හරප්පා ශිෂ්ඨාචාරය

විකිපීඩියා වෙතින්

කුඹල් කර්මාන්තය[සංස්කරණය]

නැති වි ගිය ජනාවාසයන්හිපෙනෙන්නට ඇති නෂ්ටාවශේෂයන්ගෙන් යුක්ත වූ සිය දහස් ගනන් වලං කැබලි භූමිය පුරා විසිරී ඇත.වලං පිලිස්සීම සඳහා භාවිතා කරන ලද උඳුන්ද දැකිය හැක.විශාල වශයෙන් වලං කර්මාන්තය සිදුකරන ලද්දේ සුඛෝපබෝගී භාණ්ඩ සමඟ හුවමාරු කරගැනීම සඳහා කල්තබා ගත නොහැකි භාණ්ඩ අපනයනය කිරීමේදී ඒවා ඇසුරුම් කරණය සඳහා යැයි සිතිය හැකිය.පෝරණු වල පිලිස්සු භාණ්ඩ වන කලස්,පිඟන් සහ මූඩි වල කැබලි,දම් මැටි වලින් සියුම් ලෙස සැදු වලලු ආකාර කොටස්ය.මෙම වලන් සකයක කරකවන සහ රෝස පැහැයට හුරු ඔපදමන ලද නියැඳි වේ.සමහර භාණ්ඩ විශේෂයෙන් කලස් වල ගෙල වටා රතු පාටට හුරු ඔපදැමූ පටියක් තිබේ.මෝස්තර යෙදීම බොහෝ වලන් වල අලංකාර ලක්ෂණ වලින් එකක් වන අතර කලු පැහැයෙන් යුක්ත වේ.මෙම මෝස්තර ජ්‍යාමිතික හැඩ වලට සීමා කර ඇති අතර විවිධ ඝණකම් වලින් යුතු තිරස් රේඛා,මාලුන්ගේ කොරල රටා රැලි රේඛා,ඡේදනය වන රවුම් සහ පනා රටා ඇතුලත් වේ.මිනිසුන්ගේ හා සතුන්ගේ මෝස්තර අංග සැලකිය යුතු තරම් නැත.වලන් කරුවන්ගේ සලකුණු කලස් සහ වලන් මත පැහැදිලිව තිබේ. සෙල්ලම් බඩු,පිලිම සහ පැලඳුම් සම්පූර්නයෙන් නොමැති වීම උපයෝගිතාත්මක පරිසරයක් පෙන්නුම් කරයි.(තව දුරටත් කනීම සිදු කරන ) මෙම හාරප්පා ශිෂ්ඨාචාරයේ පෙනෙන්නට තිබෙන සමාජ හා සංස්කෘතික විසංගමනය අඩු කල හැකි ද්‍රව්‍ය අනාවරණය කර ගැනීමට තවදුරටත් නිරන්තරව කැණීම් සිදු කරනු ලබයි..

"https://si.wikipedia.org/w/index.php?title=හරප්පා_ශිෂ්ඨාචාරය&oldid=471387" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි