හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමි

විකිපීඩියා වෙතින්

පූජ්‍ය හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමි යනු ශ්‍රී ලංකාවේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමකි. ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනය සහ සමාජය කෙරේ අනගි සේවයක් සිදුකල සැදැහැති භික්ෂුවක් ලෙස උන්වහන්සේ ප්‍රකටය.

මුල් දිවිය[සංස්කරණය]

ගිහිකල ධර්මසේන ආරියතිලක ලෙස 1939 වසරේ මාරුද්දන ග්‍රාමයේ උපත ලද ඔහුගේ පියා පහළලමැණිගේ ජේමිස් සිඤ්ඤෝ වූ අතර මව පතිරාජගේ ගුණවතී විය. සිය ප්‍රථම වෘත්තීය වශයෙන් ගුරුවෘත්තීයට ඇතුළු වූ ඔහු 1975දී ඉන් විශ්‍රාම ලබා ගත්තේය. වර්ෂ 2000දී ඔහු, හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමි යන නමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර හිමියන් යටතේ පැවිදි දිවියට ඇතුළත් විය. වයස අවුරුදු 74දී උන්වහන්සේ කැළණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකරගන්නා ලදී.[1].

පැවිදි දිවිය[සංස්කරණය]

සිය පැවිදි දිවිය තුලදී බුදුදහම සම්බන්ධ ග්‍රන්ථ කිහිපයක් රචනා කල ආරියවංශාලංකාර හිමි,[2] වසර 13ක් මුළුල්ලෙහි කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථානයේ භාරකාර හිමිනම වශයෙන් කටයුතු කරන ලදී. උන්වහන්සේ විසින් දේශනා කරන ලද සහ උන්වහන්සේ සහභාගී වූ දහම් සංවාද සහ වැඩසටහන් බොහොමයක් එකල ජනතාව අතර ප්‍රකට විය. 2014 වසරේ මාර්තු මස 22වන දින කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අපවත් විය.[3].

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමි". සිළුමිණ. සම්ප්‍රවේශය 13 ජූනි 2017.
  2. "Ceremony to felicitate Ven. Harispattuwe Ariyawansalankara Thera". The Buddhist Channel TV. සම්ප්‍රවේශය 13 June 2017.
  3. "හාරිස්‌පත්තුවේ නාහිමියෝ අපවත් වෙති". දිවයින ඔන්ලයින් නිව්ස් පේපර්. දිවයින. සම්ප්‍රවේශය 13 ජූනි 2017.