සෞරග්‍රහ මණ්ඩලය තුළ ව්‍යාප්තීන්

විකිපීඩියා වෙතින්

වර්ථමානයේ මසකට 500 ක් තරමේ විශාල සීඝ්‍රතාවයකින් යුතුව මේ වන විට සෞරග්‍රහ මණ්ඩල තුළ සියදහස් ගණනක් ග්‍රාහක හදුනාගෙන ඇත. 400000 කට අධික ප්‍රමාණයක් අප්‍රධාන ග්‍රහයින් ලෙස (minor planets) ලේඛන ගත කරන ලද ඒවා වන අතර 185000 කට නිත්‍ය නිල ලෙස වෙන් කළ හැකිතරමට හොදින් හදුනාගෙන ඇති කක්ෂ පවා ඇත. මෙයින් 14336 ක් නිල වශයෙන් නම් කර ඇත. අවම සංඛ්‍යාගත, නම් නොකරන ලද අප්‍රධාන ග්‍රහයා 175629 ලැම්බර්ටිනිය. වර්තමාන ඇස්තමේන්තු මගින් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති 1km ට වැඩි විශ්කම්භයක් ඇති මුළු ග්‍රාහක සංඛ්‍යාව මිලියන 1.1-1.9 අතර බව දක්වයි. 975x909km විශ්කම්භයක් ඇති සෙරස් වරක් සෞරග්‍රහ මණ්ඩලය තුළ විශාලම ග්‍රාහකය ලෙස සලකනු ලැබූවත් එය නැවතත් වාමන ග්‍රාහලොවක් ලෙස වර්ගීකරණය කරනු ලැබීය. මෙම වෙනස දැන් 500km පමණ විශ්කම්භයක් ඇති 2-පෙලොස් හා 4 වෙස්ටාටද බලපා ඇත. සාමාන්‍යයෙන් ප්‍රධාන ග්‍රාහක වළල්ලේ ඇස්ටොරයිඩවලින් සමහර අවස්ථාවලදී පියවි ඇසට දර්ශනය වන එකම ග්‍රාහකය 4 වෙස්ටාය. කෙසේ වුවද ඉතා දුර්ලභ අවස්ථාවන්හිදී පෘතුවියට ආසන්න ග්‍රාහක පවා කෙටි කාලයකට තා‍ක්ෂණික සහයකින් තොරව දර්ශනය කරගත හැක. (99942 ඇපෝෆිස් බලන්න)


වමේ සිට දකුණට 4 වෙස්ටා, 1 සිරස්, පෘතුවි චන්ද්‍රයා

අගහරු හා බ්‍රහස්පති කක්ෂ අතරින් වැටී ඇති ප්‍රධාන ග්‍රාහක වළල්ලේ වස්තූන්ගේ මුළු ස්කන්ධය 3.0 – 3.6 x 1021kg පමණ බවට ඇස්තමේන්තු කර ඇති අතර මෙය චන්ද්‍රයාගේ ස්කන්ධයෙන් 4% ක් පමණ වේ. මෙයින් මුළු ස්කන්ධයෙන් 32% පමණ වන 0.95 x 1021kg ස්කන්ධයක් සිරස්ට අයත් වේ. ඉතිරි විශාලතම ග්‍රාහකයින් 3 හි ස්කන්ධ, 4 වෙස්ටා 9%, 2 පෙලාස් 7%, 10 හයිජියා (3%) ලෙස වන අතර ඒවා මෙම අගය 51% දක්වා ගෙන එයි. ඉතිරි විශාලම ග්‍රාහකයින් තිදෙනා වන 511 වැඩිඩා (1.2%) , 704 ඉන්ටරුමේනියා (1%) හා දුජුනෝ (0.9%) ට අයත් වන්නේ මුළු ස්කන්ධයෙන් 3% ක් පමණය. මෙසේ ඉතිරි ග්‍රාහක ගණන සංඛ්‍යාවෙන් සීඝ්‍රයෙන් වැඩි වුවද ඒවායේ තනි තනි ස්කන්ධයන් අඩුවේ.

ප්‍රාධාන ග්‍රාහක වළල්ලෙන් පිට විවිධ පන්තිවලට අයත් ග්‍රාහකයින් අනාවරණය කොට ගෙන ඇත. පෘතුවිය සමීපයේ ඇති ග්‍රාහකවලට පෘතුවි කක්ෂයට ආසන්න කක්ෂ ඇත. ‍ෙට්‍රාජන් ඇස්ටෝරයිඩ ග්‍රහලොවක් සමග සමමුහුර්තකරණය වෙමින් ගුරුත්වාකර්ෂණයෙන් අගුළු වැටී ඇති අතර ඒවා අදාල ග්‍රහලොවේ එහි කක්ෂයේ ඉදිරියෙන් හෝ පසුපසින් යයි. මේවායින් බොහෝමයක් බ්‍රහස්පති සමග සම්බන්ධ වී ඇති අතර කිහිපයක් අගහරු හා නේප්චූන් සමග කක්ෂ ගත වී ඇත. බ්‍රහස්පති හා නෙප්චූන් අතර කක්ෂගතව පවතින ග්‍රාහක සෙන්ටොර්ස් නමින් හදුන්වන අතර මෙයින් ඔබ්බේ නෙප්චූන් වඩ‍ා දුරින් ඇති වස්තූන්ගෙන් (trans Neptunian Objects) පිරී ඇත. සූර්යයාට ඉතා ළගින් බුධගේ කක්ෂයට ආසන්නව වල්කැනොයිඩ්ස් නමින් හැදින්වෙන ග්‍රාහක කාණ්ඩයක් ඇති බවට සැක කෙරෙන මුත් මේවා කිසිවක් තවමත් සොයා ගෙන නැත.