වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යැවීම

විකිපීඩියා වෙතින්
පන්දු යැවීමේ ශෛලීයයන්
වර්ග
වේග පන්දු
දඟ පන්දු
පන්දු යැවීම්
දඟ
වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දුවක් යවන අයුරු
ගැරී කීඩි සහ ස්ටීවන් පැරී යන ලැන්කෂයර් ක්‍රීඩකයෝ 2012 ෆ්‍රෙන්ඩ්ස් ලයිෆ් වි20 තරගාවලියෙහිදී වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යවන අයුරු

මඳ වේග වමතින් ඕර්තඩොක්ස් පන්දු යැවීම ලෙසින්ද හැඳින්වෙන වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යැවීම යනු, ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී, වමතෙහි ඇඟිලි භාවිතයෙන් පා දඟ පන්දු යැවීමෙහි ආකාරයකි.

වමතින් පන්දු යවන්නෙකු විසින්, ඇඟිලි භාවිතයෙන්, වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යැවීම සිදුකරනුයේ ක්‍රිකට් තණනිල්ලෙහි (පන්දුයවන්නාගේ දාෂ්ටි කෝණය පරිදී) දකුණෙහි සිට වමට පන්දුව දඟ කැවීම සඳහාය.

වමතින් ඕර්තඩොක්ස් පන්දු යවන්නන් සාමාන්‍යයෙන් උත්සාහ දරනුයේ, දකුණතින් පන්දුවට පහරදෙන පිතිකරුවෙකු දෙසට ගුවනෙහිදී පන්දුව පා කර යවා, ඉන්පසුව තණනිල්ල මත පතිතවීමෙන් පසුව පිතිකරුවා වෙතින් ඉවතට (පිට ඉන්න වෙතට) දඟ කැවීමට සැලැස්වීමටය. ගුවනෙහිදී පා වී යෑමට සැලසීම සහ දඟ කැවීම වනාහී ප්‍රහාරක ශිල්පක්‍රම වෙති. පිට බිඳුම් පන්දු යැවීම හෝ පිට දඟ පන්දු යැවීම මෙන්ම, වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යැවීමද පන්දුයැවීමේ ක්‍රම විධියකි.

වමතින් දඟ පන්දු යවන්නෙකුගේ ප්‍රධාන ප්‍රභේදනයන් වන්නේ උඩු දඟ පන්දු යැවීම (අඩුවෙන් දඟ කවමින් තණනිල්ලෙන් ඉපිලීම වැඩිමනත්ව කරනු ලැබේ), බාහු පන්දුව (කිසිම ලෙසකින් දඟ නොකැවෙන අතර, දකුණතින් පිත්ත හසුරුවන පිකිකරුවෙකු වෙත නම්, පන්දු යවන්නාගේ බාහුවෙහි චලන දිශාවට, පාවීමට සලසනු ලබයි; පාවෙනු ලබන යන අර්ථය දෙන 'ෆ්ලෝටර්' ලෙසින්ද හැඳින්වෙයි) සහ දුස්රාවක (මෙය අනෙක් පසට දඟ කැවෙයි) වමතින් දඟ පන්දු යවන්නෙකුගේ අනුවාදය යන්නන් වෙති. පිට බිඳුම් පන්දු යැවීම හෝ පිට දඟ පන්දු යැවීම මෙන්ම, වමතින් ඕර්තඩොක්ස් නොවන දඟ පන්දු යැවීමද පන්දුයැවීමේ ක්‍රම විධියකි.

සටහන්[සංස්කරණය]