හරිත දාමය

විකිපීඩියා වෙතින්

හරිත දාමය යනු ලී මෝල් සඳහා භාවිතා කළ හැකි ලී කොට බෙදා හැරීමේ පද්ධති වර්ගයකි. හරිත දාමයෙන් සිදුවන්නේ මෝලේ අවසාන නිෂ්පාදිතය එකතු කර, එය පාලනය කරන ලද වේගයකට අනුව පිට කිරීමයි. 19 වන ශත වර්ෂය සහ 20වන ශත වර්ෂයේ මුල් භාගයේ සිට අග භාගය තුල දී මිනිසුන් විසින් හරිත දාමය භාවිතා කර ඇත. පුරුෂයින් පැත්තකට වන්නට සිටගෙන ලී කොට තල්ලු කරනුයේ ඉල්ලන දිශාවට සහ ස්ථානයට ගැලපෙන පරිදි ගොඩවල් ලෙසය. කෙටියෙන් සඳහන් කරනවා නම් වැඩකරුවන් විසින් ලී කොට වර්ග කරනු ලබයි. නවීන ‍ලී මෝල් භාවිතා කරන්නේ ස්වයංසිද්ධ පද්ධතීන්ය. එනම් ලී කොට, දාමය මඟින්, ඒවා රුවා ගත හැකි විශාල කඩයක් තුළට දමා වියලීම සඳහා අට්ටාල ප්‍රදේශයකට යැවීමයි. මෙය හරිත දාමය ලෙස පැවසීමට හේතුව වන්නේ ලී කොට කොළ පැහැයෙන් යුක්ත වීම සහ ඒවා පදම් නොකිරීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=හරිත_දාමය&oldid=464954" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි