සිදුරු පත
Jump to navigation
Jump to search
සිදුරු කළ කාඩ්පත, සිදුරු පත, අයිබීඑම් පත, හෝ හොලරිත් පත යනු, සංඛ්‍යාංක තොරතුරු ඇතුළත් ඝනකම් කොළයකි. එහි පෙර හඳුනාගත් ස්ථානවල සිදුරු තිබීම හෝ නොතිබීම මත තොරතුරු අඩංගු වේ. දැන් මුළුමණින්ම වාගේ අභාවයට ගිය දත්ත සැටහුම් ක්‍රමයක් වන මෙය 19 වැනි ශත වර්ෂයේදී රෙදි විවීම් යන්ත්‍ර සඳහා භාවිතයට ගැනුණු අතර 20 වෙනි සියවසේ මුල් භාගයේදී සල්පිල් අංග හා ආශ්‍රිත උපකරණවලට භාවිතයට ගැනුණි. විසිවන ශත වර්ෂය පුරා ඒකක සටහන් යන්ත්‍රවල දත්ත ඇතුළත් කිරීම, සැකසුමට හා දත්ත ගබඩා කිරීමට භාවිතයට ගැනුණි. මුල් අංඛිත පරිගණකවල දත්ත ඇතුළත් කිරීමේ මූලික ක්‍රමය ලෙස සිදුරු පත් භාවිතා කරන ලදී. ඇතැම් ඡන්ද ගණන් කිරීමේ යන්ත්‍ර ද සිදුරුපත් ක්‍රමලේඛ මගින් ක්‍රියාත්මක වේ.