හැල් 9000

විකිපීඩියා වෙතින්
හැල් 9000
ස්පේස් ඔඩිසි චරිතය
හැල්ගේ කැමරා ඇස
හැල්ගේ කැමරා ඇස දක්වන චිත්‍ර ශිල්පියෙකුගේ ප්‍රවාචනයක්
පළමු පෙනීසිටීම 2001: අ ස්පේස් ඔඩිසි (නවකතාව)
2001: අ ස්පේස් ඔඩිසි (චිත්‍රපටය)
අවසාන පෙනීසිටීම 3001: ද ෆයිනල් ඔඩිසි (නවකතාව)
තනන ලද්දේ ආතර් සී. ක්ලාක්
ස්ටැන්ලි කියුබ්‍රික්
හඬ කැවුවේ ඩග්ලස් රේන්
ඇන්ඩ්‍රෑ ස්ටැන්ටන්
තොරතුරු
අප නාමය(නාම)හැල්
විශේෂකෘත්‍රිම බුද්ධිය
පරිගණකය
ස්ත්‍රී/පුරුෂ භාවයඅ/නැ (පිරිමි හඬ)
ඥාතියෝසැල් 9000


හැල් 9000 යනු, ආතර් සී. ක්ලාක්ගේ ස්පේස් ඔඩිසි කතාමාලාවෙහි එන කල්පිත චරිතයකි. 2001: අ ස්පේස් ඔඩිසි හිදී මුලින්ම පෙනීසිටින සචේතනික පරිගණකයක් (හෝ කෘත්‍රිම සාමාන්‍ය බුද්ධියක්) වන මෙම හැල් සඳහා ඉංග්‍රීසි වචනය වන HAL යන්න බිඳී ඇත්තේ Heuristically programmed ALgorithmic computer යන්නෙහි දක්වා ඇති මුල් අකුරු අනුසාරයෙනි. මෙහි අර්ථය ස්වයංගවේෂණ හැකියාව සහිතව ක්‍රමලේඛිත ඇල්ගොරිතමික පරිගණකය යන්නයි. ඩිස්කවරි වන් අභ්‍යාවකාශ යානයෙහි පද්ධතීන් පරිපාලනය කරන මෙම හැල් විසින් යානයේ අභ්‍යාවකාශගාමී කාර්ය මණ්ඩලය හා සමගින් අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති කර ගනියි. චිත්‍රපටයෙහි අග කොටසට වන්නට, හැල්ගේ දෘඩාංග කොටසක් පෙන්වන අතර, ඔහු බෙහෙවින් නිරූපණය කෙරෙන්නේ රතු තිතක් සහිත කැමරා කාචයක් ලෙසින් වන අතර, එහි පිටපත් යානය පුරාම ස්ථානගත කොට තිබුණි. ස්පේස් ඔඩිසි කතා මාලාවේ චිත්‍රපට අනුවර්තනයන් දෙකකදීම හැල් 9000 වෙනුවෙන් හඬ කවනුයේ ඩග්ලස් රේන් විසින් වන අතර, කෙටි චිත්‍රපටයකදී ඇන්ඩ්‍රෑ ස්ටැන්ටන් විසින් හඬ කවනු ලබයි. කාර්යමණ්ඩල සාමාජීක, ඩේවිඩ් බෝමන් සහ ෆ්‍රෑන්ක් පූල් ට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙසින් මුදු, සන්සුන් හඬකින් සහ සාකච්ඡාමය ස්වරූපයෙන් හැල් කථා කළේය.

කතා මාලාව සන්දර්භයෙහි සලකන කල, නිෂ්පාදිත අංක 3 ලෙසින් 1999 ජනවාරි 12 දිනදී හැල් ක්‍රියාත්මක වී ඇත්තේ ඉලිනෝයි ජනපදයෙහි උර්බානා නගරයෙහි පිහිටි හැල් පරීක්ෂණාගාර තුලදීය; 2001 චිත්‍රපටයයෙහිදී, සක්‍රීයන වසර වී ඇත්තේ 1992 සහ මුල් තිර ප්‍රදර්ශනයන්හී 1991 වෙයි.[1] බ්‍රහස්පති වෙත (හෝ, චිත්‍රපටය තිරගත වී සුළු කලකින් ප්‍රකාශයට පත් කෙරුණු මුල් නවකතාව පරිදී සෙනසුරු වෙත) අන්තර් ග්‍රහලෝක අභ්‍යාවකාශ ගමන අතරතුර ඩිස්කවරි වන් යානය තුල අභ්‍යාවකාශ යානා පද්ධති නඩත්තු කිරීමට අමතරව, කථාකිරීම, කථන හැඳුනුම, වක්ත්‍ර හැඳුනුම, ස්වභාවික භාෂා සැකසුම, තොල් පාඨනය, කලාකෘති ආස්වාදනය, චිත්තවේගී චර්යාවන් අර්ථකථනය කිරීම, ස්වයාක්‍රියාකෘත තර්කනය සහ, චෙස් ක්‍රීඩාව යන්නෙහි හැකියාවක් හැල් වෙත තිබුණි.

සම්ප්‍රාප්තීන්[සංස්කරණය]

2001: අ ස්පේස් ඔඩිසි[සංස්කරණය]

හැල් ක්‍රියාත්මක වීම ඇරඹුනේ ඉලනෝයි ප්‍රාන්තයෙහි අබානා නගරයෙහි පිහිටි හැල් යන්ත්‍රාගාරයෙහිය ( ඉලියැක් පරිගණක තැනුනු ඉලනෝයි විශ්වවිද්‍යාලයෙහි සමායෝජිත විද්‍යා පරීක්ෂණාගාරයෙහිය). චිත්‍රපටය පවසන පරිදී මෙය සිදුවූයේ 1992 වසරෙහිදී වන අතර පොත විසින් පවසන්නේ හැල්ගේ උපන් වසර 1997 වසර බවයි.උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; අනීතික නාමයන්, නිද. පමණට වැඩි


ආශ්‍රිත[සංස්කරණය]

  1. ජෝර්ජ් ඩී. ඩිමෙට්. "මීනිංන්ස්: ද සර්ච් ෆො මීනිං ඉන් 2001". සම්ප්‍රවේශය 2007-05-10.


බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හැල්_9000&oldid=398459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි