හමුදා අධ්‍යාපන හා පුහුණුව ආයුධ රහිත සටහන් පුහුණුව

විකිපීඩියා වෙතින්

සත්‍ය වශයෙන්ම යුද්ධයකදි මල්ලව පොර යොදා ගැනීම සම්බන්ධව වඩාත්ම සවිස්තරාත්මක විස්තරය ක්‍රි.ව 6 වන සියවසේ සිදුවු රෝමානු (නැගෙනහිර රෝමානු - බයිසත්තියන්) පර්සියානු යුද්ධය සම්බන්ධව ලේකන ගත කල ‘ප්‍රොකෝපියස්’ මගින් හමුවේ. පහත දැක්වෙන්නේ රෝමානු මල්ලව පොර ගුරැවරයෙකු හා වෘත්තිය ‍පර්සියානු සොල්දාදුවන් දෙදෙනකු අතර ඇති වු ද්වන්ධ සටහන් දෙකක් ගැන වු සුවිශේෂි වු විස්තරයකි (ප්‍රේකෝපියන්, යුද්ධ‍යන්හි ඉතිහාසය I. XII 29)

‘’නමුත් රෝමානු හමුදාව ඉතා අසාධාරණයට අසු මෙහෙය වු තරැණ පර්සියානුවෙක්, ඔවුන් සියල්ලන්ටම අභියෝග කරමින් තමා සමග සටන් කිරිමට කැමති ඕනෑම කෙනෙකුට හඩගැසිය. බෞසෙක්ගේ උපස්ථායකු වු, සොල්දාදුවෙකුගේ හෝ කිසිදිනෙක යුධ කලාව ප්‍රගුණ නොකළ තැනැත්තකු වු, එනමුදු බයි‍සත්තිය‍මේ එක්තරා මල්ලව පොර පාසලක තරැණයන් පුහුණු කරන්නනෙකු වු අන්ද්‍රියාස් නම් තැනැත්තෙක් හැර මුළු හමුදාවෙන්ම වෙන කිසිවෙකු මෙම තර්ජනයට මුහුණ දිමට අකමැති විය. මෙහිදි ඔහුගේ උපන් ස්ථානය බයිසන්තියම බවත් ඔහු බෞසෙක් හට ස්තානයේදී උපස්ථාන කල බවත් පැහැදිලි විය. ස්වකිය කැමැත්තෙන්ම ‍ෙබෟසෙක් හෝ වෙන කිසිවෙකුගේ අණකිරිමකින් තොරව ගොස් පර්සියානුවා සමග තනිව සටන් කිරිමට දෛර්ය තිබුණේ මොහුට පමණි. බාබේරියානුවා තම පහර කෙසේ එල්ල කල යුතුදැයි සිතමින් සිටින විට අල්ලාගන්නා ලදුව අන්ද්‍රියාස් විසින් හෙල්‍ලයෙන් පපුවේ දකුනු පසට පහර දෙන ලදි. මේ සා විශාල කායශක්තියෙන් හෙබි මිනිසෙකු විසින් එල්ල කරන ලද පහරක් දරා ගත නොහැකි වු පර්සියානුවා අසු පිටින් බිමට ඇද වැටිනි. මෙහිදි අන්ද්‍රියාස් විසින් කුඩා පිහියකින් ඔහු උඩුකුරැව වැතිර සිටියදිත් බිල පුජාවකදි පුදන සතෙකු මෙන් මරණ ලද අතර මෙහිදි නගර ප්‍රාකරයෙන් හා රෝමානු හමුදාවෙන් විශාල ජයඝෝෂාවක් නැගිනි. නමුත් පර්සියානුවන් අත්වු ප්‍රතිඵලය ගැන දැඩි ලෙස කුපිත වි තවත් අශ්වාරෝහකයෙක් ඉදිරියට එවන ලද අතර ඔහු ශරිර ප්‍රමාණයෙන් විශාල වු අතර හිසේ තෙක් දැනටමත් අළු පැහැගැන්ළුී තිබිම මගින් තරැණයෙක් නොවු බව ද පෙනින. මෙම අහ්වාරෝහකයා ද ප්‍රති විරැද්ධ හමුදාව වෙත අසු මෙහෙයවා අසුට තලන ලද කසය වේගයෙන් ලෙලවමින්, රෝමානුවන් අතුරින් තමා හා සටන් කිරිමට කැමති කෙනෙකුට හඩ ගැසිය. කිසිවෙකුත් ඔහුට විරැද්ධව ඉදිරිපත් නොවු විට සර්මෝජින්ස් විසින් එසේ නොකරණ ලෙස අණකරනු ලැබ තිබියදිත් අන්ද්‍රියාස් කිසි‍වෙකුගේ අවධානයට ලක් නොවි ඉදිරියට ගියේය. මෙහිදි දෙදෙනාටම උමතුටෙවන් මෙන් හෙල්ල දරාගෙන එකිනෙකා වෙත වේගයෙන් අසුන් පැන්නු අතර මෙහිදි ඔවුන්ගේ හෙලි දැඩි බලයකින් මෙන් වෙනතට යොමු වු අතර හිසට එහිස ගැටුණු අසුන් දෙදෙනා උන්ද බිම වැටි අශ්වාරෝහකයන් දෙදෙනා ද බිම හෙලිය. එකිනෙකාට ළගින් ඇද වැටුනු මිනිසුන් දෙදෙනාම ඉතා ඉක්මනින් නැවත නැගිටිමට උත්සුක වු අතර පර්සියානුවාට සිය‍ දේහ ප්‍රමාණය නිසා මෙය අපහසු කාර්යයන් වු නමුදු, අන්ද්‍රියාස් මෙය බලාපෙ‍ාරොත්තුවෙන් සිට (ඔහු මල්ලව පොර පාසල මෙම වාසිය ඔහුට ලබා දි තිබුණේය) පබර්සියානුවා එක් දණකින් නැගි සිටිනවාත් සමගම පහර දුන් අතර ඔහු නැවත බිම වැටුණ විගස ඔහුව මරා හෙලිය. මෙහදි පෙර තරම්ම හෝ පෙරටකත් වඩා විශාල ජයඝෝෂාවක් නගර ප්‍රාකාරයෙන් හා රෝමානු හමුදාවෙන් නැගි සිටියේය. මෙහිදි පර්සියානුවන් සමුහය විසිරැ අමෝඩියොස් වෙත පසුබැසි අතර රෝමානුවන් දොරටු විවෘත කර නගරය තුල ගියේය. මක් නිසාද යත් ඒවන ත් අදුරැ වු බැවින් මෙලෙස හමුදාවන් දෙකම රැය පසු කලේය.’’ හමුදා පුහුණුවේදි මල්ලව පොර මගින් අත්කර ගැනිමට බලාපොරෝත්තු වන ප්‍රධාන අරමුණු වන්නේ, • සමබරතාවයේ විහ්ෂ්ඨ දියුණුව මෙය සතුරාගේ සමබරතාව නැති කිරිමට උත්සාහ කරන අතරම තමාගේ සමබරතාව රැක ගැනිමට උත්සාහ කිරිම මගින් දියුණු කර ගනි. යුද්ධයෙිද් බිම ඇද වැටිම කෙනෙකුව ඉතා ඉක්මනින් ආයුධ වලින් කෙරෙන පරහදිමකට ලක්ව තුවාල විමේ අවදානම ඉහල නංවයි. එම නිසා හොද සමබරතාවයක් පවත්වා ගැනිම සෙබළුන්ට අනිවාර්ය වේ. • ගුහණයේ ශක්තිමත්භාවය හා හස්ත කෞශල්‍යය අයුධ හා සටන් භාන්ඩ භාවිතයට වැදගත් වේ. • ඒකාග්‍ර හා බලසම්පන්න තල්ලු කිරිමේ බලය සටනේ දි සතුරා වෙත ආයුද වලින් දමා ගැසිම හෝ ඇනිම සිදු කර යුතුවේ. • බිම ඇද වැටුනහොත් ඉතා ඉක්මනින් නැවත නැගීට සිටිමේ හැකියාව මෙය සටන් බිමේදි දිවි රැක ගැනිමට ඉතා වැදගත් හැකියාවකි. • ශක්තිය, දරා ගැනිමේ හැකියාවයි සිදුවන වර්ධනය • තුවාල ලත් සගයන් ඔසවාගෙන යාමට හෝ සිරකරැවන් පාලනය කිරිමට අවශ්‍ය ශාරිරික පුහුණුව • කලහකාරිත්වය ඇති කිරිම හා ප්‍රතික්‍රියා දැක්විමේ වේග‍යහි වැඩි දියුණුව • මිතුරැ සබදතා හා වි‍නෝදකාමිත්වය දියුණු කිරිම.

එක්සත් ජනපද හමුදාව ජාතික හා අන්තර්ජාතික මට්ටමෙන් තරගකරන ක්‍රිඩකයන්ට සොල්දාදුවන්ට සහයෝගය දක්වයි. හමුදා සාමාජිකයින් නොයෙකුත් එ.ජ. ජාතික මල්ලව පොර ශුරතා දිනගෙන ඇති අතර හමුදා සටහන් සාජන්ට් ‘ඩ්‍රෙමියල් බයරස්’’ හෙවිරවයිට් බර පන්තියෙන් 2002 දි ග්‍රිකෝ රෝමානු ලෝක ශුරතාව දිනාගත්තේය. මෙම මල්ලව පොර කොතරම් තරගකාරි ද යත්, එක් එක් බර පංතියේ පිරිමි ගැහැණු ජයග්‍රහකයින් අනිවාර්යයයෙන් එක්සත් ජනපද මල්ලව පොර පරිසාදන තරග වලට සුදුසු කම් ලබයි