කඩවත් පොතට අනුව අතීතයේ බෙදී පැවතියේ හිරඤ්ඤමළයට සහ පානබුන්න දනව්වටය. මහා පරාක්‍රමබාහු රජ සමයේ එතුමාගේ නිලධාරියෙකු වන අලකේෂ්වරාභිදාන අලගක්නෝණාර නම් ඇමතියෙකු විසින් මෙම සම්පූර්ණ හිරඤ්ඤමළයත්, පානබුන්න දනව්වේ කොටසකුත් එක්කර රයිගම් රාජධානියට පදනම දැමීය. අද රයිගම් කෝරයට අයත් උඩුගහ පත්තුව, කුඹුකේ පත්තුව හා නැගෙනහිර මුංවත්තේ බාගේ පත්තුව එදා අයත්ව තිබුනේ හිරඤ්ඤමළයටය.

දෙවන පරාකුමබාහු රජුගේ ඇතියෙකුවන දේව පතිරාජයින් විසින් හිරඤ්ඤමළයේ පතිරාජ පිරිවෙන කරවන ලදී. මෙය අද මෙය වර්තමාන හොරණ රජමහා විහාරයැයි මතයක් ඇත. මෙහි විසිරී ඇති විශාල නටබුන් පුමාණය එයට සාක්ෂි සපයයි.

ඇල්ල කන්ද

හොරණ නගරයට ඉහළින් පවතින ඇල්ලේ කන්දේ වනගාමිගේ ගල්ගුහාව නම් ගල් ගුහාවක් පවතී. මෙයට ඉහළන් පුරාණ ජනාවාසයක ස්වභාවක් දක්වන තලාවක් ඇත. ඇතැම් විද්වතුන් මෙය හිරණ්‍යමල ජනපදය යැයි අදහස් කරති. නමුත් තවමත් පුරාවිද්‍යා ඇසට ලක්ව නැත. වනහාමිගේ ගල් ගුහාවේ 6වන පරාක්‍රමබාහු රජුගේ මෙහෙසියක කුෂ්ට රෝගයක් සෑදීම නිසා පැමින ජීවත්වූ බවට ජනසෘතියක් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=හිරඤ්ඤමළය&oldid=439364" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි