සිළුමිණි සෑය

විකිපීඩියා වෙතින්

දුටු පමණින් නෙත් සිත් බැතිබරව පින්බරව පහන් කරවන අපූර්වතම චෛත්‍ය නිර්මාණයක් කුලියාපිටිය නැගෙනහිර හොරොම්බාව තැඹිලිපිටිය ශ්‍රී ධර්මවර්ධනාරාම මහා විහාරස්ථානය භූමියෙහි අභිනවයෙන් ඉදිකර ඇත.

ඉතා සුවිශේෂී මනස්කාන්ත මෙම අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ , 1996 වස⁣රෙහි ආරම්භ කොට 2004 වසරෙහි සියලු වැඩ නිමවා බුදු සසුනට පූජා කිරීමේ පින්බර උළෙල ජනවාරි 7වන දිනට යෙදුණු දුරුතු පුර පසලොස්වක පොහෝ දින උදෑසන ගිහි පැවදි විශාල පිරිසකගේ සාදුකාර හඬ මධ්‍යයේ සිදු කෙරිණි.

මේ චෛත්‍ය රාජයා පිහිටි තැඹිලිපිටිය ශ්‍රී ධර්මවර්ධනාරාම මහා විහාරස්ථානයට පිවිසිය හැක්කේ කුලියාපිටිය නාරම්මල මාර්ගයේ පල්ලේගෙදර හන්දියෙන් වමට විහිදෙන තාර පාරේ සැතපුම් හතර හමාරක් පමණ යාමෙනි.

මෙම අපූර්වතම නිර්මාණයේ සියලු බරපැන දරා ඇත්තේ ගම්පහ පදිංචි දානපති පරිත්‍යාගශීලියෙකු වූ ආනන්ද සුබසිංහ මහතා විසිනි.

මෙම මාහැඟි චෛත්‍ය නිර්මාණය සඳහා වැය වූ බරපැන පිළිබඳ විස්තර පැවසීමට ආනන්ද සුබසිංහ මහතා උත්සුක නොවේ.

⁣එමෙන්ම මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ශාසනයට පූජා කිරීමේ උත්සව අවස්ථාව ද බාහිර ආටෝප වලින් තොරව ඉතා චාම් එහෙත් බුදු බැතියෙන් සිත් සතන් ආලෝලනය කෙරෙන සැදැහැ සරණීය උළෙලක් විය. ප්‍රධාන හෝ සම්භාවනීය අමුත්තන් කිසිවෙක් එහි නොවීම විශේෂ ය.

සුබසිංහ මහතා පවසන්නේ මෙම චෛත්‍ය රාජයාණන් තමනට පසුගිය ආත්මයක දී කිරීමට නොහැකි වූ කාර්යයක් මල්පල ගැන්වීමක් ලෙසයි . ආනන්ද සුබසිංහ මහතා සුදු නෙළුම් මල් වට්ටියක් පිළිගන්වමින් සිය මෑණියන් වූ ආර්. ඒ . ලීලාවතී මාතාවට සංඝරත්නයට අතපැන් වත්කර චෛත්‍ය රාජයාණන් බුද්ධ ශාසනයට පූජා කරන ලෙස ආරාධනා කළාය. චෛත්‍ය පුජාව සිදුවන අසිරිමත් අවස්ථාවේ රැස්ව සිටි ගිහි පැවදි විශාල පිරිසකගේ සාදුකාර හඬ මධ්‍යයේ අදෘශ්‍යමාන දේ බඹුන්ද සාදුකාර දුන්නාට සැක නැත .

නව චෛත්‍යයක් ඉදිකිරීම පිළිබඳ අදහසක් තිබුණෙ ද ඒ සඳහා සැලැස්මක් සුබසිංහ මහතාට තිබී නැත . දිනක් නින්දෙන් අවදිවන සුබසිංහ මහතා තමාට සිහිනෙන් පෙන්වූ තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය මේ යැයි සැලැස්මක් නිර්මාණය කොට මෙම පෙර නොවූවිරූ චෛත්‍ය නිර්මාණ කාර්යන් ආරම්භ කොට තිබෙනවා.

මෙම අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ ඒ වටා සක්මන් මළු තුනක් වෙයි. චෛත්‍යයේ ප්‍රධාන ඝරයේ ⁣සිව් දෙසට මුහුණලා දොරටු සතරකි. ප්‍රධාන ඝරය ඇතුලත චෛත්‍යයකි. එම සාමාන්‍ය ප්‍රමාණයේ චෛත්‍ය සතර පැත්තෙන් වු මල් ආසන සතර මත කළු ගලෙන් නෙළන ලද සමාධි බුදු පිළිම සතරකි . එම සෙල්මුවා බුද්ධ ප්‍රතිමා ඉන්දියාවේ තම්ල්නාඩු ප්‍රාන්තයේ එරට නිර්මාණ ශිල්පියකු අතන් නිමවා මෙරටට වැඩමවන ලද්දකි . එයින් පිළිඹිබු කෙරෙන්නේ මෙම මහා භද්‍ර කල්පයෙහි ලොව බුදු වී වදාළ කකුසඳ ,කෝනාගම , කාෂ්‍යප , ගෞතම යන සිව් බුදුරජාණන් වහන්සේලා ය.

ප්‍රධාන ඝරය ඉස්මත්තෙහි නෙලුම් පෙති ආකෘති හතරකින් යුත් අංගනයකි. එම නෙලුම් පෙති හතර මත වූ කුඩා චෛත්‍ය හතර පරිවාර කොටගත් විසල් චෛත්‍යයක් ඒ මත වෙයි . සර්වඥ ධාතුන් වහන්සේලා ඇතුළුව කේශ ධාතූන් වහන්සේලා සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලා , මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා , සීවලී මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා , මලියදේව මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මෙම චෛත්‍ය ගර්භයෙහි නිධන් කර ඇත.

තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයේ සැබෑ ම ආකෘතියකැයි නිතැතින්ම සිතෙන මෙම සෑය ලක්දිව කිසිදු තැනක තියා ලෝක⁣යේ කිසිදු රටක මින් පෙර ඉඳි නොවුණු නිර්මාණයක් බව නම් නොවනුමානය.

සිළුමිණි චෛත්‍ය වන්දනා ගාථාව

සද්ධාධිකෙන සුබසීහ මහාසයෙන - කාරාපිතං තැඹිලිපිටඨි විහාර ගාමෙ - කෙසාදි ධාතු නිහිතං මුනිතෝ සුර මමං - "චුලාමණිං" විරල ථූප මිමං නමාමි.

අධික ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්ත වූ සුබසිංහ නම් මහතා විසින් තැඹිලිපිටිය විහාර ග්‍රාමයෙහි කරවන ලද බුදු රජාණන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා ප්‍රධාන ධාතුන් වහන්සේලා තැම්පත් කරන ලද අති පූජනීය වූ ද ඇති රමණීය වූ ද මේ "සිළුමිණි" චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

"https://si.wikipedia.org/w/index.php?title=සිළුමිණි_සෑය&oldid=437821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි