හිම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හිම යනු වළාකුළු වලින් පතනය වන්නා වූ ස්ඵ්ටික රූපී ජලයෙහි කැටිති විශේෂයකි.තවද හිම මිදුනු ජල අංශු වලින් සම්පිණ්ඩය වූ ඝණයක් ලෙසද අර්ථ දැක්විය හැක. එය සුදු පැහැති විවෘත,ලෝම වැනි අකෘතියක් දරයි. හිම පියලි විවිද හැඩ හා ප්‍රමාණ වලින් යුතු වෙයි.එය සුදු පැහැති විවෘත,ලෝම වැනි අකෘතියක් දරයි.හිම පියලි විවිද හැඩ හ ප්‍රමාණ වලින් යුතු වෙයි.බොහෝ විට හිම පතනය වන ආකාරය අනුව එය විලයනය වීම(දිය වීම ) හෝ ස්ඵටික වීම(ඝන වීම ) සිදු වේ.එනිසා කුඩා හිම පියලි(පතුරු ) හැඩය වෙනුවට ඒවා කුඩා ගෝලකාර හිම කැටිති බවට පත් වේ.මේවා විෂ්කම්භයෙන් මිලි මීටර් 5 සිට 15 සෙන්ටි මීටර් දක්වා වුවද විශාල විය හැක. මේවා විෂ්කම්භයෙන් මිලි මීටර් 5 සිට 15 සෙන්ටි මීටර් දක්වා වුවද විශාල විය හැක.

මෙම හිම සෑදිමේ සිට පොළවට පතිත වීම දක්වා ක්‍රියාවලිය හිම පතනය නම් වේ. ඉහල අහසෙ අඩු පීඩන තත්ව වලදී සුළඟ උඩු අතට හමා යාමට වැඩි ඉඩ කඩක් ඇති ප්‍රදේශ වල හිම පතනය සිදුවේ.මෙලෙස හිම පතනය සිදු වීම බහිර් නිවර්තන වාසුළි ලෙස හැදින්වේ.බහිර් නිවර්තන වාසුළි නිසා කොමාවක හැඩැති වළාකුළු ඇතිවේ.මෙම වලාකුළෙහි බටහිර අර්ධයට වන්නට මිදුණු හිම කැටිති ඒකරාශි වී ඇත.ධ්‍රැවාසන්න ප්‍රදේශ වල ඇති මෙවැනි වලාකුළක සුළඟ ගැටීමෙන් හිම පතනය ඇති වේ.බහිර් නිවර්තන වාසුළි වලින් හට ගන්නා මෙම කොමා හැඩති වළාකුළු වල පසුපසට වන්නට පොලව දෙසට හමා යන ශීත වාසුළි හට ගනී.ඉන් පසු පහල ගොඩ බිම උණුසුම් ජල වාශ්ප හා ගැටීමෙන් 'වැව් හිම' ඇතිවේ.මෙම ජල වශ්ප බොහෝ දුරට කොමා වළාකුළ ඇති ප්‍රදේශයේ ගොඩබිමෙහි පවතින උණුසුම් මතු පිටක් සහිත වැව් ආශ්‍රිතව ඇතිවේ. වැව් හිම ප්‍රදේශිය වශයෙන් පමණක් ඇතිවේ.

"https://si.wikipedia.org/w/index.php?title=හිම&oldid=378857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි