හඩ්සන් සමරසිංහ

විකිපීඩියා වෙතින්

හඩ්සන් සමරසිංහ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති වරයෙකි. හෙතෙම 1969 දී පමණ ජාතික ගුවන් විදුලියට එක් විය.විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ උපාධි ධරයකු වන හෙතෙම, 1944 ,ඔක්තෝබර් මස 24 වැනි දා පේරාදෙණියේ දී උපත ලැබීය.පේරාදෙණිය, පැණිදෙනිය ද්වී භාෂා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලද ඒ මහතා වැල්ලවත්ත ධම්මෝදය පිරිවනේ ශස්ත්‍ර හදාලේය.

ගුවන් විදුලි වැඩසටහන්සම්පාදකයකු ලෙස සංස්ථා සේවයට එක්වූ ඒ මහතා ,සංස්ථාවේ විවිධ තනතුරු වලට පත්වීය. 1989 හේ ගුවන් විදුලි සංස්ථාවේ , සභාපති ,අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් විය. 1991 දී , ඔහු කොළඹ දිස්ත්‍රිකයෙන් මන්ත්‍රී වරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂය නියෝජන කරමිනි.

2003 වසරේ එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අමාත්‍යාංශය තුනක් ඇයවෙත පවරා ගැනීමෙන් අනතුරුව හෙතෙම, නැවත ජාතික ගගුවන් විදුලියේසභාපති ධූරයට පත් විය. 2007 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නැවත ( තෙවන වරට ) ජාතිකගුවන් විදුලියේ සභාපති ලෙස පත් කකරන ලදී. 2015 ජනවාරි දක්වා හෙතෙම ජාතික ගුවන් වවිදුලියේසභාපති ලෙස කටයුතු කලේය.

ජාතික ගුවන් විදුලියේ නව වැඩසටහන් ආකෘති සම්පාදනයට හඩ්සන් සමරසිංහ මහතාගේ දායකත්වය ඉවහල් විය. ලාංකීය ගුවන් විදුලි වංශ කතාවේ පලමු fmනාලිකාව වන CITY FM නාලිකාවේ නිර්මාතෘ වරයා හඩ්සන් සමරසිංහය.

දක්ෂ සංනිවේදකයකු වන හඩ්සන් සමරසිංහ මහතා , සිහල , දෙමල ,ඉංග්‍රීසින් භභාෂා ත්‍රය පිලිබඳ මනා පරිචයක් ඇති ජේෂ්ඨ මාධ්‍යවේදියෙකි. හෙතෙම පාලි ,සංස්කෘත භාෂා පිලිබඳව අවබෝධයක් ඇත.

ඉන්දික ජයරත්න.

"https://si.wikipedia.org/w/index.php?title=හඩ්සන්_සමරසිංහ&oldid=428168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි