හින්දු ධර්මය තුල සමාජ විරෝධතාවය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

විචාරකයන් පෙන්වා දෙන පරිදි සමාජ උරුමයන් කෙරෙහි ප්‍රජාවන්ගේ බලපෑම වන්නේ බලපැවැත්ම, බලය සහ ආර්ථිකය යන ප්‍රභවයන් ප්‍රජාවන් එකිනෙකට සම්බන්ධ කිරීමටත් අන්‍යයන් ඉන් නොසලකා හැරීමටත් එමඟින් ජාටිස් (ජඅටඉස) වරුන් හට උසස් සමාජය තුල වැඩි බලපෑම් කිරීමේ හැකියාවත් මෙන්ම පහල පන්තියේ ජාටිස් වරුන්හට දැඩි දරිද්‍රතාවත් දාලිත්වරුන් සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමත් ය. පසුගිය වසර 150 ඇතුළත ඉන්දියාවේ ආර්ථිකය සහ දේශපාලනය හා බැඳී පැවති සාම්ප්‍රදායික සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමා ඒ වෙනුවට වේද ග්‍රන්ථ වල සඳහන් වර්ණශ්‍රාම ධර්මය ක්‍රියාත්මක කිරීමට කාලයක් තිස්සේ ක්‍රියාදාමයන් කරලියට පැමිණුණි.

ධර්ම ග්‍රන්ථයක් වන මහාභාරතයේ සඳහන් වන අන්දමට යම නම් යක්ෂයෙකු බ්‍රාහ්මණයෙකු වන්නේ කෙසේ ද යන ප්‍රශ්ණය යුධිස්තීරයන්ගෙන් ඇසූ විට ඔහු කිසිදු පැකිලීමකින් තොරව දුන් පිලිතුර වූයේ හැසිරීමෙන් පමණක් කෙනෙකු බ්‍රාහ්මණයෙකු වන බවයි.

ශ්‍රී රාමනුජාගේ ශ්‍රී වෛෂ්නව සම්ප්‍රදායේ ශ්‍රමණයකු වන රාමානන්ද සියලුම සමාජ ඔහුගේ ගෝලයන් සේ සලකයි. 15 වන සියවසේ විසූ ගුප්ත කිවිඳිය සහ චිතෝර් හි රැජින වූ මිරාබායි මෙම සමාජ වෙනස්කම් නොසලකා සපතේරුවකු වන සාන්ත් රෝහිදාස් නමැත්තකු තම ගුරුවරයා හැටියට තෝරා ගත් බව කියැවේ. 15 වන සියවසේ විසූ තෙලිඟු කවියෙකු වූ අන්නමචාර්යයන්ගේ බ්‍රම්හමොක්කද ගීතයේ දෙවියන් ඉදිරියේ සැවොම සමාන බවත් වෛදික නොවන සමාජ තත්වයක් හිමි වීම හෙළාදකින බවත් දේශනාකර අතරම සමානත්වය අනුබල දෙන සහ සියලුම සමාජ වල වැදගත්කම අවධාරණය කරන සම්ප්‍රදායික වර්නශ්‍රම ධර්ම ක්‍රමයට යා යුතු බවටත් යෝජනා කරයි. 19 වන සියවසේ විසූ හින්දු ආගමික නායක රාමක්‍රිෂ්ණ පරමහම්සයන් ද සමාජ වෙනස්කම් නොසලකන ලදින් ඔහුගේ පළමු දානය අරගෙන ඇත්තේ ශුද්‍ර කාන්තාවකගෙන් දෙවරක් උපත ලද බ්‍රාහ්මණයෙකු වශයෙනි.