සිනෙමා ෆෝඩී (මෘදුකාංගය)

විකිපීඩියා වෙතින්
Maxon CINEMA 4D
Screenshot of CINEMA 4D Release 12 running under Windows 7
සංවර්ධක(යෝ)MAXON Computer GmbH
ස්ථායි නිකුතුව
R12.048 / June, 2011
මෙහෙයුම් පද්ධතියMac OS X, Microsoft Windows, Linux
වර්ගය3D computer graphics
බලපත්‍රයProprietary
වෙබ් අඩවියMaxon CINEMA 4D site

සිනෙමා ෆෝඩී යනු සුප්‍රසිද්ධ ත්‍රිමාන වැඩසටහනකි. එය චිත්‍රපටවල වඩා ජනප්‍රිය වී තිබේ. එයට හේතු වී ඇත්තේ එය සාර්ථක ලෙස (composing ) වැඩසටහන් සමඟ සම්බන්ධ වී තිබීමය. එසේම එය ඉතා දැකුම්කළු මෙන් ම භාවිතයට පහසු වන ලෙස සකස් කර තිබීමද එහි ජනප්‍රියත්වය සඳහා බලපා තිබේ. මෙම ක්‍රමවේදය පෝලර් එක්ස්ප්‍රස් (polar Express) ඕපන් සීසන් (open season) හා මොන්ස්ටර් හවුස් (Monster Mouse) වැනි චිත්‍රපට සඳහා භාවිතා කර ඇත. මෙම වැඩසටහන දැනට වැඩියෙන් භාවිතා වන්නේ ත්‍රිමාන වැඩසටහන්වල ක්‍රියාත්මක වන සමුහ (points) (Vertices) සමඟය. මෙහි දි ත්‍රිමාන ඡායාව නිර්මාණය වන්නේ වස්තු වල තුන්පිට කිහිපයක් නිරූපණය කිරීමෙනි. නිසල ඡායාරූප, චිත්‍රපට මෙන්ම ස්භාව ධර්මය ද මෙම ක්‍රමවේදය ඔස්සේ නිරූපණය කළ හැකිය.


එයට ඊට ආවේණික වූ පරිගණක භාෂාවක් ඇත.

C.O.F.F.E.E වන මෙය Jscript හා වඩාත් භාවිතා C++API සමාන වේ. මිල රහිත C++SDK (plugins) සඳහා යොදා ගන්නා අතර එය එයට ම යොදා ගන්නා මෘදුකාංගයකින් ද සමන්විත වේ. තවද මෙය (plug in cafe) වලින් ලබාගත හැක.


මැක්සන් (MAXON) ආයතනය විසින් වැඩසටහන් හතරක් හදුන්වා දී ඇත. එනම්, (The care cinema 4D application) ද කෙයාර් සිනොමා ෆෝඩ් ඇප්ලිකේෂන්, (the excel bundle) ද එක්සෙල් බන්ඩින් (Net render (3 license) PyroCluster, Advanced Render, MOCCA and Thinking particles)ඇතුලත්ව , (the studio bundle) ද ස්ටුඩියෝ බන්ඩිල් , මෙය සෑම මොඩුයුල වලින් හා Cinema 4 D වලින් ද සේවා සහතිකයක් ද තවත් නවීන අංග වලින් ද සමන්විත වේ. මෙම මාදිලිය ලබාගත හැක්කේ විශේෂ ඉල්ලීමක් මත පමණි.


පළමුව Cinema 4 D නිපදවන ලද්දේ අටිගා (Amiga) පරිගණක සඳහාය නමුත් පසු කාලයේ දී එය මැක් (Mac), ඕ එස් එක්ස් (Mac OS X) මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් (Microsoft windows) මෙන්ම වර්තමාන ලිනක්ස් (Linux.) සඳහා ද ඉදිරිපත් කර ඇත.


සෑම මැක්සන් (MAXON) භාවිතාකරන්නෙකුටම ත්‍රිමාණ මෘදුකාංග සඳහා ලගා වීමට ඔවුන්ගේ මෘදුකාංග හරහා ඉඩ ලබා දී ඇත. පුහුණු ඩීවීඩී තැටි හා ජි. බී වලට වැඩි ප්‍රමාණයක උපදේශක (ජර්මානු බසින් හා ඉංග්රීසි බසින් ) මෙයට උපකාර වී ඇත. තවද මැක්සන් (MAXON) ඉගෙන ගන්නා පිරිසට සම්බන්ධ වීමට සිනවෙන්ස්ඩි ඩොට් කොම් (cinevencdy.com) නමැති සමාජයක් ද පිහිටුවා ඇත. තවද මීට අමතරව ෆෝඩ් කැෆේ (4D café), (Spanish forum) හා සි ජි ටෝක් (CG talk) වැනි සජීවි සන්නිවේදන පහසුකම් ද සලසා දී තිබේ. මැක්සන් (MAXON) HQMC ලියවිලි හා උපදේශන එකට එකතු කර මෘදුකාංග සමඟ ලබා දීමක් සිදු කරයි.


සිනෙමා ෆෝඩී (cinema 4D) අඩොබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් (Adobe after effects) මඟින් දක්වා ඇති පරිදි.