හාථිගුම්ඵා අභිලේඛනය
හාථිගුම්ඵා අභිලේඛනය ("හස්ති ගුහා" අභිලේඛනය) පිහිටියේ ඉන්දියාවේ ඔඩිෂාහි භුබනේස්වර් අසල උදයගිරියෙනි. මෙය ක්‍රි.පූ. 2වන සියවසේ දී, ඉන්දියාවේ කාලිංගයේ එකල අධිරාජයා වූ ඛාරවේල විසින් කරවන ලද්දකි.[1] ප්‍රාකෘත භාෂාවේ මධ්‍ය-බටහිර ස්වරූපයෙන් රචිත හාථිගුම්ඵා අභිලේඛනය පේළි දාහතකින් සමන්විත ය. මෙය ගැඹුරට-කැපූ බ්‍රාහ්මී අක්ෂර මාලාවෙන් රචනාකොට ඇත. මෙය පිහිටියේ ඔඩිෂාවේ භුබනේස්වර් අසල උදයගිරි කන්දේ දකුණු පැත්තේ පිහිටි හාථිගුම්ඵා නම් ස්වාභාවික ලෙනේ බෑවුමේ ය. මෙය පිහිටා ඇත්තේ මීට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි ධෞලිහි අශෝක අධිරාජයාගේ ආඥාවන්ට කෙළින්ම මුහුණලා ය.
මෙම අභිලේඛනය රචනා කොට ඇත්තේ කාලිංග වර්ණමාලාවේ ආදිතම ස්වරූපයකින් වන අතර, එය ක්‍රි.පූ. 150 අවට කාලයට යෝජනා වී ඇත.[2]
මෙම අභිලේඛනය ඛාරවේලගේ 13වන රාජ්‍ය වර්ෂයට අයත් අතර, එය විද්වත්හු එය අයත් කාලසීමාව ලෙස ක්‍රි.පූ. 2වන සියවස[3] සිට ක්‍රි.ව. 1වන සියවස තෙක් විවිධ දිනයන් දක්වති.[4][5][4]
පසුබිම
[සංස්කරණය]උදයගිරි ලෙන්වල පිහිටි හාථිගුම්ඵා අභිලේඛනය කාලිංග පාලක ඛාරවේල පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රයකි. පේළි දාහතකින් යුත් මෙය ක්‍රි.පූ. 1වන සියවදේ බ්‍රාහ්මී අක්ෂර භාවිතයෙන් ගැඹුරට හාරා කැටයම් කොට ඇත. මෙය උදයගිරි කන්දේ දකුණු පෙදෙසේ ස්වාභාවික ලෙන් බෑවුමෙහි කොට ඇත.
මෙය පළමු වරට බටහිර ලෝකය වෙත හඳන්වා දුන්නේ 1820දී ඒ. ස්ටර්ලිං විසිනි. ඔහු ඒෂියාටික් රිසර්චස්, XV කලාපයේ එහි පෙනෙන අයුරින් ගත් පිටපතක් ඇතුළත් කොට ඇත. එසේම An Account, Geographical, Statistical and Historical of Orissa or Cuttack ග්‍රන්ථය තුළ ජේම්ස් ප්‍රින්සෙප් විසින් ද අභිලේඛනය පිටපත් කොට ඇතුළත් කොට තිබේ. ප්‍රින්සෙප්ගේ කියවීම් සහ කිටෝ විසින් සිදුකළ එහි ප්‍රතිකෘතිය බෙංගාල අසියාතික සංගමයේ ජර්නලය, VI (1837) තුළ පළ විය. එහි සදොස් අයුරින් දක්වා තිබුණේ මෙම අභිලේඛනයෙන් කියැවෙන්නේ ඓරා නම් රජකු පිළිබඳ බවයි. 1871 අවසානය වන විට, එච්. ලෝකි විසින් අභිලේඛනයේ බදාම අච්චුවක් නිපදවූ අතර, එය වර්තමානයේ කල්කටාවේ ඉන්දියානු කෞතුකාගාරයේ තබා ඇත. 1877දී ඇලෙක්සැන්ඩර් කනිංහැම් මෙම අභිලේඛනය Corpus Inscriptionum Indicarum වෙළුම I තුළ ප්‍රකාශයට පත්කළ අතර, 1880දී ආර්. එල්. මිත්‍රා විසින් මෙහි මඳක් අලුත් කළ ප්‍රභේදයක් සිය Antiquities of Orissa, වෙළුම II තුළ ඇතුළත් කරන ලදී.
මෙහි පළමු විශ්වසනීය කියවීම සිදුකළ තැනැත්තා ලෙස භග්වාන් ලාල් ඉන්ද්‍රජී සැලකේ. එය ඔහු 1885දී ප්‍රාචීන ශාස්ත්‍රයන්ගේ සයවන අන්තර්ජාතික කොන්ග්‍රසය හමුවේ ඉදිරිපත් කළේ ය. එසේම මෙහි දී වැදගත් කරුණක් වන්නේ හාථිගුම්ඵා සෙල්ලිපිය තුළ වර්ණනා කොට ඇති රජු ඛාරවේල බව පළමුවරට ප්‍රකාශ කළ පුද්ගලයා ද පණ්ඩිත් ඉන්ද්‍රජී වීමයි.[6] මෙම අභිලේඛනයේ ඇති බොහෝ විවර හේතුවෙන් මෙය නිවැරදිව කියැවීමට බාධා ඇති වූයේ, එය වෙන්වෙන්ව අර්ථ සැලකූ විට වැරදි අර්ථකථන ඇතිවිය හැකි නිසායි.
මෙම අභිලේඛනය මගින් ප්‍රධාන වහයෙන්ම මෙම රජුගේ විවිධ ආක්‍රමණ සඳහන් කෙරේ.මෙය ඇරඹෙන්නේ සාතවාහන රජ සාතකර්ණී සමග ඔහුගේ සටනින් අනතුරුවයි:
- "දෙවන වර්ෂයේ දී (ඔහු) සාතකාමිනී නොසලකා හැර, තුරඟ සේනා, හස්තීන්, පාබල (නර) සහ රථ ශක්තියෙන් පිරි ප්‍රබල හමුදාවක් බටහිර ප්‍රදේශ වෙත පිටත් කර හරියි. කණ්හ-බෙම්න වෙත එම හමුදාව ළඟවූ පසු ඔහු එම නගරයේ මූසිකයන් භීතියට පත්කරයි." එපිග්‍රැෆියා ඉන්ඩිකා, වෙළු. XX
මේවාත් බලන්න
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ Krishan 1996, පිටු අංකය: 23.
- ^ Source
- ^ Alain Daniélou (11 February 2003). A Brief History of India. Inner Traditions / Bear & Co. pp. 139–141. ISBN 978-1-59477-794-3.
- ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Sudhakar_1974
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Rama Shankar Tripathi (1942). History of Ancient India. Motilal Banarsidass Publ. pp. 199–201. ISBN 978-81-208-0018-2.
- ^ A. F. Rudolf Hoernlé (2 February 1898). "Full text of "Annual address delivered to the Asiatic Society of Bengal, Calcutta, 2nd February, 1898"". Asiatic Society of Bengal. සම්ප්‍රවේශය 4 September 2014.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Epigraphia Indica, Vol. XX (1929–30). Delhi: Manager of Publications, 1933.
- Sadananda Agrawal: Śrī Khāravela, Published by Sri Digambar Jain Samaj, Cuttack, 2000.
ප්‍රභව
[සංස්කරණය]- Krishan, Yuvraj (1996), The Buddha Image: Its Origin and Development, Bharatiya Vidya Bhavan, , https://books.google.co.in/books?id=kDyJh--iaL0C
බාහිර සබැඳි
[සංස්කරණය]- Epigraphia Indica, වෙළු. XX (1929–30). දිල්ලි: මැනේජර් ඔෆ් පබ්ලිකේෂන්ස්, යළිමුද්‍රණය 1983.
- හාථිගුම්ඵා අභිලේඛනයේ සම්පූර්ණ පෙළ ඉංග්‍රීසියෙන්
- ඛාරවේල සහ වාශිෂ්ඨීපුත්‍ර පුලුමාවීගේ අභිලේඛන අතර සංසන්දනාත්මක අධ්‍යයනයක් සංරක්ෂණය කළ පිටපත 2012-05-23 at the Wayback Machine
- හාථිගුම්ඵා අභිලේඛනයේ ශිලාරේඛනය, භාෂාව සහ කලාව