සුදත් මද්දුමහෙට්ටි

විකිපීඩියා වෙතින්

ලේක් හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කළ ක්‍රීඩා පුවත්පතට ලිපි සම්පාදකයෙකු ලෙස එක්වෙමින් 1998 වසරේදී සිය මාධ්‍ය ජීවිතය ඇරබිය. අනතුරුව "රාවය","නිජබිම ","සත්දින ","ලංකාදීප " යන පුවත්පත්වලට ලීවේය.ඉතාමත්ම ජනප්‍රියත්වයට පත්ව තිබූ "wedding day" මංගල සගරාවෙහි කතුවරයාද විය."ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ කාගේත් ආදරය දිනූ සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ මග පෙන්වීමේන් "ලක්ජන " පුවත්පතට සම්බන්ධවන සුදත්, පසුකලෙක උකුස්සා පුවත් පතෙහි ප්‍රධාන කර්තෘ ලෙසින් කටයුතු කළේය. ඔහු ලියූ ලිපි හේතුවෙන් අවස්ථා ගණනාවකදීම මරණ තර්ජනවලට මුහුණ දෙන්නට සිදුවිය. විශේෂයෙන් උකුස්සා පුවත්පතින් ඉදිරිපත්කළ මත්ද්‍රව්‍ය ජාවාරම්, දේශපාලන ඝාතන, දූෂණ වංචා හා අනෙකුත් ගවේෂණාත්මක තොරතුරු නිසා අවස්ථා රැසකදීම සුදත් මද්දුමහෙට්ටි මැර ප්‍රහාරවලට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ලදි.

පුවත්පත් කලාව මෙන්ම ග්‍රන්ථ රචනයෙන්ද සුදත් මද්දුමහෙට්ටි සිය ලේඛන ප්‍රතිභාව විදහා දැක්විය. ඔහු විසින් රචිත "පුංච් සුරංගනාවි ","දියුණුවේ රහස් ", "මංගල ජයාරූපකරණය"සහ "යුක්තියේ හෘද සාක්ෂිය " යන කෘතීන් ඉතාමත් ජනප්‍රියත්වයට පත්විය.

"https://si.wikipedia.org/w/index.php?title=සුදත්_මද්දුමහෙට්ටි&oldid=629573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි