සෛද්ධාන්තික රසායන විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සෛද්ධාන්තික රසායන විද්‍යාවට‍ රසායනික සංසිද්ධි පහදා දීම‍ට හා අනුමාන කිරීමට භෞතික විද්‍යාව යොදා ගැනීම ඇතුළත් වේ. මෑත අවුරුදුවල දී එය මවුලිකව ක්වොන්ටම් රසායන විද්‍යාව පිළිබද අවධානය යොමු කර ඇත. එනම් රසායන විද්‍යාවේ ගැටළු සදහා ක්වොන්ටම් යන්ත්‍රයේ යෙදීම් උකහා දැක්විය හැකිය. සෛද්ධාන්තික රසායන විද්‍යාව ඉලෙක්ට්‍රෝනික ව්‍යුහය ගතිකය හා චාලක රසායනය යන අංශවලට, විවිධ කලාපවල ඇති නිකර රසායන විද්‍යාවේ වෙනත් විවිධාකාර පර්යේෂක අංශවලට විවිධ කලාපවල ඇති රසායන විද්‍යාවේ ගණිතමය වර්ගීකරණයට (උදා - චාලනය පිළිබද ඉගෙනීම) හා නුතන ගණිත දියුණුව මූලික අධ්‍යාපන අංශ වෙත යෙදිය හැකි දැයි අධ්‍යයනය (උදා - ඉලෙක්ට්‍රෝනික ව්‍යුහය අධ්‍යයනයට ස්ථල විද්‍යාව පිළිබද න්‍යාය යෙදිය හැකි වීම) වැනි දේ ඇතුල් වේ. සෛද්ධාන්තික රසායන විද්‍යාවේ පෙර සදහන් කළ කොටස සමහර විටෙක ගණිතමය රසායන විද්‍යාව ලෙසද හැදින්වේ.

පරිගණකමය රසායන විද්‍යාව යනුවෙන් බොහෝ විට අර්ථ දක්වන්නේ ව්‍යවහාරික පසුබිමක් යටතේ ඇති සෛද්ධාන්තික රසායන විද්‍යාවේ, විවිධ වර්ග වල post Hartree – Fock, ඝනත්වය ක්‍රියාකාරී සිද්ධාන්තය අර්ධ අනුභාවික ක්‍රම (උදාහරණ ලෙස PM3) හෝ බල ක්ෂේත්‍ර ක්‍රම වැනි ආසන්න කිරීම් සිදුකරන ක්‍රියා පටිපාටිය ආදිය සමඟ සැබැදුනු ක්ෂේත්‍රයක් වුවද ඉහත සඳහන් කළ බොහෝමයක් අංශ පරිගණකමය රසායන විද්‍යාව ලෙස වර්ගීකරණය කරයි. සමහරක් රසායනික මතවාදීන් ක්වොන්ටම් ලෝකයේ අන්වීක්ෂීය සංසිද්ධි හා පද්ධතිවල විශාල අන්වීක්ෂිය ගුණ අතර සම්බන්ධයක් ඇති කිරීමට ස්ථිතිකමය යාන්ත්‍රණ යොදා ගනී.

රසායනික ගැටළු වලට එල්ලවන වන සෛද්ධාන්තිකමය ප්‍රහාර ඈත අතීතය කරා දිවයයි. නමුත් ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥ අර්වින් ෂ්රූඩින්ගර් විසින් ෂ්රූඩින්ගර් සමීකරණය නිර්මාණය කිරීමට පෙර පැවතියේ දල හා කල්පිතමය ක්‍රමයයි. වර්තමානයේ දී ක්වොන්ටම් ක්ෂේත්‍ර සිද්ධාන්ත හා අසමතුලිත ග්‍රීන් කාණ්ඩ Nonequilibrium Green function Theory වැනි වඩා දියුණු සෛද්ධාන්තික පිවිසුම් භාවිතා වේ.


සෛද්ධාන්තික රසායනයේ අංශ[සංස්කරණය]

  • ක්වොන්ටම් රසායනය

රසායන විද්‍යාවට ක්වොන්ටම් යාන්ත්‍රණ යෙදීම්

  • පරිගණකමය රසායනය

රසායන විද්‍යාව පරිගණක කේතවල යෙදීම්

  • අණුක නිරූපණය

ක්වොන්ටම් යාන්ත්‍රණය යොදා ගෙන අණුක ව්‍යුහය නිරූපණය කිරීමේ ක්‍රමය. අණුක ඇඳීම , ප්‍රෝටීන - ප්‍රෝටීන් අණු ඇඳීම , ඖෂධ නිර්මාණය, සංයෝජනීය රසායනය ආදී උදාහරණ වේ.

  • අණුක ගතිකය

පරමාණු හා අණු එකතුවකදී න්‍යෂ්ටියේ චලනය ආදර්ශනය කරන සම්භාවිත යාන්ත්‍රණවල යෙදීම්

  • ගණිතමය රසායනය.

වොන්ටම් යාන්‍ත්‍රණ යොදා නොගෙන ගණිතමය ක්‍රම මගින් අණුක ව්‍යුහය විස්තර කිරීම හා අනුමාන කිරීම.


  • අණුක යාන්ත්‍රණය

අන්තර්ක්‍රියා බලවල එකතුවක් ලෙස අන්තර හා අන්තඃඅණුක විභව ශක්ති තල ආදර්ශනය

  • සෛද්ධාන්තික රසායන චාලනය

ප්‍රතික්‍රියාකාරී මුලද්‍රව්‍ය හා ඒව‍ායේ අදාල අන්තර් සමීකරණ හා බැදුණු ගතික පද්ධති පිළිබද සෛද්ධාන්තික අධ්‍යයනය

සමීප ලෙස විස්තර කරන ලද අංශ

ඓතිහාසිකව, සෛද්ධාන්තික රසායන විද්‍යාවේ යෙදීම් පහත පර්යේෂණ අංශ මත පදනම් විය.

  • පරමාණුක භෞතික විද්‍යාව - ඉලෙක්ට්‍රෝන හා පරමාණුක න්‍යෂ්ටි සම්බන්ධවන අංශය
  • අණුක භෞතික විද්‍යාව - අණුක න්‍යෂ්ටි වටා ඉලෙක්ට්‍රෝන පැවතීම හා න්‍යෂ්ටියේ චලනය පිළිබද අංශයයි. මෙය සාමාන්‍යයෙන් යෙදෙන්නේ වායු කලාපයේ පරමාණු කිහිපයකින් යුත් අණුවලටය. නමුත් ඇතැමුන් සිතන්නේ අණුක භෞතිකය, රසායන ද්‍රව්‍යවල කැපීපෙනෙන ගුණ පිළිබද අධ්‍යයනයක් යනුවෙනි.
  • භෞතික රසායන විද්‍යාව හා රසායනික භෞතික විද්‍යාව - ලේසර් තාක්ෂණය, සියම් පැදවුම් දණ්ඩ සහිත අන්වීක්ෂය ආදී භෞතික ක්‍රම මගින් සොයා ගන්නා ලද රසායනයයි. ක්ෂේත්‍ර දෙක අතර ප්‍රධාන වෙනස භෞතික රසායනය රසායන විද්‍යාවේ අංශයන් වන අතර රසායනික භෞතික විද්‍යාව භෞතික රසායනයේ අංශයකි. ප්‍රායෝගික මෙම වෙනස අපහැදිලිය.
  • May – body theory - සංරචක විශාල සංඛ්‍යාවකින් යුත් පද්ධති පෙන්වන ප්‍රතිඵල පිළිබද අධ්‍යයනය. මෙය ක්වොන්ටම් භෞතික මත පදනම් වී ඇත. වැඩි වශයෙන් දෙවන ක්වොන්ටමීකරණ රූප ප්‍රධාන වාදය හා ක්වොන්ටම් විද්‍යුත් චලනය මේ සඳහා භාවිතා වේ.

සෛද්ධන්තික රසායනික අංශ ඒ ඒ පර්යේෂණ අංශවල කොටස් ලෙස සමහර විටෙක දර්ශනය වුවත්, ඝනත්වය ක්‍රියාකාරී සිද්ධාන්තය හා අණුක යාන්ත්‍රණය වැනි වෙනත් ක්‍රමවල නැගී සිටීමත් සමග යෙදීම්වල පරාසය, ජීව රසායනය, සංක්ෂිප්ත පදාර්ථය භෞතිකය, නැනෝ තාක්ෂණය හෝ අනුක ජීව විද්‍යාව වැනි රසායන විද්‍යාව හා භෞතික විද්‍යාවට අදාල රසායනික පද්ධති දක්වා පුළුල් වී ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Theoretical_chemistry