හමුදාකරණය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
හමුදාව විමසිල්ලෙන්.jpg

හමුදාකරණය ගත් කල අවි තරගයේ තවත් එක් මාතෘකාවක් ලෙස හමුදාකරණය හැදින්විය හැකිය. එලෙස ගතහොත් හමුදාකරණය යන වචනයෙන් අදහස් වන්නේ හමුදාව ශක්තිමත් කිරීම හෝ රාජ්‍යයේ මුලික අවධානය හමුදාව වෙත යොමු කිරීමත් සියළුම බලතල හමුදාව මත කේන්ද්‍රගත කල අවස්ථාවක් ලෙස දැක්විය හැක. මෙහිදී අවි තරගය පිළිබඳව ඉදිරිපත් වු එක් නිර්වචනයක මෙලෙස සඳහන් වේ.

"තම හමුදා ශක්තිය වැඩි කිරීම මගින් එකිනෙකාට සාපේක්ෂ වශයෙන් ආරක්ෂාව වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කරන රාජ්‍යයන් 2 ක් හෝ වැඩි ගණනක් අතර ඇති වන තරගකාරී අරගලයකි".

මේ නිර්වචනය තුළ ප්‍රධාන වශයෙන් සංකල්ප 2 ක් ඇත. එනම් හමුදා ශක්තිය වැඩි කිරීම හා තරඟකාරී අරගලයක් යන සංකල්ප 2 යි. යම් රාජ්‍යයක් තමන්ගේ හමුදා ශක්තිය වැඩි කර ගැනීම තුළින් උත්සාහ කරන්නේ තවත් රාජ්‍යයකට වඩා බලය අතින් ස්වකීය රාජ්‍යය පවත්වාගෙන යාම. ඒ අනුව බල තරඟය හා රාජ්‍යයන්ගේ ශක්තිය මැනීමේ සාධකයක් ලෙස හමුදා ශක්තිය යොදා ගැනීමේ උපාය මාර්ගය තහවුරු වීමත් අදහස් වේ. එනම් තරඟකාරීව තම ආරක්ෂාව සාපේක්ෂ වශයෙන් වැඩි දියුණු කර ගැනීම. හමුදාකරණය යන්න අවි තරඟයත් සමඟ නිර්වචනය වු අදහසකි. විශේෂයෙන් ලොව කලාපීය ලෙස නැඟුණා වු තත්වයක ප්‍රතිඵලයකි. උදාහරණයක් ලෙස නැගෙනහිර බටහිර විරෝධය දැක්විය හැකිය. සාමාන්‍ය පිළිගැනීම නම් හමුදාකරණය යන්න 1970 දශකයෙන් පසු වර්ධනය වීමට පටන් ගත් බව පොදු පිළිගැනීමයි.

හමුදාකරණය යන සාධකය ගත් කල අපට එය දෙයාකාර ලෙසකින් වර්ග කල හැකිය.

1.හමුදාකරණය වු රාජ්‍යයන්

2.හමුදාකරණය වන රාජ්‍යයන්

මෙලෙස මේ සාධකයන් දෙකත් බලපා තිබේ. ඉහත දැක්වු වර්ගීකරණයන් 2 ක සඳහා.

1.හමුදා වර්ධනය කිරීම සඳහා දරණ අධික උත්සාහය

2.සමාජය තුළ හමුදාමය මතවාදය වර්ධනය වී ඇති ආකාරය

හමුදාකරණය යනු සන්නද්ධ හමුදාවල සහ හමුදාව සම්බන්ධ කටයුතු වලට රාජ්‍ය සම්පත් වැඩියෙන් යෙදවීමේ ක්‍රියාවලියයි.අනෙක් අතට දේශපාලන බලයෙහි මෙවලමක් ලෙස හමුදා බලය යොදා ගැනීම සහ සිවිල් කටයුතු වලදි යුධ හමුදාවේ වැඩිවන බලපෑම හමුදාකරණයයි.හමුදාකරණය යන සාධකයේදී හමුදාවට වැඩි වැදගත්කමක් හා හමුදා ඉල්ලීම් හා අවශ්‍යතාවනට වැඩි අවධානයක් යොමු කෙරේ.

රටක යුද්ධයක් පවතින්නේ නම් හමුදාව අත්‍යවශ්‍ය සධකයකි. ඒඅනුව යම් රාජ්‍යයකට යුධ තර්ජනයක් පවතිනවා යැයි උපකල්පනය කිරීමත් හමුදාකරණයක් විය හැකිය. අනෙක් අතට ගැටුමක් පවතිනවිටක එය දිගින් දිගටම වර්ධනය කිරීමට හමුදාවට බලය ලබාදෙන්නේ නම් එවැනි වාතාවරණයක් තුළ හමුදාකරණයේ පසුබිමක් නිර්මාණය වේ.

