සුමන ද්විතියීක පාසල

විකිපීඩියා වෙතින්
මප/නු/සුමන ද්විතීයික පාසල
Location
Map

ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගයද්විතියීක
ආදර්ශ පාඨයඅසව් ! දරව් ! හැසිරෙව් !
ආරම්භ කලේ1924 (වසර 100 කට පෙර) (1924)
විදුහල්පතිඩී.විජිත ද සිල්වා මයා
ශ්‍රේණි6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා
වර්ණ(ය)        

සුමන ද්විතියීක පාසල ([Sumana Secondary School ] Error: {{Lang-xx}}: text has italic markup (help)) ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පාසලකි. නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් මිශ්‍ර ද්විතියීක පාසලක් වන මෙම පාසල කොළඹ නුවරඑළිය ඒ 7 ප්‍රධාන මාර්ගයට යාබදව තලවකැලේ නගරයට මීටර 250 ක් පමණ ඈතින් දෙව්සිරිපුර ග්‍රාමයට මායිම්ව පිහිටා ඇත.මුහුදු මට්ටමේ සිට අඩි 3000 කට වැඩි උසකින් පිහිටා ඇති මෙම විදුහල දර්ශනීය කඳුපන්ති වලින් වටවූ මනරම් පරිසරයක පහස ලබයි.විදුහල ඉදිරිපසින් ඉහළ කොත්මලේ ජලාශයද නැගෙනහිර අන්තයේ ලෝක ප්‍රසිද්ධ ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්තිය ද පිහිටා ඇත.පාසලේ පෝෂක ප්‍රදේශය තුල සිංහල දෙමළ හා මුස්ලිම් ජනයා ජීවත් වන අතර සියළු ජාතීන්ට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 කට ආසන්න සංඛ්‍යාවක් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරනු ලබයි. මෙම පාසලේ විදුහල්පති ශ්‍රියානි මිය.

ඉතිහාසය[සංස්කරණය]

ක්‍රි.ව 1923 දී තලවාකැලේ පොදු වෙළඳ සංගමය විසින් තම දූ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා තලවාකැලේ නගරය ආශ්‍රිතව පාසලක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර අනතුරුව වෙළඳ සංගමයේ බලවත් උත්සාහය මත එය රජයට පවරාගන ක්‍රි.ව 1924-03-12 වන දින රාජ්‍ය පාසලක් ලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලදී. ආරම්භයේ දී තලවකැලේ සිංහල විද්‍යාලය නමින් හඳුන්වා ඇති මෙහි පළමුවන ශ්‍රේණියේ සිට සිව්වැනි ශ්‍රේණිය දක්වා පමණක් පංති පවත්වනු ලැබූ අතර සිංහල සහ දමිළ ජාතීන්ට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 ක් පමණ අධ්‍යාපනය හදාරනු ලැබීය. ප්‍රථම විදුහල්පති වශයෙන් ආර්.එම් ගුණතිලක මහතා කටයුතු කර ඇත. වර්ෂ 1937 පමණ විදුහල්පති වූ ඈපාතිලක මහතාගේ පාලන කාලසීමාව තුල කණිෂ්ඨ අංශයට පමණක් සීමාවී තිබූ යුගය නිමා කරමින් ජේෂ්ඨ අංශයක් ද ස්ථාපිත විය.

ක්‍රි.ව 1943 පමණ වන විට ජේෂ්ඨ සහතික පත්‍ර විභාගය සඳහාද පංති පැවැත්වුනු අතර 1950 දී ශිෂ්‍යාධාර 7/15 ක් පමණ දිනාගැනීමට සමත් විය. අධ්‍යාපන මට්ටම ඉහළ තත්වයක පැවති බැවින් ශිෂ්‍ය සංඛ්‍යාව 450 දක්වා ඉහළ නගින ලදී. වර්ෂ 1952 පමණ වන විට ශාරීරික අධ්‍යාපනය සඳහා ද කාල පරිච්ඡේදයක් වෙන්වූ අතර සමස්ථ ගුරු මණ්ඩලය 16 දක්වා ඉහළ යන ලදී.1954 දී විදුහල්පති ධූරයට පත් ටී බී අල්විස් මහතාගේ යුගයේ විදුහලට නව භූමි භාගයක් ද හිමි වූ අතර එහි ගොඩනැගිල්ලක් ඉදි කෙරිණි.එය වර්මාතමානයේ මෙම විදුහල පිහිටා ඇති දෙව්සිරිපුර ප්‍රදේශය යි.ඉන් පසු 1962 වර්ශයේ දී පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිවූ අතර එතෙක් පැවති නාමය වෙනුවට සුමන මහා විද්‍යාලය ලෙස භාවිත කිරීම ආරම්භ විය.

දැක්ම හා මෙහෙවර[සංස්කරණය]

දැක්ම: නැණ ගුණ සපිරි නිර්මාණශීලී සිසු දරු දැරියන් පිරිසක්
මෙහෙවර:පූර්ණ විෂය මාලාව ක්‍රියාවට නංවමින් හෙට ලොවට සරිලන පරිදි හිස අත හදවත පෝෂණය කරගත් පරිපූර්ණ දරු පරපුරක් සමාජයට දායාද කිරීම

=පාසල් ගීතය[සංස්කරණය]

විදුමිණ අප මාතා....//
පුදමින බැති ගී නමදිමි සිරිපා....//
විදුමිණ අප මාතා....//

සුමන මහා අප විදුහල් මාතා....//
කිතුගොස ජය දද හෙළදිව නංවා....//
සැරදේ සැරදේ සැම දින සැරදේ....//
විදුමිණ අප මාතා....//

විදු ණැන එඩි බල යස රැස පතුරා....//
හෙළ දරු කැළ නිති යහමඟ යොදවා....//
සැරදේ සැරදේ සැම දින සැරදේ....//
විදුමිණ අප මාතා....//

හිටපු විදුහල්පතිවරුන්[සංස්කරණය]

නම සිට දක්වා සේවා කාලය
ආර්.එම් ගුණතිලක මයා
1924
1926
03
ටී.බී පෙතියාගොඩ මයා
1926
1931
06
සී.බී එදිරිසිංහ මයා
1931
1934
04
ජී ජයසිංහ මයා
1934
1937
04
ඈපාතිලක මයා
1937
1945
09
එන්.ඒ චෛත්‍යලිංගම් මයා
1945
1946
02
එන් ආරියපාල මයා
1946
1947
02
ඒ.බී අල්විස් මයා
1947
1948
02
කේ.වී පෙරේරා මයා
1948
1950
03
කේ.බී හේරත් මයා
1950
1951
02

නම සිට දක්වා සේවා කාලය
ඒ.බී වික්‍රමසේකර මයා
1951
1954
04
ටී.වී අල්විස් මයා
1954
1962
09
එස්.කේ මෙත්තානන්ද මයා
1962
1963
02
ඩ්බ්.කේ.ජේ පෙරේරා මයා
1963
1964
02
එල්.එල්.පී කබ්‍රාල් මයා
1964
1967
03
බෙනට් ගුණසේකර මයා
1967
1969
03
එස්.එම් මාරසිංහ මයා
1970
1973
04
ඒ.බී.ජේ අත්තනායක මයා
1974
1974
01
පී.සී කරුණාතිලක මයා
1974
1975
01
පී.සෝමරතන හිමි
1975
1978
04

නම සිට දක්වා සේවා කාලය
ඩී.බී අලදෙනිය මයා
1978
1984
07
කේ.බී රත්නායක මයා
1984
1986
03
එම්.අබේරත්න මයා
1986
1987
02
පී.සී කරුණාතිලක මයා
1987
1993
07
මිණිපේ නාගිත හිමි
1993
2014
22
ඩී.ඩබ්ලිව්.ද සිල්වා මයා
2014
2018
04
කේ.පී ශ්‍රියාණි රේණුකා මිය
2018
මේ දක්වා
-

සමිති හා සංගම්[සංස්කරණය]

  • සිංහල සාහිත්‍ය සංගමය
  • බෞද්ධ සංගමය
  • වාණිජ සංගමය
  • විද්‍යා සංගමය
  • සිංහල වාද හා විවාද සංගමය
  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය

  • තොරතුරු තාක්ෂණ හා ජනමාධ්‍ය සංසදය
  • බාලදක්ෂ ඒකකය
  • පරිසර නියමු භට කණ්ඩය
  • මාර්ග ආරක්ෂක සංගමය
  • නව නිපැයුම් සංගමය


පිංතූර එකතුව[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුමන_ද්විතියීක_පාසල&oldid=593831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි