සිනමා ක්‍රමවේදය

විකිපීඩියා වෙතින්
මිලිමීටර් 16 දුනු එතුම් බොලෙක්ස් H 16 Reflex කැමරාවක් මෙහි දැක්වේ. මෙය සිනමා කර්මාන්තය ඉගැන්වෙන පාසැල් වලදී ප්‍රචලිතව භාවිතා වේ.


සිනමාව යන පදය මගින් චිත්‍රපටි, කලාවක් ලෙස චිත්‍රපට චිත්‍රපටි ක්ෂේත්‍රය සහ චිත්‍රපට කර්මාන්තය යන සියල්ල හැඳින්විය හැකිය. සිනමා නිර්මාණයන් සිදු කිරීමේදී විවිධ රූපරාමු කැමරා මගින් පටිගත කිරීම් නැතහොත් සජීවිකරණ ක්‍රම භාවිතය මගින් රූපරාමු නිර්මාණය හෝ විශේෂ ප්‍රයෝග භාවිතා කිරීම සිදුකෙරේ.

චිත්‍රපට නිෂ්චිත සංස්කෘතීන් මගින් නිර්මාණය කෙරුණු සංස්කෘතිකමය මානව කෘතීන් ලෙස සැලකිය හැකිය. පෙරළා ඒවා මගින් සංස්කෘතිය වෙත ද බලපෑම් ඇති කරයි. ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයක් මෙන්ම පුරවැසි අධ්‍යාපනය (හෝ අධි ශික්ෂණය) සඳහා ප්‍රබල ක්‍රමවේදයක් සහ කලාත්මක නිර්මාණයක් ලෙස චිත්‍රපට සැලකිය හැකිය. සිනමාවෙහි දෘෂ්‍ය ගුණය හේතුවෙන් එය සතුව විශ්වීය සන්නිවේදක හැකියාවක් පවතියි. ඇතැම් චිත්‍රපට හඬකැවීම් හෝ උපසිරැසි (මෙහිදි සංවාද පරිවර්තනය කොට ඉදිරිපත් කෙරෙයි) යොදාගැනීමෙන් ලොව පුරා ප්‍රසිද්ධ නිර්මාණ බවට පත්ව ඇත.

සාම්ප්‍රදායික ක්‍රමයේදී චිත්‍රපටයක් තනි තනි රූපරාමු රැසකින් යුක්ත වේ. මෙම රූපරාමුව එකදිගට වේගවත්ව ප්‍රදර්ශනය කරන විට නිරීක්ෂකයා හට චලනයක් සිදුවේ යැයි හැඟේ. මෙහිදී රූපරාමු මාරුවන අයුරු නිරීක්ෂකයා හට දැකිය නොහැකිවේ. ඊට හේතුව ඇස තුළ අපට පෙනෙන යම් වස්තුවක්, එම වස්තුව මුල් පිහිටුමෙන් ඉවත් වු පසුව ද තත්පරයකින් කුඩා කාලයක් දක්වා එම රූපය පැවතීමේ ආචරණයයි. (Persistence of Vision) ඒ අනුව නිරීක්ෂකයන් චලනයක් සිදුවේ යැයි තීරණය කරන අතර ඒ සඳහා බීටා චලනය නම් මානසික ආචරණය හේතුවේ.

චිත්‍රපටි හැඳින්වීමට භාවිතා වන ඉංග්‍රීසි වචනය “Film” නම්වේ. මෙය අතීතයේදී චිත්‍රපටි පටිගත කිරීම සහ ප්‍රදර්ශනය සඳහා භාවිතා කළ මූලික මාධ්‍ය වන ඡායාරූප පටල (Photographic film – Film Stock) හැදින්වීම සඳහා භාවිතා වූ ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආ පදයකි. චිත්‍රපටියක් හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් විවිධ නම් භාවිතා කළ හැකිය. (picture, picture show, photo play, flick සහ වඩාත් පොදුවේ movie) මෙම ක්ෂේත්‍රය හැඳින්වීමට භාවිතා වන අනෙකුත් පදයන් අතරට රිදී තිරය වැනි යෙදුම් පෙන්වා දිය හැකිය. (the big screen, the silver screen, the cinema, the movies)

සටහන්[සංස්කරණය]

Film
"https://si.wikipedia.org/w/index.php?title=සිනමා_ක්‍රමවේදය&oldid=464444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි