සිරිල් ධර්මවර්ධන

විකිපීඩියා වෙතින්
සිරිල් ධර්මවර්ධන (Cyril Dharmawardhana)
ගොනුව:Cyril Dharmawardhana2.jpg
Mr. Cyril Dharmawardhana at party organized for the TV drama "Hiruta Muwawen"
උපත8th of January 1946
මියගිය දිනය8th of November 2013
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දී
ජාතිකත්වයශ්‍රී ලාංකික (සිංහල ) Sri Lankan
උගත් ශාස්ත්‍රාලයRichmond Collage, Galle
රැකියාවගුරු වෘත්තිය, වේදිකා,සිනමා හා ටෙලි නාට්‍ය රංගනය
සක්‍රීය වසර1976-2013
සංවිධානයCyril Dharmawardhana Foundation
දේශපාලන පක්ෂයUnited National Party
කලත්‍රයා(යන්)Swarnakanthi Rajapakse
දරුවන්1 son (Binara Dharmawardhana)

සිරිල් ධර්මවර්ධන යනු වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය යන කලා ක්ෂේත්‍ර ත්‍රිත්වයෙහිම දක්ෂතා දැක්වූ විශිෂ්ට රංගන ශිල්පියෙක් මෙන්ම ක්‍රියාකාරී මානව හිතවාදියෙකු සහ දේශපාලඥයෙකුද විය.

හෙන්රි ජයසේන මහතාගේ "මනරංජන වැඩ වර්ජන" වේදිකා නාට්‍ය තුලින් රංගනයට පිවිසි සිරිල් ධර්මවර්ධනයන් පෙනහළු පිළිකාවකට ගොදුරුව 2013 වසරේදී ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වන තුරුම ක්‍රියාකාරී ලෙස කලාවෙහි සහ දේශපාලනයෙහි නිරත වූ අතර. එතුමාගේ අභාවයෙන් පසුව එතුමාගේ පුතු බිනර ධර්මවර්ධන විසින් ආරම්භ කරන ලද "සිරිල් ධර්මවර්ධන පදනම (CDF) " මඟින් ලංකාවේ විවිධ පළාත් වල සිටින සුව කළ නොහැකි රෝග වලින් පෙළෙන රෝගීන් සඳහා නොමිලයේ ක්‍රියාත්මක වන ගිලන් රථ සේවාවක් ලබාදෙයි.

රඟපෑ වේදිකා නාට්‍ය[සංස්කරණය]

රඟපෑ ටෙලි නාට්‍ය[සංස්කරණය]

රඟපෑ චිත්‍රපට[සංස්කරණය]

දේශපාලන ජිවිතය[සංස්කරණය]

සිරිල් ධර්මවර්ධන මහතා ,විජය කුමාරතුංගයන් සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවාගත් ආරම්භක සාමාජිකයන්ගෙන් කෙනෙකි.රත්ගම ප්‍රදේශයේ සභා නායක ධූරය හෙබවූ හෙතෙම දකුණු පළාත් සභාවද නියෝජනය කළේය. විජය කුමාරණතුංග ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් 141 ක් පමණ සාහසිකයන් අතින් ඝාතනය විය.විජය කුමාරණතුංගයන්ගේ බිරිඳ  චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පසු ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වූවාය. එම ඝාතනයන් සිදුකළ බවට  සැලකෙන දේශපාලන පක්ෂය සමඟ සන්ධානගතවීමට චන්ද්‍රිකා ජනපතිනියගේ රජය තීරණය කිරීම සමඟ කලකිරීමට පත්වූ ධර්මවර්ධනයන් පසුකාලීනව එක්සත් ජාතික පක්ෂය (UNP) ට එක්විය.

මුලාශ්‍ර[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]

http://cinema.lk/cyril-dharmawardena-paper-article/

http://archives.sarasaviya.lk/2013/11/14/?fn=sa13111422

"https://si.wikipedia.org/w/index.php?title=සිරිල්_ධර්මවර්ධන&oldid=586727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි