සියරා ලියෝන්

විකිපීඩියා වෙතින්
tiny globe
ජාතික කොඩිය
ආදර්ශ පාඨය "එකමුතුබව, නිදහස, විනිසුරු"
අගනුවර හා විශාලතම නගරය ෆ්‍රීටවුන් - උතුරු අක්ෂාංශ 8° 29.067′ බටහිරදේෂාංශ 13° 14.067′
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි
රාජ්‍යය ව්‍යවස්ථා සමූහාණ්ඩුව
ජාතික භාෂාව ක්‍රියෝ කතා කිරීම ජනගහණයෙන් 97% කි
ජනාධිපති එමස්ථ බායි කොරොමා (APC)
උප ජනාධිපති අල්හජි සමුවල් සැම් - සුමානා (APC)
පාර්ලිමේන්තු කථානායක අබෙල් තනනියල් බැන්කොලේ ස්ට්‍රොන්ජ් (APC)
අග විනිසුරු උමු හාවා ටෙජාන් ප්ලෝන්
නිදහස එක්සත් රාජධානිය සිට 1961 අප්‍රේල් 27
සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරිම 19 අප්‍රේල් 1971
    වර්ග ප්‍රමාණය
එකතුව 71,740 වර්ග කිලෝමීටර
27,699 වර්ග සැතපුම්
ජලය (%) 1.1
ජනගහනය ජුලි 2009 තක්සේරුව - 6,440,053
ඝනත්වය 79.4 වර්ග කිලෝමීටර
205.66 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් 4,286 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 725
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 1.953 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 331
ගිනි (2003) 62.9 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.365 (සුපිරි ලෙස පහළ)
මුදල් ලිඕන් (SLL)
මං තීරැව දකුණ
අන්තර්ජාලය .si
දුරකතන සංකේත 232

සියරා ලියෝන් සමූහාණ්ඩුව බටහිර අප්‍රිකානු රටකි. මායිම් උතුරින් ගිනියා.ගිනිකොණින් ලයිබීරියාව හා නිරිතදිගින් අත්ලාන්තික් සාගරයට අයත්ය. වර්ග මීටර් 71,440 වර්ග කිලෝමීටර (වර්ග සැතපුම් 27,699) හා ජනගහනය මිලියන 6.4 කි. මෙහි ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුවක් හා බටහිර ප්‍රදේශයේ පළාත් 03 ක් හා නැවත පළාත් 14 කට බෙදේ. සෞම්‍ය දේශපාලනයක් ඇති අතර ෆ්‍රීටවුන් අගනුවර වේ. රාජ්‍ය භාෂාව ඉංග්‍රීසිය.නමුත් ක්‍රියෝ භාෂාව රටේ බහුලව කතා කරන භාෂාවයි. එය ජනගහනයෙන් 97% ක් භාවිතා කරන භාෂාවයි. මෙහි වෙසෙන ජනවර්ග 15 ක් සියරා ලියෝන් හි රට වාසීන් ලෙස සැලකේ. විශාලම ජනවර්ග 02 වන්නේ මෙන්ඩේ සහ ටෙමිනේ වේ. මොවුන් මුළු ජනගහනයෙන් 30% කි. මෙහි සාරවත් ඛනිජ සම්පත් ඇති අතර පතල් මැණික් ආර්ථිකයේ ප්‍රධාන වේ. ලෝකයේ මැණික් නිෂ්පාදනයේ ඉහළම 10 දෙනා අතර සිටී.ලෝකයේ විශාලතම ස්වාභාවික වරායන්ගෙන් 03 වන විශාලතම වරාය පවතී. මෙහි ආදිවාසීන් වන්නේ ෂර්බි, ටෙමිනේ, ලිම්බා, සහ ටයිරාය. 1462 එහි පැමිණි පෙට්‍රෝද සින්ටා මෙහි නම තැබීය. 1808 ‍ෆ්‍රීටවූ බ්‍රිතාන්‍ය කොළනියක් විය. 1896 රට ඇතුළත බ්‍රිතාන්‍ය ආරක්ෂකයන් විය. 1961 දෙකම එකතුවෙන් නිදහස ලැබීය. දශක 02 තුළ රජය පාලනය නොසලකා හැරි අතර ලිබියානු අරගලය එහි මායිම් අතරට යාමෙන් සෙයිරා ලියෝන් සිවිල් යුද්ධය ආරම්භ විය. 2000 වර්ෂයේ දී එය සමතයට පත්විය.පලීසං ක්‍රියාන්විතයෙන් සතුරු හමුදා පරාජය කළ අතර 1988 සිවිල් ආණ්ඩුවක් පත් කර ගැණුනි. මෙහි විශේෂ අධිකරණය 2002 වර්ෂයේ පිහිටුවන අතර එයින් 1996 සිට පැවති යුධ අපරාධ හා මානව අපරාධ විසඳන ලදී. මෙය මානව වර්ධනයේ පහළම මට්ටමේ සිටින 03 වන රට වන අතර, සහ මානව දිළිඳු ලැයිස්තුවේ( Human Poverty Index ) 07 වන පහළම ස්ථානයේ සිටී.

"https://si.wikipedia.org/w/index.php?title=සියරා_ලියෝන්&oldid=587403" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි