Jump to content

සුගත් චන්ද්‍රසිරි බණ්ඩාර

විකිපීඩියා වෙතින්
සුගත් චන්ද්‍රසිරි බණ්ඩාර
පරම වීර විභූෂන
උපතබිබිලේ, ශ්‍රී ලංකාව
මරණය2009 පෙබරවාරි 3
පුදුකුඩිඉරිප්පු, ශ්‍රී ලංකාව
පක්ෂපාතිත්වයශ්‍රී ලංකාව
සේවා ඇණිය/අංශයශ්‍රී ලංකා යුධ හමුදාව
ශ්‍රේණියසැරයන්
ඒකකයශ්‍රී ලංකා යුද හමූදා විශේෂ බලකාය
සටන්/යුද්ධඊලාම් යුද්ධය IV
ප්‍රදානපරම වීර විභූෂනය
කලත්‍රය(න්)මංගලිකා (බිරිඳ)
ඥාතීන්1 දියනියක්

දිසානායක මුදියන්සේලාගෙ සුගත් චන්ද්‍රසිරි බන්ඩාර ශ්‍රී ලංකා යුද හමුදා සොල්දාදුවකු වේ. ඔහු ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයේ අවසාන භාගය වූ, හතරවෙනි ඊලාම් යුද්ධයේදි හමුදාවේ විශේෂ බලකා රෙජිමෙන්තුවේ සේවය කරන ලදි. චන්ද්‍රසිරි බණ්ඩාර තම ජීවිතය කැපකරමින් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් වැළක්වීමට කටයුතු කිරීම හේතුවෙන්, ඔහුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම හමුදා ප්‍රදානය වූ, පරම වීර විභූෂනයෙන් පිදුම් දෙන ලදීය.

පුද්ගලික ජීවිතය[සංස්කරණය]

චන්ද්‍රසිරි බණ්ඩාර මොනරාගල දිස්ත්‍රික්කයේ, බිබිලේ නගරයේ උපත ලදීය. ඔහුගෙ බිරිඳ වූ මංගලිකා සමග විවාහයෙන් පසු ඔවුන් රත්මලානෙහි පදිංචි වූ අතර ඔවුන් දෙදෙනාට එක් දියනියක් විය.

වෘත්තිය[සංස්කරණය]

2009 පෙබරවාරි 3 ක්‍රියාන්විතය[සංස්කරණය]

2009 පෙබරවාරි මුල වනවිට, ශ්‍රී ලංකානු හමුදාවෝ කොටි හමුදාවන් පුදුකුඩිඉරිප්පු හි කුඩා ප්‍රදේශයකට සීමා කොට තිබූහ. 2009 පෙබරාවාරි 3 වැනිදා, කොටි හමුදාව ප්‍රහාරයක් එල්ල කල අතර, හමුදාවේ 4 වෙනි කාර්‍ය බලකාය (පසුව 64 වෙනි අංශය) එයින් පසුබැස්සහ. මේ අතර, 2 වෙනි විශේෂ බලකායේ ඒකක මෙම ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා කැඳවන ලදි. මේ වන විට චන්ද්‍රසිරි බන්ඩාර එම බලකායේ කෝප්‍රල්වරයෙකු ලෙස සේවය කරමින් සිටියේය.

කොටි ත්‍රස්තයින් මෙම විශේෂ බලකාය වෙත මරාගෙන-මැරෙන, පුපුරන ද්‍රව්‍ය සහිත, සන්නාහ-තහඩු වලින් යුත් ට්‍රක් රථයක් එවන ලදි. සැහැල්ලු ගිනි අවි වලින් එල්ල කරන ප්‍රහාර මෙම ට්‍රක් රථය නැවැත්වීමට සමත් නොවූ අතර, RPG-7 රොකට් විදිනයකින් සන්නද්ධ වූ චන්ද්‍රසිරි බන්ඩාර එයින් ට්‍රක් රථය විනාශ කිරීම සඳහා ඉදිරියට ගියේය. ඔහු ට්‍රක් රථය වෙත රොකට්ටුවක් එල්ල කලත් එය පිපිරී ගියේ නැත. චන්ද්‍රසිරි බණ්ඩාර ඉක්මනින් තවත් රොකට්ටුවක්, රොකට් විදිනයට ඇතුලු කලේය.

ඒ වනවිට ට්‍රක් රථය ඉතා ආසන්නයට පැමිණ තිබූ අතර ඊළඟ රොකට්ටුවද එයට එල්ල කලහොත් තමාද ඒ පිපිරීමට හසුවන බව චන්ද්‍රසිරි බන්ඩාරට වැටහිනි. කෙසේ නමුත් ඔහු ඉතා ඉක්මන් තීරනයකින් ඊළඟ රොකට්ටුවද ට්‍රක් රථයට එල්ල කලේය. ට්‍රක් රථයේ සන්නාහය විනිවිද ගිය රොකට්ටුව එය තුලදී පුපුරා ගියේ එය සම්පූර්නයෙන්ම විනාශ කරමිනි. පිපිරීමට හසුවූ චන්ද්‍රසිරි බණ්ඩාර සොල්දාදුවා මරණයට පත් වූවත්, එම කණ්ඩායමේ සිටි බොහෝ සොල්දාදුවන් ජීවිතය බේරාගන්නට සමත් විය.

ඇවෑමෙන් පසු[සංස්කරණය]

කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාර මරණයෙන් පසු සැරයන් තනතුරට උසස් කරන ලදි. තවද, ඔහුගේ ක්‍රියාවන්ට පරම වීර විභූෂනයද යෝජන කෙරුනු අතර 2012 මැයි 16 වැනිදා ආරක්ෂක ලේකම් ගැසට් ප්‍රකාශනයකින් දැනුම් දෙන ලද්දේ චන්ද්‍රසිරි බණ්ඩාර ඇතුලු 14 දෙනෙකුට මෙම පදක්කම හිමි වන බවයි.

2012 මැයි 19 වන දින, යුද්ධය අවසන් වී වසර තුනක් ගතවන දින, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම පදක්කම චන්ද්‍රසිරි බණ්ඩාර වෙනුවෙන් ඔහුගේ සමීපතමයෙකුට ප්‍රදානය කරන ලදි. විශේෂ බලකායෙන් මේ පදක්කම ලැබූ හතර වැනියා ඔහු විය. ඔහු නියත මරණය හමුවේ, තමාගෙ ජීවිතය වෙනුවෙන් පසු නොබැස, තම සහෘදයින්ගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් ක්‍රියා කිරීම අතිශයින් පැසසුමට ලක්විය. ඔහුගේ සහ එම රෙජිමෙන්තුවේ එම පදක්කම ලැබූ අනෙක් අයගේ නම් වවුනියාවේ පිහිටි ඔවුන්ගේ බලකා මූලස්ථානයේ ඇති විශේෂ සමරු පලකයක සටහන් කොට ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

Sugath Chandrasiri Bandara - Wikipedia