මේ ආකාරයට අපට හමුදාකරණය යන්න අර්ථ දැක්විය හැකි අතර හමුදාකරණයට බලපාන සාධක පාලනය කිරීමෙන් නිර්හමුදාකරණයක් ඇති කළ හැකිය.මේ අනුව රටක හමුදාකරණය යන සාධකයට ප්‍රබලත්වයක් හිමිවීම තුළින් එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන නිසා නිර්හමුදාකරණයක් කිරීමේ අවශ්‍යතාවය පැන නගී. හමුදාකරණය සඳහා අවශ්‍ය සාධක පාලනය කිරීම තුළින් නිර්හමුදාකරණයක් ඇතිකර ගත හැකිය.

'හමුදාකරණය සඳහා බලපාන සාධක'

පළමු කරුණ නම් හමුදා කටයුතු සඳහා විශාල මුදලක් වැය කිරීමයි. මෙහිදී රාජ්‍යයක් හමුදාකරණය සඳහා ගමන් කරන විට කොතරම් ප්‍රමාණයක් සමාජ සුභසාධනය මඟ හැරෙනවාද යන්න පෙනී යයි. එනම් කිසියම් රටක් වැඩි මුල්‍ය ප්‍රතිපාදනයක් හමුදා නඩත්තු කටයුතු සඳහා හා හමුදා ක්‍රියාකාරකම් සඳහා වැය කරන අවස්ථාවකදී ඊට සාපේක්ෂව සමාජ සුභසාධනය උදෙසාත් පුද්ගල සුභසිද්ධිය උදෙසාත් වැය කිරීමට නියමිත ප්‍රමාණය පහල බැසීමක් සිදු වේ . හමුදා බලය වැඩි කර ගැනීමේ අරමුණක් වන්නේ, තමන්ට එල්ල විය හැකි පහරදීම් අවරෝධනය කිරීමයි. තමන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල වේ යැයි සිතා එය වලක්වා ගැනීමට ක්‍රියා මාර්ගයක් ලෙස තම ශක්තිය වැඩි වර්ධනය කරයි. යම් රටක් සතුව අධික යුධ බලයක් හෝ යුධ බලය පෙන්නුම් කල හැකි සාධක පවතිනවා නම් එමගින් පෙන්නුම් කරන්නේ එම රාජ්‍යය තවත් රාජ්‍යයකගෙන් එල්ල විය හැකි ආක්‍රමණයකට සුදානම් වීමක් ලෙසය. වලක්වා ගැනීම හා සුදානම් වීම තුළ හමුදාකරණයක අරමුණක් පවතී.

රාජ්‍යයක් කොතරම් දුරට හමුදාකරණය වී ඇත්දැයි අපට ප්‍රධාන සාධක 06 ක් ඔස්සේ විමසා බැලිය හැකිය.

01. හමුදාවේ සංඛ්‍යාත්මක තත්වය.

පලමු සාධකය නම් හමුදාවේ සංඛ්‍යාත්මක තත්වයයි. සාමාන්‍යයෙන් රාජ්‍යයක් සතු හමුදාව ප්‍රමාණාත්මකව කොපමණ සිටිනවාද යන්න මෙමගින් අදහස් කෙරේ. මෙහිදී ජනගහණයෙන් කොපමණ ප්‍රමාණ යක් හමුදා සෙබළු ලෙස නියෝජනය වනවාද? යන්න බලයි. උදාහරණ ලෙස දකුණු ආසියා කලාපයේ පහත රටවල් විමසමු.


රට ජනගහණය(1997) හමුදා ප්‍රමාණය
ඉන්දියාව දශලක්ෂ 953.7 1,145,000
පකිස්තානය දශලක්ෂ 137.4 587,000
ලංකාව දශලක්ෂ 18.5 115,000


(කරුණාදාස w.m. -සාර්ක් සප්තා සප්ටා, පිටුව10,11,13, 1998, ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ)

මෙහිදී එක් එක් කාලවලදී හමුදාවේ වෙනස් වීමක් සිදු වෙනවා පවතින දේශපාලන වාතාවරණයට අනුව.

02. හමුදා වියදම් ප්‍රමාණය.

අනෙක් කාරණය හමුදා වියදම් ප්‍රමාණයයි. මෙහිදී යම් රටක් තමන්ගේ සමස්ථ වාර්ෂික අයවැය ප්‍රමාණයෙන් යුධ වියදම් සඳහා කුමන ප්‍රතිශතයක් වැය කරනවාද යන කාරණය. නමුත් රාජ්‍යයන් මේ සම්බන්ධව නිවැරදි දත්ත ලබා නොදෙන නිසා යුධ වියදම් සොයා ගැනීම අපහසුම දත්තයන් වී ඇත. (නිදසුන් ලෙස පහත රටවල් බලමු.)

රට මුදල් වර්ගය 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003
බංග්ලාදේශය ටාකා මිලියන් 21582 23076 25863 28436 31277 33377 34020 34105 36150
ඉන්දියාව රුපියල් මිලියන 260 291 339 387 453 490 531 553 592
නේපාලය රුපියල් මිලියන 2064 2242 2471 2789 3240 3650 4837 6640 7903
පකිස්තානය රුපියල් මිලියන 112085 123550 131803 139818 146931 153795 169761 188426 208031
ශ්‍රි ලංකාව රුපියල් බිලියන 35.2 38.1 37.1 42.5 40.1 56.9 54.2 49.2 47.0



(1995-2003 දක්වා සාර්ක් රටවල් යුධ වියදම් සඳහා වැය කළ මුදල් ප්‍රමාණය. (SIPRI YEAR BOOK 2005)

රට මුදල් වර්ගය 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003 2004
බංග්ලාදේශය ඇමරිකානු ඩොලර් 524 548 582 591 612 639 639 620 622 621
ඉන්දියාව ඇමරිකානු ඩොලර් 9042 9286 10091 10178 11364 11821 12357 12342 12698 15059
නේපාලය ඇමරිකානු ඩොලර් 42.2 42.0 44.5 45.1 48.8 53.6 69.2 92.2 104 105
පකිස්තානය ඇමරිකානු ඩොලර් 3020 3016 2889 2885 2911 2920 3125 3385 3602 3685
ශ්‍රි ලංකාව ඇමරිකානු ඩොලර් 749 699 621 651 586 784 655 542 487 551


(1995-2004 දක්වා සාර්ක් රටවල් යුධ වියදම් සඳහා වැය කළ ප්‍රමාණය.(ඇමරිකානු ඩොලර්)

(SIPRI YEAR BOOK 2005) : ARMAMEATS DISARMAMENTS AND INTERNATIONAL SECURITY, OXFORD UNIVERSITY PRESS, OXFORD 2005.

අනෙක් කාරණය නම්,

04. සිවිල් හමුදා අන්තර් විනිවිද යාමයි.

මෙහි අදහස හමුදාව හා හමුදාමය නොවන ජනගහණයෙන් කොපමණ දුරකට යථා තත්වයක් එළි දකිනවාද යන්නයි. උදාහරණයක් ලෙස සිවිල් පාලන කටයුතු සඳහා හමුදා නිලධාරීන් පත්වීම දැක්විය හැක.

05. හමුදාව දේශපාලනීකරණය වීම.

මෙහිදී අංශ 02 කි.

01. හමුදාව දේශපාලනීකරණය වීම.

02. සිවිල් සමාජය හමුදාකරණය කිරීම.

මෙහිදී හමුදාව යම් කිසි විදිහකට සිවිල් සමාජය විනයානුකුල නොවන තැනක් යැයි සිතා එහි පවතින දුෂණය මර්ධනය කිරීමට හමුදාව මැදිහත් විය යුතු යැයි සිතා හමුදාව ඒ සඳහා මැදිහත් වීම දේශපාලනීකරණය යන සාධකයෙන් අදහස් වේ.

උදාහරණ: පකිස්තානය හා බංග්ලාදේශය ස්වකිය රටවල් හමුදා කුමන්ත්‍රණ මගින් බලය තහවුරු කර ගැනීමට මුලික හේතුව වුයේ වංචනික ලෙස පරිපාලන ගෙන යාම හා පරිපාලනයේ දුෂණ බව හා අකාර්යක්ෂමතාවය.

අනෙක් අතට හමුදා සේවයේ සිටි අය සිවිල් තනතුරු වලට පත් වීමද වක්‍රව හමුදාවේ බලපෑම සිවිල් සමාජයට එල්ල වීමකි.

06. හමුදාව කෙරෙහි පවතින සමාජ තත්වය.

අනෙක් කාරණය හමුදාව කෙරෙහි පවතින සමාජ තත්වයයි. හමුදාව කෙරෙහි පවතින ගෞරවාන්විත ආකල්පය කොහොමද යන්න. මෙහිදී අධ්‍යාපන මට්ටම , නිල ඇඳුම කෙරෙහි පවතින ආකල්ප , වැටුප් පරිමාවන් ආදිය සැලකිල්ලට ගනී.

රටක ජාතික බලයට යුධ ශක්තිය වැදගත් සාධකයකි. විශාල හමුදාවක් සහිත නවීන අවි ආයුධ වලින් යුක්ත රටක් නිතරම බලගතු රටක් වේ. හමුදා මුලිකාංගය අතින් රටක් ශක්තිමත් වීමට හමුදාවේ ප්‍රමාණාත්මක බව මෙන්ම හමුදාවේ යුධ උපකරණයන්හි ගුණාත්මක බවද වැදගත්ය. එහෙත් විශාල හමුදාවක් හා නවීනතම යුධ උපකරණ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. එහෙත් බොහෝ රටවලට යුධ වියදම් සැහෙන බරක් වී ඇත. එහෙත් අද ජාත්‍යන්තර දේශපාලනය තුළ හමුදාකරණය යන කරුණට වැදගත් තැනක් හිමි වි තිබේ.

පින්තුර එකතුව[සංස්කරණය]

හමුදාව සිරුවෙන්.jpg 100pXහමුදා පුහුණුව.jpg Millitary.jpgහමුදා මෙහෙයුම්.jpg


ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

මහාචාර්ය w.m.කරුණාදාස : සාර්ක් සප්තා සප්තා,ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ,හීල් වීදිය,1998

SIPRI YEAR BOOK 2005, Armaneats Disarmaments and International Security, Oxford university Press Oxford 2005

"https://si.wikipedia.org/w/index.php?title=හමුදාකරණය&oldid=30506" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි