හැරල්ඩ් ගොඩ්වින්සන් රජ
| හැරල්ඩ් ගොඩ්වින්සන් රජ | |
|---|---|
දෙවන හැරල්ඩ් ගොඩ්වින්සන් රජුගේ කාසියක් | |
| එංගලන්තයෙහි රජ | |
| රාජ්‍ය සමය | 5 ජනවාරි – 14 ඔක්තොම්බර් 1066 |
| අභිෂේකය | 6 ජනවාරි 1066 |
| පූර්වප්‍රාප්තිකයා | වරද පිළිගත් එඩ්වඩ් රජ |
| අනුප්‍රාප්තිකයා | ඒඩ්ගර් ඇතලින් රජ (ඔටුන්න නොපැලඳී) (නොඑසේනම්) ජයග‍්‍රාහක විලියම් රජ |
| උපත | ප. 1022 වෙසෙක්ස්, එංගලන්තය |
| මරණය | 14 ඔක්තෝබර් 1066 (aged 43/44) හේස්ටිංස් සටන, සසෙක්ස් |
| භූමදානය | වෝල්තම් ඇබේ,එසෙක්ස්, හෝ බෝසම්, සසෙක්ස් (විවාදිත) |
| වල්ලභයා | සාධාරණ එඩිත් මර්සියාවේ එඩිත් |
| දරුවන් | ගෝල්ඩ්වින් එඩ්මන්ඩ් මැග්නස් ගන්හිල්ඩ් ගයිත හැරල්ඩ් උල්ෆ් |
| වංශය | ගොඩ්වින් රජ පෙළපත |
| පියා | ගොඩ්වින්, වෙසෙක්ස්හී අර්ල්වරයා |
| මව | ගයිත තෝකල්ස්ටටියර් |
බොහෝවිට දෙවන හැරල්ඩ් රජ ලෙසින් හැඳින්වුනු, හැරල්ඩ් ගොඩ්වින්සන් රජ (1022 – 14 ඔක්තොම්බර් 1066) යනු, එංගලන්තයෙහි අවසාන ඇංග්ලො-සැක්සන් රජු විය. නෝර්මන්වරුන් විසින් එංගලන්තය දික්විජය කිරීමෙහිදී [1] හේස්ටිංස් සටනෙහිදී ජයග‍්‍රාහක විලියම් රජ විසින් නායකත්වය සැපයුනු නෝර්මන් ආක්‍රමණිකයන් හා සටන් වැදීමේදී මිය යන තෙක්, 1066 ජනවාරි 6 දින සිට ඔක්තොම්බර් 14 දක්වා හැරල්ඩ් රජ රාජ්‍ය පාලනය කලේ ය. ඔහුගේ මරණය විසින්, එංගලන්තයෙහි ඇංග්ලෝ-සැක්සන් පාලනයෙහි කෙළවර සනිටුහන් කෙරිණි.
මහා කනූට් රජ සමග සම්බන්ධකම් තිබූ ප්‍රමුඛ ඇංග්ලෝ-සැක්සන් පවුලක සාමාජිකයෙක්වූ හැරල්ඩ්, ප්‍රබල අර්ල්වරයෙක් විය. වරද පිළිගත් එඩ්වඩ් රජුගේ මරණයෙන් පසුව, 1066 ජනවාරි මාසයෙහිදී, විටෙනගමෝට් දේශපාලන මණ්ඩලය රැස්වී අනුප්‍රාප්තිකයා වශයෙන් හැරල්ඩ් තෝරා ගන්නා ලදි; ඔහු කිරුළු පැළැඳුවේ වෙස්ට්මිනිස්ටර් ආශ්‍රම දෙව්මැදුරෙහිදීය. තම පසමිතුරු හා කිරීටයට හිමිකම් කියමින් සටන් වැදුනු, නෝර්වේහී හැරල්ඩ් හැඩ්රාඩා රජුගේ ආක්‍රමණයක් සාර්ථක ලෙසින් ව්‍යර්ථ කිරීමට සැප්තැම්බරයෙහි අගදී මෙහෙයුම් දියත් කල හෙතෙම, සති දෙකකින් පසුව හේස්ටිංස්හිදී ජයග්‍රාහක විලියම් රජු හා සටන් වැදීමට දකුණු දෙසට සිය හමුදාව මෙහෙයවීය.
සටහන්
[සංස්කරණය]උපහරණ
[සංස්කරණය]- ^ දව්රීස්. ද නෝර්වීජියන් ඉන්වේෂන්
ආශ්‍රිත
[සංස්කරණය]- බාලෝ, ෆ්‍රෑන්ක් (1970). එඩ්වඩ් ද කන්ෆෙසර්. ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියා: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය.
වැඩිමනත් කියවීම්
[සංස්කරණය]- වොන් කෙම්පුන්, ඇඩ් එෆ්. ජේ. (නොවැම්බර් 2016). "'අ මිෂන් හී බෝ – ටු ඩියුක් විලියම් හී කේම්': හැරල්ඩ් ගොඩ්වින්සන්ස් කොමෙන්ටුම් ඇන්ඩ් හිස් කවර්ට් ඇම්බිෂන්ස්". හිස්ටොරිකල් රිසර්ච්. 89 (246): 591–612.